පොහොට්ටුවේ ඉන්නේ හොරු.. ඔවුන් එක්ක ආණ්ඩු කරන්න බෑ..- ජනපති

January 31, 2018 at 8:40 am | lanka C news
පොහොට්ටුවේ ඉන්නේ හොරු.. ඔවුන් එක්ක ආණ්ඩු කරන්න බෑ..- ජනපති

සොරුන් රැකගැනීම සහ සොරුන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් විසින් පිහිටුවාගත් පක්ෂයට කිසිදා නොකිළිටි දේශපාලන ගමනක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 96 දෙනාටම තමා සමඟ එක පෙළට සිට ගන්නට පැමිණෙන්නැයි තමන් ඇරයුම් කළේ තම දේශපාලන ප්‍රතිපත්තිය සමඟ ඇතැමුන්ට එකඟවිය නොහැකි බව නොදැන සිටි නිසා නොවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

වංචාව දූෂණය උදෙසා තම අරමුණු ඉටු කර ගැනීමට කවුරුන් කෙසේ කටයුතු කරමින් සිටිය ද රටට අවශ්‍ය නොකිළිටි දේශපාලන ව්‍යාපාරය කුමන අභියෝග හමුවේ වුව ද ජය ගන්නා බව අවධාරණය කළ ජනාධිපතිවරයා සොරුන් නොවන, සොරකම් නොකරන සහ සොරකම්කළ බවට චෝදනා නොමැති පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාට පිරිසිදු රජයක් ගොඩනඟාගනිමින් ඉදිරියට යාමට තමා ඇරයුම් කරන බව ද කියා සිටියේය.

2015 වසරේ ජනාධිපතිවරණයෙන් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම පෙබරවාරි 10 වනදා පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකි අයුරින් මේවන විට ශක්තිමත් කර තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් අපේක්ෂා කරන රටට ආදරය කරන සියලු ජනතාව ඒ සමඟ අද අත්වැල් බැඳගෙන සිටින බව ද කියා සිටියේය.

1994 පිහිටුවාගත් ආණ්ඩුවේ පළමු පනත වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනත සම්මතකරගෙන මේ වන විට වසර 23 ක් ගතව තිබුණ ද එම වසර විසි තුන පුරාවටම දූෂණ චෝදනා යටතේ නඩු පවරා වැරදිකරුවන් බවට පත්ව ඇත්තේ පුද්ගලයන් 4 දෙනෙක් පමණක් බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා ඊට ප්‍රධාන හේතුව වූයේ එම පරික්ෂණ නිසි ලෙස ඉටුකිරීමට ඉඩ නොදීම සහ විශේෂයෙන් පසුගිය

රජය සමයේ අරලියගහ මන්දිරයේ සිට අධිකරණය වෙත ලැබුණු දුරකථන ඇමතුම් බව ද කියා සිටියේය.

වංචාව දූෂණය රටෙන් තුරන් කර නොදමා රටට අනාගතයක් නොමැති බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා දූෂණයට එරෙහි සටනට පක්ෂ, පාට, ජාති, ආගම්, කුල බේද නොසලකා සියලු ජනතාව ඒකරාශිවීම යුගයේ අවශ්‍යතාවක් බව ද කියා සිටියේය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය
Dinamina

26 views

11 Comments to “පොහොට්ටුවේ ඉන්නේ හොරු.. ඔවුන් එක්ක ආණ්ඩු කරන්න බෑ..- ජනපති”

  1. ජනක says:

    ජනපති එහෙනම් කියන්න බලන්න අර තමුන්ගේ බොහොම විශ්වාසවන්ත ආදරේ කරන කළු කැත මුණක් තියෙන ඇමති කෙනෙක් ඉන්නව නේද කෘෂිකර්මය බලාගන්න ?එයා අර කවුද නිලියෙක්ගේ බිල්ඩිමක් අරගෙන ඒ ගෑනිට මාසෙකට මිලියන් ගානක් ගෙවනවා නේද අපේ සල්ලි ?ඒ මදිවාට ඒ අමතියාම කියල තිබුනා නේද එතන පොඩි වරදක් උනා කියල එහෙනම් ඇයි ඔය සුපිරිසිදුකම අගය කරනවා යයි කියන අපේ ජනපති තමුන්ගේ කඩුවෙන් ඒ ඇමතිව කපලා අවීචියට යවන්නේ නැත්තේ ?

    • ආචාර ධර්මය says:

      ඉතිහාස ගතවිය ලොවම මහින්ද යුධදිනු නමට
      යුධබිය තුරන් කල රාජපක්‍ෂ වීරමැතිඳුලගෙ නමට
      ගරහල අපහස එකතුකර ඔබ පවිත්‍ර මෛත්‍රි නමට
      පෙන්වනු මෛත්‍රි වතින් රට දික්විජය කර ඔබ නමට

  2. Notthischange says:

    Lankawe neme Austrailiaweth wancha dushana nadu hariyata sidda wenne na. ehema unanam ohe ada inne Ausywala kuru gana gana…

  3. Sithmal says:

    ව්මලෙ, රත්තරO, බෑසිල, නාකි ජීඑල්, හොර බන්දුල වගේ පොරවල් ඉන්නකන් ඔය පොහොට්ටු පිපෙන්නෙ නෑ..

  4. sarath says:

    Then why did you invite the 96 of SLFP including crooks to join him to form a Govt.

  5. බබා උක්කුන් says:

    “ජනාධිපතිවරයා සොරුන් නොවන, සොරකම් නොකරන සහ සොරකම්කළ බවට චෝදනා නොමැති පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාට පිරිසිදු රජයක් ගොඩනඟාගනිමින් ඉදිරියට යාමට තමා ඇරයුම් කරන බව ද කියා සිටියේය.”

    කැබිනට් මණ්ඩලයේ නායකයා කවුද
    එතකොට ඔය කියන අයගේ නායකයා තමුන් නේද. වැරදි කරුවන්ගේ පෝලිමේ ඉස්සරහින්ම ඉන්නේ තමුන් නේද.
    නොකිලිටි දේශපාලනය කියන්නේ ආප්ප කාල පිටිපස්සෙන් පිහියෙන් අනින එකද.
    ඕස්ට්‍රේලියාවෙන් ආව චෝදනාවට මොකද වුනේ.
    තමුන්ගේ ප්‍රධාන ලේකම් වරයා නිළියකගේ ගොඩනැගිල්ලකට මහජන මුදල් කෝටි ගණනක් නිරපරාදේ මාසපතා ගෙවන්නේ කාගේ බලයක් පිටද
    ග්‍රෙගරි වැව හිස් කරලා හෝටල් හැදුවේ කාගේ උවමනාවටද
    60 තිබුණු හාල් 100, 110 මිලට පවත්වා ගෙන යන්නේ කාගේ උවමනාවටද
    මහා බැංකුව මංකොල්ල කෑවේ 2015 චන්ද වියදම් පියවා ගැනීමට නොවෙයිද
    2015 පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ බැංකු හොරකමේ මහමොලකරු බේරාගැනීමට නොවෙයිද
    එම 2015 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බටහිර සහ අසල්වැසි රටක තානාපති වරු බලපෑම් කල බව බොරුවක්ද
    රත්තරන් අශ්වයන්ට, ලම්බෝ ගිනි වලට දැන් මොකද වෙලා තියෙන්නේ.
    ඊයේ කියපු දෙය අද මතක නැති, සම්පුර්ණයෙන්ම ඊට පටහැනි ප්‍රකාශ නිකුත් කරන කටට එන ඕනෑම බේගලයක් කිසි හිරිකිතයක් නැතිව දෙසා බාන, එ ජා ප නායකයා මෙන්ම හෝ ඊටත් වැඩි කිසිම හිරිකිතයක් නැතිව ජනතාව රවටන්න උත්සාහ කරන මෙවන් තැනැත්තෙකුගෙන් රටේ දියුණුවට වැඩක් වෙයිද.
    ඉහත කරුණු වැටෙන්නේ වංචා වලටද, දුෂණ වලටද නැතිනම් සොරකම් වලටද. . .

  6. David Milli-Banda says:

    May Janadhipathiya may thram danga lanne Pradeshiya Sabawak dina gannada?

    Sithmal….. thopila wage un nisa thamai ratata kela wela thiyenne.

  7. Pal says:

    We are so unlucky to have a leader of Sorysena’s caliber..

    He doesn’t know how to speak to the nation as a leader.

    Just spreading cruelty…..

    Get lost bloody foolish man . We too wasted our votes by believing you….

    We also help the downfall of our beautiful country..

    Please vote for POHOTTUWA ….Please.please…

  8. daminda says:

    mahabankuwa sudda karapu horu sitinnae……?

  9. හොර බෙහෙත් මාමා says:

    හොර බෙහෙත් මාමාට අලුත්ම ලෙඩේ කඹ හොරුත් එක්ක බුදියා ගෙන මැක්කොත් එක්ක නැගිටින්න හදනවා රෙද්ද අස්සෙන් පනුවෝ හැලෙනවා. දැන්වත් වෛරී දේශපාලනය නවත්වාපන් මාමේ. අලින්ට අත දීලා 1956 අනික් පැත්තට ගතී ආප්ප කාපු මාමා කියල කව්රුත් දන්නවා. පාමන්කඩ් අලිමන්කඩ් නොදැන යුද්දය සද්දය කර ගෙන රට පාවා දෙන්නට බැරි බව තව සතියකින්මාමා ඉගෙන ගන්න කොට ලංකාවට කෙලවෙලා හමාරයි. මුන් කෙලිනවා මහා බැන්කුවට කෙලිය විදිහටම.

  10. Talga.Dayasiri says:

    මොන ජනාධිපති කෙනෙක් ද මේවිදිහට දෙපැත්තෙන් කතා කරන්නේ? දැන් හොඳටම “පයිත්තියෙන්” තමයි. 10 වෙනිදට පස්සේ කොහොමට හිටීද?

Main News