පොහොට්ටුවේ මැයි ගාළු මුවදොර පිටිය ලබා දෙයි.. චූටි පිට්ටනිකාරයින් තිගස්සන පෝස්ටරයකින් වැඩ ඇරඹේ..

March 31, 2017 at 12:40 pm | lanka C news
පොහොට්ටුවේ මැයි ගාළු මුවදොර පිටිය ලබා දෙයි.. චූටි පිට්ටනිකාරයින් තිගස්සන පෝස්ටරයකින් වැඩ ඇරඹේ..

මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යනරත් කම්කරු දිනය වෙනුවෙන් වන මැයි රැළිය පැවැත්වීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ ගාළු මුවදොර පිටිය ලබා දීමට වරාය අධිකරිය තීරණය කර ඇත.

ඒ අනුව අදාල සංවිධාන කටයුතු සූදානම් කෙරෙමින් තිබේ. ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ප‍්‍රචාරක පෝස්ටරයක් පහත දැක්වේ.

ගාළු මුවදොර පිටිය ලබා දෙන්නැයි ඉල්ලූම් කල මුල් අවස්ථාවේ එය ලබා දීම බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

එජාපය කැම්බල් පිටියේත්, ශ‍්‍රීළනිපය ගැටඹේ පිටියේත් මෙවර මැයි රැළි පැවැත්වෙන අතර එම ප‍්‍රක්‍ෂ හා සෙසු පක්‍ෂ මැයි රැුළි තබන චූටි පිට්ටනි සියල්ල එක් කර සැසදුවද ගෝල් ෆේස් පිටිය තරම් විශාල නොවන බව පෙනේ.

207 views
Main News