පොහොට්ටුවේ මැයි රැළියට ගෝල්ෆේස් පිටිය නොදෙයි..
March 25, 2017 at 8:40 am | lanka C news
එළැඹෙන මැයි දිනය වෙනුවෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට ගාලූ මුවදොර පිටිය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ප්රතික්ෂෙප කර තිබේ.
මැයි රැලි පැවැත්වීම වෙනුවෙන් ගාළු මුවදොර පිටිය ලබාදිය නොහැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙත ශ්රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගම විසින් දන්වා ඇත.
ඒ අනුව හයිඞ් පිටියේදී එම රැළිය පැවැත්වීමට තීරණය කලද එයද ලබා නොදීමට තීරණය කර ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඕනෑම තත්වයක් යටතේ මෙවර දැවැන්තම මැයි දින රැළිය ශ්රි ලංකා පොදුජන පෙරමුන විසින් පවත්වන්නේ යයිද ඔහු කියා සිටියේය