පොහොට්ටුවේ ඞීල් එක හෙලිවෙයි.. සියළු විස්තරේ මෙන්න..

February 7, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටුවේ ඞීල් එක හෙලිවෙයි.. සියළු විස්තරේ මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ඇතමුන් සමග රහස් සබදතා (ඞීල්) පවත්වන බවට සංවිධානාත්මක මඩ ප‍්‍රචාරයක් යළි ක‍්‍රියාත්මක වෙමින් තිබේ. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව නියත වශයෙන් ජයගන්නා බව දන්වා ප‍්‍රතිවාදීන් එකී ජයග‍්‍රහණය හමුවේ වියරු වැටී ඇති බව මෙම මඩ ප‍්‍රචාර තුළින් තවදුරටත් තහවුරු වේ.

මේ ආණ්ඩුව සමග හෝ ආණ්ඩුවේ කිසිවෙකු සමග දේශපාලන සබදතාවක් පැවැත්වීමේ කිසිදු උවමනාවක් අපට නැත. එවැනි සබදතාවයකින් අපට දිනා ගැනීමට දෙයක්ද නැත. මෙවැනි ¥ෂිත, වංචනික ආණ්ඩුවක් සමග සබදතා පැවැත්වීම අතිශය අනතුරුදායක තත්වයකි. මන්දයත් එමගින් ලැබෙන්නේ ජනතා විරෝධයක් සහ අපකීර්තියක් පමණි. ඒ තරමටම මෙරට ජනතාවට වත්මන් පාලකයින් වහ කදුරු වී තිබේ.

අපගේ සියලූ සබදතා ඇත්තේ මේ රටේ පොදු මහජනතාව සමග පමණි. කෙටියෙන්ම පැවසුවහොත් අපේ ඞීල් එක ඇත්තේ ජනතාව සමගයි. එම සබදතාවයේ තරම පෙබරවාරි 11 වන දා අලූයම් කාලය වෙන විට ආණ්ඩු බලයෙන් අන්ධ වූවන්ට දැකගත හැකිය. මහජන කැමැත්තෙහි අතිබහුතරය පොහොට්ටුව සමග බව දැනගත් ඇතමුන් අප සමග එකගතා ඇති කර ගැනීමට පසුගිය කාලය පුරා උදේ, හවස අප පසුපස ආවේය. මේ ජනතා විරෝධී ආණ්ඩුව සමග කිසිදු දේශපාලන සම්බන්ධතාවක් පැවැත්වීමට අප සූදානම් නැති බව ඒ සෑම අවස්ථාවකදීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන් හට අවධාරණය කළේය.

මේ ජනතා විරෝධී ¥ෂිත ආණ්ඩුව සමග දේශපාලන ගනුදෙනුවක් පැවැත්වීම පිළිබද අපගේ බලවත් අකමැත්ත හමුවේ ඔවුනට පලා යාමට සිදු විය. අප පසුපස පැමිණ හති වැටුණු පසු ඔවුන් සැබෑ කතාව කනපිට හරවා තිබේ. ආණ්ඩුවේ මේ දේශපාලන හැසිරීම හමුවේ අපට සිහිපත් වන්නේ නරියා සහ මිදි වැලේ කතාවයි.

ආණ්ඩුව කෙතරම් තර්ජනාත්මක අභියෝග කළත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව මෙම පළාත් පාලන මැතිවරණය නියත වශයෙන්ම ජය ගන්නා බව යළිත් අවධාරණය කරමි. අපගේ ජයග‍්‍රහණයෙන් පසු රටට හිතවත් ජනතාවාදී අපගේ ප‍්‍රතිපත්ති මාලාවට එකගවීමට යටත්ව කැමති අයෙකුට අප සමග කතා කළ හැක. ඒ හැර මැතිවරණයට පෙර හෝ පසුව අපට ආණ්ඩුවේ කිසිවෙකු සමග කිසිදු ඇයි හොදැයියක් නැත.

– බැසිල් රාජපක්‍ෂ

211 views

11 Comments to “පොහොට්ටුවේ ඞීල් එක හෙලිවෙයි.. සියළු විස්තරේ මෙන්න..”

  1. Sooraseana says:

    Mea horaa kiyanna pera apea rajjiya nayakayaa horunth ekka no deel! Ema nisa boru paccha nawathwanna

  2. Sooraseana says:

    Yamak kiyannata pera sit anda onea janathaawa viswaasa karaawida kiya. Mottoyoa wagea kata arelaa mada gahagannawaa.

  3. Sooraseana says:

    Yamak kiyannata pera sit anda onea janathaawa viswaasa karaawida kiya. Mottoyoa wagea kata arelaa mada 😹

  4. danu says:

    kiyana eka blpnko pirisiduksma dore galnwa

  5. kate says:

    Well said. Jayawewaaaaaaaaaaaaaa!!!!

  6. ඇත්ත says:

    ආන්න එහෙම එන්න…සභාපතිකම් පස්සෙ ගිහිල්ල ආණ්ඩුවට මුක්කු ගහනව නෙමෙයි…ශක්තිමත් විපක්ෂයක් පමණක් ජනතාව බලාපොරොත්තු වේ…

  7. Dr Lakshman Fernando says:

    CONGRATULATIONS !

  8. NARAYANA says:

    Well said, now all crooks are making noice like PICK POKET GROUP

  9. rambanda says:

    ඔබ තුමාට සහ පොහොට්ටුවට ජයෙන් ජයම වේවා

  10. Manel says:

    Wish all Srilankans a better future after 10th. You made a two mistakes in 2015, but make sure you win back the country you lost during past 3 years. DO not trust SLFP, UNP or JVP.

Main News