පොහොට්ටුව එපා.. සජිත් පිල, ශ‍්‍රීලනිප, ජවිපෙ, හෙල උරුමය එක් කර නව සන්ධානයක්.. පෙරමුණේ රාල චන්ද‍්‍රිකා..

September 8, 2019 at 10:40 am | lanka C news
පොහොට්ටුව එපා.. සජිත් පිල, ශ‍්‍රීලනිප, ජවිපෙ, හෙල උරුමය එක් කර නව සන්ධානයක්.. පෙරමුණේ රාල චන්ද‍්‍රිකා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත නොවී නව සන්ධානයක් පිහිටුවීමට අදාළ යෝජනාවක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් පක්ෂයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීන්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය පමණක් නොව එ.ජා.පයේ හා පොහොට්ටුවේ මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ද එයට ලබාගත හැකි යැයි චන්ද්‍රිකා මැතිනිය කළ යෝජනාවේ සඳහන්ය. සිවිල් සංවිධාන රැසක් ද එක්කර ගැනීම මෙහි ඊළඟ අරමුණ බව ප්‍රකාශිතය.

එසේ සකස් කරන සන්ධානය සුදුසු ජනාධිපති අපේක්ෂකයකුට සහාය දීමටත් අගමැති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා ගැනීමත් මෙම යෝජනාවේ දෙවැනි පියවර බව සඳහන්ය. එ.ජා.පයේ පවත්නා බල අරගලය හේතුවෙන් සජිත් පිල වෙනම තරගයකට සූදානම් වන්නේ නම් ඔවුන් නිසැකවම මෙම සන්ධාන යෝජනාවට එකඟ වනු ඇතැයි හිටපු ජනාධිපතිනිය විශ්වාසය පළ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙතෙක් අදාළ යෝජනාවට පූර්ණ එකඟත්වය පළ කර නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී.ල.නි.පයේ සමිති සංවිධාන ශක්තිමත් කරන ලෙසයි. එසේම පසුගියදා පක්ෂ සම්මේලනයේ දී ඔහු කීවේ තමන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැනටමත් අරඹා ඇති බවයි.

– deshaya

0 views

29 Comments to “පොහොට්ටුව එපා.. සජිත් පිල, ශ‍්‍රීලනිප, ජවිපෙ, හෙල උරුමය එක් කර නව සන්ධානයක්.. පෙරමුණේ රාල චන්ද‍්‍රිකා..”

  1. sunimal says:

    සුරාපානය කරන අයට කියන්නේ වසලයන් කියලා අපි වසලයන් සමග එක්වන්නේ නැහැ

  2. p.d goonawardena says:

    මේ ගෑනි ආයිත් ඇවිත් මේ පාරත් රටට වැඩේ දෙන්න හදන්නේ…..

  3. UNP-GALIBBA says:

    හොඳමදේ තමා ගෙදරටවී ඉන්න එක මොකොද කිචවී හමාරයි නඹුව තියාගෙන කිචනොවී ඉන්නවා තමුසේ මිස්සුන්ට අරහං ?????>

  4. charles says:

    Sirisena does not want be a GRAMASEWAKA again.

  5. යුක්තිය says:

    අපි කිව්වෙ ඒකයි චන්ද්‍රිකා යූඑන්පී එකෙන් කාල ශ්‍රී ලංකා එකට ඇවිත් ගද ගස්සල ඉවරයි….! සතෙක්ට ඇරෙන්න හරි මනුස්සයෙක්ට එතන ඉන්න බෑ…! යූඑන්පී එකට මොන විදියෙන් හරි අහු උනු අය ඉන්නව නම් එන්න මේ පැත්තට..තමන්ට වැරදුනු තැන හදං ජනතාව ඉස්සරහට යන්න…!

  6. Wewagadara Appuhamay says:

    We are seeking United Sri lanka.

  7. 77 UNP says:

    අතෙන් හෝ බුලත් කොලෙන් සජිත්ට ඉල්ලන්න පුළුවන්. JVP, පාඨලී, මුස්ලිම් පක්ෂ, TNA සියලුම දෙනා සහය දෙනවා. වැඩේනම් හොඳයි. පොහොට්ටුව තනිකරලා යහපාලනයේ රනිල් පාර්ශවය වෙන්කරලා සියළුම කුණු ඔවුන් මත පටවලා යහපාලන ආණ්ඩුවේ මොකක් හරි හොඳක් තියනවානම් ඒ ටික සිරිසේන හරහා අරගන්න පුළුවන්. මම හිතන්නේ නැහැ රාජපක්ෂවරු ඔය සැළසුම අවබෝධකරගන්න බැරි තරම් මෝඩයෝ කියල. සැලසුමේ ඊළඟ අදියර තමයි සිරිසේන අගමැති වෙන එක. කොහොමද ටිකිරි මොලේ. SLFP චන්ද දායකයන් අතරින් මොලේ අඩුම දේශද්‍රෝහිකම තියන ටික දෙනා ඔය මලඉලව් සන්ධානෙට චන්දෙ දේවි.

    • ලක්වැසියා says:

      JVP එක රනිල්ට සහය දුන්නත් සජිත්ට සහයෝගය දෙන්නෙ නෑ.
      සිරිකොතින් ගත්තු විශාල අල්ලස් කන්දරාව නිසාත්, දැනටමත් හැම පැත්තටම බ්ලැක්-මේල් වී සිටින නිසාත් JVP කාරයින්ට ඒක කරන්න බෑ.
      සජිත් දිනන්නෙ නැති නිසා චම්පක රණවකගෙ සහයෝගය ලැබෙයි කියා හිතන්නත් අමාරුයි.

  8. Nandasoma Suriyaarachchi says:

    දයාසිරි කියනව, පොහොට්ටුව නැතිව වෙන ලකුණක් තෝර ගන්නලු…..!

    හැමදේම කරල අන්තිමේදි එයාලගෙ ලාංඡනයකට යන්නලු……!!

    එතකොට එයාලට ඒකෙ අයිතිකාරයො වෙන්න පුලුවන්නෙ….!!!

    මේකට කිසිසේත්ම එකඟ නොවිය යුතුයි……!!!!

    මෙයාල හදන්න ප‍ෙහොට්ටුව වටේ එකතු වුන ජනතාව මංමුලා කරල එයාලගෙ අරමුණු ඉටු කර ගන්න….!!!!!

  9. Prem says:

    ඔය කතා කරන්නෙ US dollars