පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා හදුනාගෙන අවසන්.. මහින්ද රාජපක්ෂද විය හැකියි..
June 28, 2018 at 3:23 am | lanka C news
ප්රශ්නය- ඒකාබද්ධයේ කැඳවුම්කරු වුණාට ඔබ නිසා ඒකාබද්ධය කැඩෙන තැනට ඇවිත් කියලා චෝදනාවක් තියනවා?
පිළිතුර- ඒකාබද්ධ විපක්ෂය හැදෙන්නේ 2015 ඒකාබද්ධ විපක්ෂය හැදෙන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ නුගේගොඩ තිබුණු මහින්ද සුළඟ පළමු රැස්වීමට සහභාගී වීම පක්ෂයෙන් තහනම් කරලා තියෙද්දී ඒ තහනම නොතකා මම පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්ක රැස්වීමට ගියා.
“මහින්ද සුළඟ” රට පුරා අරන් යන කොට නායකයෝ කවුරු හිටියත් රට එකතු කරන්න පුළුවන් වුණේ අපේ පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරු නිසා.
මහ මැතිවරණයේදීත් මම කිව්ව අපි වෙනම තරග කරමු කියලා. මම හිතුව අපි දිනුවේ නැතත් විපක්ෂ නායකකම හරි ලැඛෙනවා නේ කියලා. නමුත් පක්ෂ නායකයන්ගේ මතය වුණේ ඒක නෙවේ. ඔවුන් හිතුව ශ්‍රී.ල.නි.ප අයත් එක්ක එකතු වෙලා දිනලා මහින්ද මහත්තයා අගමැති කරගන්න පුළුවන් කියලා.
ඒ වෙලාවෙත් මගේ සැකය තිබුණ මෛත්‍රීපාල මහත්තයා කවදාවත් මහින්ද මහත්තයට අගමැති වෙන්න දෙන්නේ නැහැ කියලා. බහුතරය මගේ මතයට විරුද්ධ වුණාය. අන්තිමට මොකද වුණේ.
මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩු යෝජනාවක් ආවා. මම එතනදීත් විරුද්ධ වුණා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මම කෙළින් ම ඒක කිව්වා. ඒ මැතිවරණයේ දී ලංකාවෙන්ම තුන්වෙනියට මනාප ගත්තේ මම. ජනතාව මට ඒ විදියට ඡන්දේ දුන්නේ. ආණ්ඩුව රකිමින් ඇමැතිකම් ගන්න නෙවේ, විපක්ෂයේ ඉන්න. ඒ නිසා මම ජනාධිපතිවරයාට කිව්වා මට විපක්ෂයේ ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ වෙල්ගම ඇමැතිතුමාලා වගේ හැම දෙනාමත් ඒක අනුමත කළා. එදා ඔය පක්ෂ නායකයෝ ආවේ නැහැ. එදා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විතරයි. පස්සේ තමා ඒ අයත් එකතු වෙලා ඒකාබද්ධය හැදෙන්නේ. ඊට පස්සේපොදු ජන පෙරමුණ හැදෙනවා. ඒක පහසු කටයුත්තක් වුණේ නැහැ. දැන් මේ සේරම කථා කියන්නේ අපි පළාත් පාලන මැතිවරණය දිනපු නිසා. අපි පරාද වුණා නම් කවුරුත් ඔය කතා කියන්නේ නෑ. දැන් බලයත් එක්ක එක එක්කෙනා එක එක මතවල ඉන්නවා.
මොන මත තිබුණත් මම අදත් කියන්නේ ඒකාබද්ධ විපක්ෂ කැඩෙන්න හොඳ නෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ. නමුත් අපි කන් දෙන්න ඕන ජනතා මතයට. එහෙම නැතුව නායකයන්ට ඕන දේ කළොත් ජනතාව අපෙන් ඈත්වෙයි.
ප්රශ්නය- පහුගිය දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පිරිසක් පක්ෂ නායක රැස්වීම වර්ජනය කළා කියලා වාර්තා වුණා. දැන් ඒ තත්ත්වය සමනය වෙලාද?
පිළිතුර- වර්ජනය කළා කියලා මට අවබෝධයක් නැහැ. නමුත් මේ ළඟදීත් මම දැක්කා විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර වගේ මහත්වරුන් මහින්ද මහත්තයා එක්ක වැඩ කරනවා. ඒ අයගේ විරෝධයක් තිබුණා කියලා මම දන්නේ නෑ. එහෙම මතයක් තිබුණත් ඒක මට අදාළ කර ගන්නේ නෑ මම.
ප්රශ්නය- මේ ප්රශ්නය මතු වුණේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේදී නේ. ඔබතුමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට විරෝධය පළ කළේ ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙකු නිසාද?
පිළිතුර- නැහැ. පළමු වෙන්ම බලන්න කවුදඑයාගේ නම යෝජනා කළේ. කාටද අවශ්‍ය වුණේ ඇය පත් කර ගන්න. ඇයි අපි ඇයට ඡන්ද දිය යුත්තේ කියලා. ඊළග කවුද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ. පහුගිය කාලයේ ම මහින්ද මහත්තයාට බැණ බැණ එතුමා විශ්‍රාම යා යුතුයි කියලා කිව්ව කෙනෙක්. කටානේ අපේ පාක්ෂිකයන්ට හිරිහැර කරපු කෙනෙක්. පහුගිය දවසක තිබුණු ශී‍්‍ර.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමේදී පකෂයේ තනතුරක් ගත්තු කෙනෙක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වය පිළි අරං සීදුව නගර සභාවේ බලය යූඑන්පී එකට ගන්න, දිනපු ශ්‍රී ලංකා අයගේ සහාය අරන් දුන්නෙත් එතුමිය. ඉතින් එහෙම පොදුජන පෙරමුණට විරුද්ධ කෙනෙක් දානවානම් අඩු ගානේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ අයගෙන් අහන්න තිබ්බ නම් කරන්න ඉස්සෙල්ලා. පකෂ නායකයෝ තීරණය කරලා හරියන්නේ නෑනේ. නියෝජ්‍ය කතානායක තරගය ආවේ මෛත්‍රි – රනිල් ගැටුම නිසා. ඉතින් අපි මොකටද එයාලටම ඒක විසඳගන්න දෙන්නෙ නැතිව ඒකේ වාසිය අපි ගන්නේ නැතිව ඒකට ඛෙල්ල දෙන්නේ. අනිත් එක අපි සහාය දුන්නත් එතුමිය දිනවන්න අපි ළඟ වැඩපිළිවෙළක් තිබුණෙත් නෑ.
ප්රශ්නය – ඔබට කිසිම විශ්වාසයක් නැද්ද මේ 16 දෙනා ගැන?
පිළිතුර – නැහැ. එතැන ඉන්නවා ඇත්තටම අවංකවම මහින්ද මහත්තයා එක්ක එකතුවෙලා වැඩ කරන්න ඕනෙ කියලා හිතන අය. තව කොටසක් ඉන්නවා පොදුජන පෙරමුණ විනාශ කරන්න ආපු අය. ඒ අය තමා කියන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය ශ්‍රිලනිපයට අරගෙන අලුත් බලවේගයක් ගොඩ නඟනව කියලා. අලුත් බලවේග ගොඩනඟන්නෙ මොකටද? අපි දැන් ඒක කරලා තියෙන්නේ.
ප්රශ්නය – ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමා කියලා තියෙනවා ඒ අය උත්සාහ කරන්න මහින්ද රාජපකෂ මහත්තයා අගමැති කරන්න කියලා.
පිළිතුර – දැන් ද මේ අයට ඒක මතක් වෙන්නේ. ඇයි එදා රනිල් අගමැති කරන වෙලාවේ මහින්ද අගමැති කරමු කිව්වේ නැත්තේ? එදා මේ හැමදෙනාම මහින්ද මහත්තයාට බැන්නා. දැන් මහින්ද මහත්තයා අගමැති කරමු කිව්වට තාම මෛත්‍රිපාල මහත්තයාගේ නායකත්වය පිළිගන්නවනේ. අපි ගොඩක් මහන්සිවෙලා පළාත් පාලන ඡන්දය දිනුවේ. ඊළඟට අපේ සූදානම පළාත් සභා දිනාගන්න. මට සැකයි මේ අය උත්සාහ කරන්නේ ඒක වළක්වන්නද කියලා. ඒක නිසා ඒ අයගේ අරමුණ අවංක නම්, හැමෝම පොහොට්ටුවට එන්න ඕනෙ. ආණ්ඩු විරෝධී වෙන්න ඕනෙ. මහින්ද මහත්තයාගෙ නායකත්වය පිළිගන්න ඕනේ. අන්න එතකොට අපට සලකා බලන්න පුළුවන්.
ප්රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පකෂය ප්රතිසංවිධාන වැඩ සටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ හරහා බිම් මට්ටමේ ජන බලය ඔවුන්ට දිනා ගන්න පුළුවන් වෙයිද?
පිළිතුර – මොකක්ද ප්‍රතිසංවිධානය කියන්නෙ. එජාපයේ වගේම ශ්‍රීලනිපයෙත් පාකෂිකයෝ ඉල්ලන්නෙ නායකයට ඉවත් වෙන්න කියලා. ඒක නොවී මොනවා වෙනස් කළත් වැඩක් වෙන්නේ නැහැ.
ප්රශ්නය – පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පකෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලකෂ 14කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් දිනා ගත්තා. ජනාධිපතිවරණයකදී පොදුජන පෙරමුණට මේ ඡන්ද ප්‍රමාණය වැදගත් වෙන්නේ නැද්ද?
පිළිතුර – මෙහෙමයි නායකයෝ තැන් මාරු කළාට ඡන්ද දායකයෝ වෙනස් වෙනවද කියන එක බලන්න ඕනෙ. 2015න් පස්සේ මම හැමවෙලාවේම ගනුදෙනු කරන්නේ ඡන්දදායකයන් එක්ක. ඒ නිසා තමා මම ගන්න තීන්දු තීරණවල තදින්ම ඉන්නේ. මට මේ වෙනකම් වැරදුණේ නෑ. පළාත් පාලනයේදී හැමෝම එකට ඉල්ලමු කියද්දී මම කිව්වා වෙනම ඉල්ලමු කියලා. ඒක අනුව මම කියන්නෙ ඉදිරි පළාත් සභා මැතිවරණයෙත් පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනෙ කියලා. ජනාධිපතිවරණයේදි පුද්ගලයෙක් සඳහායි තරග කරන්නේ. එතකොට පොහොට්ටුවේ අපිටත් පුළුවන්අ දාළ පුද්ගලයට සහය දෙන්න. මෛත්‍රිපාල මහත්තයාගෙන් කැඩිලා එන අයටත් පුළුවන් එකතු වෙන්න. ජවිපෙට කැමැති නම් ඒ ගොල්ලන්ටත් පුළුවන් අපේ කෙනාට සහාය දෙන්න අපි එදාට කියන්නේ නෑ. පොහොට්ටුවෙන් ඉල්ලමු කියලා. ඉල්ලන්නෙ මොකෙන්ද කියන එක තීරණය වෙන්නේ පවතින තත්ත්වයට අනුව.
ප්රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නව ජාතික සංවිධානයකවරයා කියනවා ඔබලා පසුගිය පළාත් පාලන ඡන්දයේදි මහින්ද මහත්තයා පෙන්නලා ජනතාවගේ ඡන්දය කොල්ල කෑවා කියලා.
පිළිතුර – එතුමන්ලට තේරෙන්නේ නැති වුණාට රටේ මිනිස්සු දන්නවා පළාත් පාලන ඡන්දයක් දිනුවට අගමැති තෝරන්න බැහැ කියලා. අපි රැස්වීම්වල කිව්වේ මහින්ද අගමැති කරන සටන අරඹමු කියලා. අපි ඒක ආරම්භ කළා. ඒක තමා රටට හයියක් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ දෙදරීමට, ආණ්ඩුවේ පකෂවල අභ්‍යන්තර අර්බුද ඇති වෙන්න බලපෑවේ, පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය. අපි දැන් කරන්න ඕනෙ මේ තත්ත්වය හරියට කළමනාකරණය කර ගැනීම.
ප්රශ්නය – කොහොම කිව්වත් ඒකාබද්ධයට දේශපාලන වැඩපිළිවෙළක් නෑ නේද? රට පුරා රැස්වීම් පැවැත්වීම හැර.
පිළිතුර – නෑ. අපට වැඩ පිළිවෙළක් තියෙනවා. දැන් අපේ ඉදිරි ආර්ථීක ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද වැඩ පිළිවෙළ මොකක්ද කියලා අපි කතා කරගෙන යනවා. එහෙම වැඩපිළිවෙළක් තියෙන නිසා තමයි මහින්ද මහත්තයා කිව්වේ අපි බලයට අවම බදු අඩු කරනවා කියලා. වැඩපිළිවෙළක් තිබුණාට දැම්මම එළියට දාන්නේ නැහැ. ඒ ඒ මැතිවරණවලට ගැළපෙන විදියට අපේ ජනාධිපති පාර්ලිමේන්තුවේන් පත් කරගන්න. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අනුව බැලුවත් අපිට එහිදී ආසන 110ක් හිමි වෙනවා. එතකොට යූඑන්පී එක ඇතුළු අනෙකුත් සියලු පකෂවලට 115යි. ඒකෙත් කීප දෙනෙක් එහෙ මෙහෙ වුණත් ඇලෝසියස්ලගෙ සල්ලි අරගෙන අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාව හදාගෙන රනිල්ට අගමැති වෙන්න පුළුවන්. ඊට පස්සේ පාර්ලිමේන්තුව මෛත්‍රි මහත්තයාව ජනාධිපති විදියට තෝර ගන්නවා. දැන් 16ක් එළියට දාන්නෙත් 2/3 ආරකෂා වෙන විදියට. 16ක් එළියට ගියත් තාම ආණ්ඩුව 2/3 තියෙනවා. මේ නිසා මට බරපතළ සැකයක් තියෙනවා. නිසා ආණ්ඩු විරෝධීන් එක් වෙන්නේ අපි වටා. ඒක වළක්වන්නයි මේ හදන්නේ. මේ 16 දෙනා බනින්නේ අගමැතිට විතරයි. ජනාධිපතිවරයාට බණින්නේ නෑ. එයත් වැරදි වැඩ කරලා තියෙනවානෙ?
ප්රශ්නය – දැන් ඒකාබද්ධයේ සමහරු කියන්නෙත් ආණ්ඩුවට 2/3 නැති කරන්න නං අර 16 දෙනා ගන්න ඕනෙ කියන එක.
පිළිතුර – නෑ 16 අපිට ආවට ආණ්ඩුවට 2/3 නැති වෙන්නෙ නෑ. එහෙම නම් ජවිපෙත් එන්න ඕනෙ අපේ පැත්තට. 2/3 නැති කරන්න පුළුවන්නම් හොඳයි. කෙරෙන්නේ නැහැ.
ප්රශ්නය- එ.ජා.පය දැනටමත් ඒ අයගේ ජනාධිපති අපේක්ෂකයා ගැන කියලා තියෙනවා. පොදුජන පෙරමුණ තවමත් නැහැ. ඒ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදි පාරක ගමන් කරමින් සිටින බව.
පිළිතුර- ගෝඨාභය මහත්තයා එනවද නැද්ද කියන එක තීරණය වෙන්නත් කලින් ඇයි ඔහුට පහර දෙන්නේ. ඔහු එනවට බයයි. එතුමා වියත්මඟ හා එළිය සංවිධානය හරහා මේ රටේ විද්වතුන්, වෘත්තිකයන් එක් කරගෙන යනවා. ඊළගට අපි පක්ෂයක් හැටියට දේශපාලන වැඩ පිළිවෙළක් ගෙනයනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ඇතිව. අපේ අරමුණ රටම එක තැනකට ගේන එකයි. අවසානයේ දී අපේක්ෂකයා කවුරු වුණත් ඔහු සමඟ මේ සියල්ල සම්බන්ධ කරනවා. අපට තියෙන්නේ එක අරමුණයි. ඒක නම් වැඩ පිළිවෙළ මොකක්ද කියලා කියන්න අපි සූදානම්.
ප්රශ්නය – පසුගිය දවසක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එජාපයට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. පොදුජන පෙරමුණ ඇයි තාමත් සූදානම් නැත්තේ. ඒ විරසකය ප්‍රයෝජනයට ගන්න.
පිළිතුර – මට හිතෙන්නෙ මේක රඟපෑමක් කියලා. බොරුවට කරන රණ්ඩුවක් කියලා. මේකට අනුර කුමාර දිසානායකත් හවුල්. එයාලට ඕන ගේන 20 සම්මත කරගෙන
ප්රශ්නය – ඇයි ඔබ මේ තරම් සැක කරන්නේ?
පිළිතුර – අතීත අත්දැකීම් නිසා. දැන් රටේ සියලුම ආණ්ඩු විරෝධී බලවේග ගොඩ නැඟෙන්නෙ පොදුජන පෙරමුණ වටා. ඒක වළක්වන්න නෙවෙයිද 16 දෙනා එළියට දාලා තියෙන්නෙ. දැන් ඒ ගොල්ල ආණ්ඩුවට බණිනවා. හැබැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ වාඩිවෙනවා. ශ්‍රී ලංකා එක යූඑන්පී එකත් එක්ක ආණ්ඩුවක් කරගෙන යනවා. එතකොට සැකයක් ඇති වෙන්නේ නැද්ද? දැන් ජවිපේ ආණ්ඩුවේ කොටසක් කියලා හැමෝම දන්නවා. ඒනිසා ආණ්ඩු විරෝධීන් එක් වෙන්නේ අපි වටා. ඒක වළක්වන්නයි මේ හදන්නේ. මේ 16 දෙනා බනින්නේ අගමැතිට විතරයි. ජනාධිපතිවරයාට බණින්නේ නෑ. එයත් වැරදි වැඩ කරලා තියෙනවානෙ?
ප්රශ්නය – දැන් ඒකාබද්ධයේ සමහරු කියන්නෙත් ආණ්ඩුවට 2/3 නැති කරන්න නං අර 16 දෙනා ගන්න ඕනෙ කියන එක.
පිළිතුර – නෑ 16 අපිට ආවට ආණ්ඩුවට 2/3 නැති වෙන්නෙ නෑ. එහෙම නම් ජවිපෙත් එන්න ඕනෙ අපේ පැත්තට. 2/3 නැති කරන්න පුළුවන්නම් හො`දයි. කෙරෙන්නේ නැහැ.
ප්රශ්නය- එජාපය දැනටමත් ඒ අයගේ ජනාධිපති අපේක්ෂයා ගැන කියලා තියෙනවා. පොදුජන පෙරමුණ තවම නෑ. ඒ ඇයි? කෙනෙක් තෝර ගන්න බැරි තරම් ව්‍යාකූලද?
පිළිතුර – අපේ අපේක්ෂකයා අපි හඳුනාගෙන අවසන්. මහින්ද මහත්තයා දන්නවා කවුද කියලා. නියමිත සුදුසු වෙලාවෙ අපේ අපේක්ෂකයා එළියට එයි.
ප්රශ්නය- බොහෝ දෙනෙක් හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා කියලා. නමුත් ඔහුට සමීපව හිටපු ආචාර්ය දයාන් ජයතිලක සති අන්ත පත්තරයකට කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදි පාරක ගමන් කරමින් සිටින බව.
පිළිතුර- ගෝඨාභය මහත්තයා එනවද නැද්ද කියන එක තීරණය වෙන්නත් කලින් ඇයි ඔහුට පහර දෙන්නේ. ඔහු එනවට බයයි. එතුමා වියත්මග හා එළිය සංවිධානය හරහා මේ රටේ විද්වතුන්, වෘත්තිකයන් එක් කරගෙන යනවා. ඊළගට අපි පක්ෂයක් හැටියට දේශපාලන වැඩ පිළිවෙළක් ගෙනයනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ඇතිව. අපේ අරමුණ රටම එක තැනකට ගේන එකයි. අවසානයේ දී අපේක්ෂකයා කවුරු වුණත් ඔහු සමග මේ සියල්ල සම්බන්ධ කරනවා.
අපට තියෙන්නේ එක අරමුණයි. ඒක නම් මහින්ද මහත්තයා මේ රටේ නායකත්වයට ගේන එක.
ප්රශ්නය – මහින්ද රාජපකෂ මහත්මයා රටේ නායකයා කරන්නේ කොහොමද 19 සංශෝධනයෙන් ඒක වළක්වල තියෙනවා නේද?
පිළිතුර – අපි බලමු, ජනාධිපති වෙන්න පුළුවන්ද බැරි ද කියලා. 19 තිබුණාට හිතන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ අපේකෂකයා මහින්ද රාජපකෂ මහත්තයා වෙන්නත් පුළුවන්.
– sebe
පාර්ලිමේන්තුවේ 2/3 ගන්න පක්ෂය බිල්ලට දිය යුතු නැත…..
අවංකවම රජයේ දුෂ්ට ක්‍රියාවන් වලට විරුද්ධ නම්, එයාලට (16 කණ්ඩායම) පුලුවන් විරුද්ධ වෙන්න….. පාර්ලිමේන්තුවේදි….
ඒත් එයාල දැන් යන එන මං නැති වෙන බව දැන ගෙන තමන්ගෙ පැවැත්ම උදෙසා බොරුවට විපක්ෂයට සහයෝගය දක්වන්න හදනව….!
එයාලව එකතු කර ගන්නව නම්, පැහැදිලිවම ආණ්ඩුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉවත් වෙලා එන්න ඕනැ…
එහෙම නොවුනොත්, එයාල හැමදාම ඇමතිල….. දර දිය ඇද්ද අය නිකම්, ජනතාවට නිවැරදි නායකත්වයක් නැතිවෙනව….
ජනතාව නිවැරදි තීරණයක් ගනීවි…..ජනමතය තේරුම් අරගෙන, ඒකට නිවැරදි නායකත්වයක් දෙන එක ඒකාබද්ධයේ වගකීමක්…..!!
This man is correct. …
Kauda? Gotler da?
ප්‍රසන්න රණතුංගල කැමති නෑ පාර්ලිමේන්තුවෙ ජ්යෂ්ඨයො මහින්දට ලංවෙනවට. එතකොට මේ හොර කපටියට ලැබෙන වරප්‍රසාද අඩු වෙනව. මෙයා මේ කථා කරන්නෙ තමන්ගෙ ගොඩ රැකගන්න මිසක් මහින්දටවත්, රටටවත් ආදරේට නෙමෙයි.
මහින්දට ඕන මොකෙක් හරි එකතුකරගෙන තුනෙන් දෙකේ බලය අරන් ඉදිරි මැතිවරණවලට මුහුනදෙන්න.
මහින්දගෙ ෆොටා් ගහගෙන මංත්‍රි වෙලා අැමති කටු කන්න සිරාට හෙත්තු වෙලා දැන් අාපහු ඒන අයගෙ අැත්ත ස්ථාවරය දැන ගන්න ප්‍රසන්න මහත්තය එයාගෙ ස්ථාවරයෙ ඉන්න ඒක හොඳය්. එවගෙම තවත් අය එකාබද්ධයට අරගන්න අවශ්‍ය නිසා වීරවංසල ගම්මලා 16 කල්ලියට පාවඩ දමල බාර ගන්න ඒකත් අවශ්‍ය යය්. කොහොම හරි කල යුත්තේ රනිල/ජෙප්පන්ගෙ 20 පරාජය කොරන ඒකය්.රනිල/
ගොටාබයට ජය පතමු