පොහොට්ටුව කෝටි බාගය පනී.. සභා 239ක් දිනයි.. රටම බලා සිටි අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

February 11, 2018 at 10:48 pm | lanka C news
පොහොට්ටුව කෝටි බාගය පනී.. සභා 239ක් දිනයි.. රටම බලා සිටි අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

10 වැනිදා පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන තිබේ.

කොට්ඨාශ ක‍්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡුන්ද ප‍්‍රමාණය 5,018,198කි. ප‍්‍රතිශතයක් ලෙස 45.31%කි. මීට අමතරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක්ම සදහා වෙනත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැද ජයගනු ලැබීය.

දෙවන තැනට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 42ක් දිනාගනු ලැබීය. ඡන්ද 3,621,338ක් එජාපය ලබා ගත්තේ 32.23%ක ප‍්‍රතිශතයක්ද සමගිනි.

පළාත් පාලන ආයතන 38ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 1,416,308ක් සමගින් දිනා ඇත්තේ පළාත් පාලන ආයතන හතකි.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡුන්ද 665,208ක් වාර්තා කර ඇත.

130 views

60 Comments to “පොහොට්ටුව කෝටි බාගය පනී.. සභා 239ක් දිනයි.. රටම බලා සිටි අවසන් ප‍්‍රතිඵලය මෙන්න..”

  1. සුදු සීයා says:

    ඔබේ ජාතියට අම්මාට තාත්තට වගේ ගරු කරන්න…

  2. vishnu says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමා මුළු ලෝකෙම බෑ කිව්ව යුද්දෙ දිනුව
    ගොබ්බ අමන දේශපාලකයින් පොහොට්ටුවට අපහස කලා ඔන්න
    විශිෂ්ට ජයග්‍රහණයක් කලා. මේ මහින්ද වෙනුවෙන්ම වැටුණු චන්ද.
    මේ කුණු ගඳ ගහන ආණ්ඩුවට හේත්තු වෙන්න යන්නනම් එපා.
    අලුතෙන්ම පටන් ගත්තොත් සාර්ථක ගමනක් යන්න පුළුවන් ,
    ඔබතුමා ඉදිරිපත් කරන ඕනෙම කෙනෙකුට චන්දෙ දෙන්න අපි සුදානම්
    හැබයි ඔබතුමාට පිටුපාපු, ජනතාව අකමැති කිසිම කෙනෙක් ලංකර
    ගන්න එපා. ජනතාව පයින් ගහපු ආණ්ඩුවනම් ගෙදර යායුතුමයි

  3. sathya says:

    Aayeth HORA oluwa ussannai hadanne.
    Ape MOda Game Baiyyalata thiyena noogath kame RESULT thamai meka.

  4. කොලුවා says:

    2015 දී චන්ද ලක්ෂ 62 යි 2018දී චන්ද ලක්ෂ 36යි ………. 50%ක් UNP ප්‍රතික්ෂේප කර ඇත UNPයට ආණ්ඩු කිරීමට ජනමතයක් නොමැති බව නැවත වරක් තහවුරු කර ඇත

  5. somatilake says:

    The given results of the members selected were completely wrong. The Election Commission has not considered the 60% + 40% rule. All the results (no of members) should be revised as per above percentage rule.

  6. මනුස්සයෙක් says:

    මේ දිනුම දිහා ජාතිවාදී පදනමෙන් බලපියවූ… මම නම් ජාතිවාදී මනුස්සයෙක්

  7. Abeysinghe says:

    Out of this 239 , for 101 SLPP cannot get even a Chairman appointed without the help of UNP, UPFA or JVP as there is no absolute majority for SLPP, leave behind the passing of the budget at the end of the year.

    SLPP has only 133 councils with absolute majority out of 339 ( or around ).

    this is only 33% while 30% in a mess and 37% in the control of other parties

Main News