පොහොට්ටුව අධිපති මතවාදයක..- දයාසිරිගෙන් පහරක්

April 11, 2021 at 10:00 am | lanka C news
පොහොට්ටුව අධිපති මතවාදයක..- දයාසිරිගෙන් පහරක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධිපති මතවාදය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට මෙම සියලූ පක්ෂ මහන්සි වූ බවත් මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගන්නත් ඔවුන්ගේ ශක්තිය වැදගත් වූ බවත් ඇමැතිවරයා පැවසීය.

නමුත් ඉන්පසු අද ලැබෙන සැලකිලි පිළිබඳව සෑහීමකට පත් නොවන බවද පැවසූ ඔහු මෙය විසදෙන තුරු තමන් මේ බව ‍ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බවද සඳහන් කළේය.

මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දී පැවති ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

17,034 views

One Comment to “පොහොට්ටුව අධිපති මතවාදයක..- දයාසිරිගෙන් පහරක්”

  1. හැකහැක says:

    “සාමාන්‍යයෙන් නැට්ට විසින් බල්ලා වනන්නේ නැහැ. බල්ලා තමයි නැට්ට වනන්නේ.”
    ඒත් නැට්ටෙන් උස්සලා බල්ලව පොලොවේ ගහන්න පුළුවන් තරු විසි වෙලා මල පහවෙන්න.

Main News