පොහොට්ටුවේ තනි අධිකාරිය අවසන්.. මහින්දගේ නායකත්වයෙන් නව සන්ධානයක් බිහිකෙරේ…
July 12, 2018 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව සන්ධානයක් යටතේ දේශපාලන වශයෙන් ගොනු විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.
මේ පිළිබඳව සාකච්ඡා ඉදිරි සතියේදී නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී සිදු කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
‘ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවෙසේදී පැවැත්වූවා. එහිදී ගනු ලැබූ තීරණ අතර ප්‍රධාන වශයෙන්ම දැනුම් දිය යුතු තීරණ කිහිපයක් තිබුණා. ඉන් එකක් තමයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි කියන යෝජනාව. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ අයිතිය හා වරප්‍රසාද කිසිවක් ලබා දෙන්නේ නැහැ. වරප්‍රසාද ලෙස අපි සඳහන් කරන්නේ භෞතික වරප්‍රසාද නෙවෙයි. කමිටුවලට සහභාගි වීම, කථික කාලය ආදී අපට බලපාන ප්‍රධාන කාරණා පැහැරගෙන තිබෙන්නේ. එම නිසා අපි කථානායකවරයාට අවස්ථා කිහිපයකදීම දැන්වූවා. නමුත් මේ මොහොත දක්වාම ඒ කියන්නේ වසර තුනක්ම සැබෑ විපක්ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව හා නිල විපක්ෂය කටයුතු කරනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කළා නව සන්ධානයක් ලෙස දේශපාලන වශයෙන් ගොනු විය යුතුයි කියලා. ඒ සඳහා නමකුත් යෝජනා වෙලා තිබුණා ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින්.
මේ අතරේ අපේ තරුණ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම දැවැන්ත සත්‍යග්‍රහයක් කොළඹදී අගෝස්තු 17 පැවැත්වීමට සූදානම් වෙනවා. හරියටම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා වසර තුනක් ගත වන මොහොතේ තමයි මේ උද්ඝෝෂණය පවත්වන්නේ. එම උද්ඝෝෂණය ආණ්ඩුව ගෙදර යැවීමේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
දින 30ක් තුළ මහජන නියෝජිතයන් තිදෙනකු ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම පසුගිය මාස 06ක කාල සීමාව තුළ මේ රටේ හොරකම් 1260ක්, ස්ත්‍රී දූෂණ 714ක්, ඝාතන 274ක් සිදුවී තිබෙන බව. රට ගමන් කරන දිශානතිය තේරුම් ගන්න මේක හොඳ හරස් කැපුමක්. මීට අවුරුදු 4කට කලින් කොළඹ නගරය ජාත්‍යන්තර ආයතන හැඳින්වූවේ ලෝකයේ ලස්සනම සහ ආරක්ෂිතම නගරය කියලා. එහෙම තිබුණු අගනුවර කොහොමද අවුරුදු 4ක් තුළ අවලස්සන සහ අනාරක්ෂිතම අගනුවර වන්නේ.
මෑතකදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශ දිහා බැලූ විට තේරෙන්නේ ඔහු පාතාලයේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ කළ බවයි. බරපතළ කාරණය තමයි ඊයේ පොලිසිය භාර නියෝජ්‍ය ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡාවක් තියලා කියනවා මේ සියලු ඝාතන සිදු කරන්නේ බන්ධනාගාරය තුළ සිටිමින් බව’
– mawbima
දැන් වියත්මග කෝ? …ඒක අතරමගද ?
එක එක දවසට එක එක රෝල් දාලා බලනවා හරි යයිද කියලා බලන්න….දවසින් දවස මේ හැමෝම ජෝකරයෝ වෙනවා.
ඒකනෙ බං ජෙප්පොයි,අලියයි,හක් ගෙඩිය පිඹගෙන ගම් පෙරලිය කරන්න යන්නෙ.අපිත් ඒකට එකතු වෙනව ගම කන්න.
ko ban genapu “yahapalane” , nayakaya vagema ohelath kenda beepu ganayi.
” JAYAWEWA ”
“SRI LANKA WATA JAYAWEWA ”
” MAHINDA ATHULU POHOTTUWA SAMATA
THERUWAN SARANI DEVI PIHITI.
MAGE RATATA SUBA ANAGATHAYAK.
MONNA JAYAWEWADA HETTA ATHI POHOTUWEN GOTA IDERIPATH WELA KIYALA MEHAMA THAMAI WALA PAYAI GODA PAYAI
MAHINDA KIYANNEY LANKAWEY MINISUNGEY ARDAMBRAYAE.
KONDA KELIN TIYAGANA ENNA RATAWACIYAEK
JAYAWEEEA RATATA.
JAYAWEYWA APITA.
ඔව්.. නිව් යෝක් ටයිම්ස් එකෙන් හොරා කාපුවා එලි කරද්දි ඒකට උත්තර දීගන්න බැරිව තටමන හැටි දැක්කම පේනවා කොන්ද කෙලින් තියාගෙන ඉන්නබව.
JAYAWEWA BRO ATHA
ඔය නිව්යෝර්ක් ටයිම්ස් එක තොට මහලොකු උනාට ඕක නිකං පච ගහන කඩමාල්ලක් බොල සුනිලෝ. බොලාගෙ බැංකු මංකොල්ලා කන අගමැට්ටාට කියාපිය තටමන් නැතුව පුලුවන් නම් නඩු දාලා හොරු අල්ලන්න කියලා…
තොපේ පඩ පාලනය බලයට ආ මුල් දවස් වල මෙහේ ඩේලි නිව්ස් එකේ ගිය මෙතෙක් ඔප්පු කොරගන්න බැරි වුන හම ගිය නිව්ස් එකක් නිව් යෝක් ටයිම්ස් එකේ දැම්ම පලියට ඇත්ත වෙන්නෑ බොල.
පුලුවන් නම් උඹලගෙ ලොක්කගෙ මහ බැංකු රොබරිය ගැන ඕකෙ දාලා ඒකට උත්තර දෙන්න කියහන් තටමන්නෙ නැතුව.
හරියට හරි
Hetta POHOTTUWE GOTA KIYAIE, THWATH DAWAS 2THUNAKIN BASIL NAMAL KOHEDA KONDA KELIN LABANA SAREA NAHA
පොහොට්ටුවට ජය පතමු
Ahooo G.L Noduti mok pura
POHOTTUWA should not overestimate their recent victories.
hahinsaka janathawage salli hora kana thopita hena hathama gaha piaya thoo thopi hokkoma