පොහොට්ටුවේ ජයග‍්‍රහණය ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියයි..

February 21, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටුවේ ජයග‍්‍රහණය ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පුංචි ඡන්දයකින් ආණ්ඩු වෙනස් වුණේ කවදා දැයි ජවිපෙ නායකතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. ආණ්ඩුවක් පුංචි ඡන්දයක් පරාජය වුණේ කවදාදැයි අපට පෙරලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවක් පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනපතිවරණ ඕනෑ තරම් පැරදී තිබෙනවා. ඒත් කවදාවත් පුංචි ඡන්දයක් පැරදී නෑ. ලංකා ඉතිහාසයේ 1947 සිට මේ දක්වා බලයට ආ කිසිදු ආණ්ඩුවක් පුංචි ඡන්දය පැරදී නෑ. ආණ්ඩුවක් නියත ජයක් ලබන එකම මැතිවරණය පුංචි ඡන්දයයි.

සිංහල කියමනක් තියෙනවනේ යකඩ මල්ලට ගුල්ලෝ ගැසුවානම් වී මල්ල නොබලාම විසිකරන්න කියලා. ආණ්ඩුවේ යකඩ මල්ල තමයි පුංචි ඡන්දය. ආණ්ඩුව ඒකත් පරාද නම් අනිත් ඡන්ද ගැන කවර කතා ද? අන්න ඒ නිසා තමයි පුංචි ඡන්දය පරාජයට පත්වු විට අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්නයි බල කරන්නේ.

සෑම ආයතනයකටම ස්වාධීන මැතිවරණයක් තිබෙනවා, ඒ ඒ ආයතනයේ බල හුවමාරුව වෙන්නේ ඒ ආයතනයට අදාළ මැතිවරණයේ දී පමණයි කියා ජවිපෙ නායකතුමා සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ අගමැතිතුමන්ව රැකගැනීම සදහා කතා කරමින් කියනවා. පුංචි ඡන්දයෙන් අගමැති මාරු කරන්න බැරි නම් 2015 ජනවාරියේ දී ජනපතිවරණයෙන් ජනපති මාරු කිරීමෙන් නොනැවති අගමැති ඇතුළු ඇමති මණ්ඩලය මාරු කලේ කොහොමද කියා අපි අනුර කුමාර මැතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. එතුමාගේ ලොක්කාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම ලැබෙන විට වෙනත් ඡන්දයකින් අගමැති මාරු කිරීම හොඳයි. එතුමාගේ ලොක්කාට අගමැතිකම අහිමි වෙන විට වෙනත් ඡන්දයකින් අගමැති මාරු කිරීම නරකයි. ඕකයි දැන් ජවිපෙ න්‍යාය.

– අරවින්ද අතුකෝරල

42 views

14 Comments to “පොහොට්ටුවේ ජයග‍්‍රහණය ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියයි..”

  1. බය නැති බෝගා says:

    ගම්මගේ ගැම්ම

  2. Appu says:

    Hina yanawa

  3. parakum says:

    What is all this fuss about, in Europe and most countries, the local govt mainly goto the opposition. In UK when Conservatives the ruling party the local elections won by Labour party. Is the last chance for the POHOTTUWA?

    • AluthKade Saita says:

      ඔව් ඔව්, 2020 දී නෙවෙයි ලංකාව දැනුත් දියුණු පොහොසත් රටක්.
      අවුරුදු 3 ට මෙහෙම නම් ඉස්සරහට?

  4. siri says:

    මේ දස ..රි ඩීල් කුමාරයා කහින්නේ ඩොලර් මළු වල කෑදර කමට කියා කවුරුත් දන්නවා…

    • Asaranaya says:

      මගේ ඩොලර් මල්ලට ගුල්ලෝ ගහලා නැහැනේ, ඒකට දිනපතා ඩොලර් එකතුවෙනවා, කලගුන සලකන්න එපායැ පඹ ජනාදිපතිගේ ක්‍රමයට

  5. LAHIRU says:

    Pogattuwa veadikaawala kiyapuwa mathak karanda ,Jathi beada wapuraa jayagattha namuth prethi satayen paraadie!

  6. indunil says:

    bala suba nimithi………………..

  7. Aaana says:

    Agamatige Athi Jaatha puthra Rathnaya Anura Kumara

  8. Ravi.K says:

    Toilet eke dunna milion 10 NEDA?
    JVP karanne andu wirodee Chanda ekathu karagena ewa deal Dana eka wishesayen 2010n passe.jvp eka ehema wuna.den itha diunuwa yanawa.
    Kochchara me gahuwath5-6% athara lebenne ai.?
    Minissu dannawa in kuhakayo bawa.

  9. Natali says:

    ඒකට හේතුව තමයි පලවෙනි වරට ලංකාවේ සාධාරණ චන්දයක් පැවැත්වීම.

    වෙනදා රජයේ සල්ලි, සම්පත්, සේවකයෝ, පොලීසිය ඔක්කොම අයුතු ලෙස පාවිච්චි කරලා තමයි ප්‍රාදේශීය සභා චන්දෙ තිබ්බේ. ඔලු පලලා, මිනී මරලා, භය කරලා තමයි චන්දෙ දිනුවේ.

    වාරියපොළ අම්ම කෙනෙඉ හෙළුවෙන් ඇවිද්දුවා අමතකද?

    • bleo says:

      සාධාරන චන්දෙන් අන්ත පරාදයි ! හුකෑස් !

    • hitan@hutan.com says:

      ඇයි බං වික්කම සිංහත් දැන් ඇවිදින්නෙ හෙළුවෙන්නෙ?

    • විජේ says:

      මේ ජන්දෙ එතකොට කාටවත් කාගෙන්වත් හිරිහැරයක් වුනේ නැදිද. ජන්ද ප්තිපල පරක්කු කලේ නැද්ද. හරිම සාදාරනද.

Main News