පොහොට්ටුව කඩන්න කුමන්ත්‍රණයක්.. ලංකාවේ ලොකුම පක්ෂය පොහොට්ටුවයි..- බැසිල්
April 20, 2018 at 1:20 pm | lanka C news
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බේදකිරීමට කෙටවීමට යම් යම් පිරිස් කටයුතු කරමින් සිටින්නේ වුවද ඒවාට යටත් නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සර්වආගමික ආශිර්වාද මාධ්‍යයේ නෙලුම් මාවත කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
හිටපු ඇමතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රභලම පක්ෂය වෙලා ඉවරයි…. එය මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් සිටින එකම පක්ෂයයි. ගසක උනත් ඵල දරනකොට පොළවට බර වෙනවා ඒ වගේම තමයි අපේ මේ පක්ෂයත් ඉතා නිහතමානීව මහජනතාවට පක්ෂ වෙමින් වඩාත් සමීපව කටයුතු කරනවා…. අපේ ශක්තියට ප්‍රධාන කාරණා දෙකක් පවතිනවා ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය, පක්ෂ සාමාජිකත්වය මේ දෙක නිසා තමයි මේ සියලු ජයග්‍රහණ ලැබුවේ.
ඉතින් අපි ඉතාමත් නිහතමානීව මේ වසර අරඔන විටටම අප පළාත් පාළන ආයතන 342න් 200 ඉක්මවා බලය තහවුරු කරගෙන පවතින නිසා.
ඉදිරි මැතිවරණ වලට සුදානම් වෙමින් අනිවාර්යයෙන්ම මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ බලය නැවත ලබා ගැනීම තමයි අපගේ පක්ෂයේ පරමාර්ථය.
අපිව බේද කරන්න අපිව කොටවන්න අපිව ඈත් කරන්න යම් යම් කොටස් ක්‍රියා කරාවි නමුත් අපි ඒවාට යටත් වෙන්නේ නෑ අපි නිහතමානීව අපේ ජයග්‍රහණයත් සමගම සමගිව ජනතාවට සේවය කරන්න පක්ෂයක් වශයෙන් අප බැදී සිටිනවා.’
– සංජීව එදිරිමාන්න
ඔබයි අපේ අනාගත ජනපති.
සිංහල අකුරින් ජයමල් නම යොදා ලියන්නෙ මම නෙවෙයි. වෙන කෙනෙක්. රාජපක්ශ සොයුරන් ගේ අසීමිත බැඳීම සෙනෙහස සහ විශ්වාසනීය බව භේද බින්න කරන්න හිතාගෙන ලිව්ව නම් එය කවදාවත් සිදු නොවන දෙයක්.
ඔව් jayamal , මට හිතා ගන්න පුලුවන් මේක කලේ කවුද කියල.
තමන්ට ඕන දෙයක් වෙන ඕන නමකින් කියා ගත්තට අපිට කමක් නෑ. හැබැයි අනුන්ගෙ නම් හොරකම් කරන එක කැත වැඩක්.
My warmest wishes for you, your party and Sri Lanka. Let’s hope to see the day my mother Lanka turning back on the path of prosperity. Dear Basil, be humble at your victory and never depart from it.
විධායකය අහෝසි කරන්න එපෝ …එහෙම වුනොත් සිංහලය ඉවරයි
You are a no 1 fool who doesn’t know basic. It was JR by creating Provincial Councils started all these destruction to this nation.
අපේ මීළඟ ජනපති බැසිල් සර්.
Paid by Divi Neguma fund
සිරිමල්, සුනිල්, චම්පා කියන්නෙ එකාමයි. එකම NGO පිල්ලිය තමයි
මම චම්පා, ජයමාල් සමග එකඟයි පොදුජන පෙරමුණ ට ශක්තිමත් පදනමක් හා නායකත්වයක් තියෙනවා, මහින්ද, විමල්, ගෝටා, සරත් වීරසේකර, උදය, නාලක ගොඩහේවා සමග බැසිල්.
I agree with Champa, Jayamal and others. SLPP has the strongest leadership team, comprising Great Mahinda, Equally Great Wimal, second to none Gota, Fighter with Sinhala True Blood Sarath Weerasekera, Udaya, Nalaka Godahewa with Asia’s best political organiser, MR BASIL RAJAPAKSE.
Dawase Kiyamana “මේ රටේ බලය නැවත ලබා ගැනීම තමයි අපගේ පක්ෂයේ පරමාර්ථය”
ඔබගේ කැපවීම මෙම ජයග්‍රණයේදී අති විශිෂ්ටයි. හැබැයි තීරණ ගැනීමේදී අන් අයගේ මතයට සහ රටේ දේශපාලන පරිසරයට මෙන්ම රටේ අනාගතයට වටිනාම තීරණය ගන්න. නැතිනම් මහන්සියේ ප්‍රතිපලයෙන් රටට අත්වන සෙතක් නැතිවනු ඇත. කෙසේ හෝ බලය ලබාගැනීම නොව වැදගත් රටට ජයග්‍රහණ ලැබෙන ජයක් ලබා ගැනීමයි.