පොහොට්ටුව ක්‍රියාත්මකයි.. විශේෂ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අරඹයි..
January 18, 2019 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් පසුගිය දා විවෘත කෙරිණ. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය 43-1/1, බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටා ඇත.
දේශපාලන පක්ෂයක් විසින් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නිශ්චිත මැතිවරණ කාලසීමාවකට අදාළව පමණි. නමුත් මේ මොහොතේ රට හමුවේ පවතින විශේෂ දේශපාලනික තත්වයන් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කර ඇත.
මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාකරමින් ජනතාවගේ ඡුන්ද අයිතිය වෙනුවෙන් සක්‍රීය ලෙස මැදිහත් වීමද මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යභාරයකි. ඒ අනුව කල්දමා ඇති පළාත් සභා මැතිවරණය දිනා ගැනීම ස`දහා වඩාත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. ඊට සමගාමීව කල්දමා ඇති මැතිවරණ කඩිනමින් පැවැත්වීම ස`දහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා සියලූ ක්‍රියාමාර්ග හමුවේ සහාය සංවිධානයක් ලෙස කටයුතු කිරීමටද සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.
එමෙන්ම වර්තමාන රජය යටතේ සිදු කරන බරපතල දේශපාලන පලිගැනීම් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් වින්දිතයන් ස`දහා යුක්තිය ඉටු කිරීමට මැදිහත් වීමද මෙම ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ තවත් වැදගත් කාර්යභාරයකි. රාජ්‍ය ආයතන තුළ සේවකයන් සේවයෙන් පහකිරීමේ සිට අසාධාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම දක්වා දරුණු දේශපාලන පලිගැනීම් මේ වන විට විශාල වශයෙන් සිදු වෙමින් පැවතීම මීට හේතුවයි.
2019 වසර මැතිවරණ වර්ෂයක් වන බැවින් වත්මන් ආණ්ඩුව සමාජ ව්‍යූහය තුළ ප්‍රතිවාදීන් මර්ධනය කරමින් තම පාර්ශවයට වාසිසහගත වන ආකාරයෙන් විවිධ අකටයුතුකම්වල නිරතව සිටී. මෙම තත්වයන් නිදහස් සහ සාධාරණ මැතිවරණ ස`දහා සෘජු ලෙස අභියෝගයක් වන බැවින් එවැනි සිදුවීම් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඒ ස`දහා ගත යුතු නෛතික ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සූදානමින් සිටී.
සර්වජන ඡුන්දබල අයිතිය සහ රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරමින් ඉතා දියුණු මැතිවරණ ප්රජාතන්ත්රවාදයක් රට තුළ ස්ථාපිත කිරීම සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවසන් අපේක්ෂිවයි.
සංජීව එදිරිමාන්න
ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මොක ක්‍රියාත්මක උනත් වැඩක් නැහැ, බැසිල්, ගෝඨාභය දෙන්න සමගි කොරහල්ල. මෙි දෙන්න නයයි මුගටියයි වගේ. මෛත්‍රීපාල විශ්වාස කරන්න එපා. එයා අර අඳින්නෙ වෙන ගේමකට. මෛත්‍රීපාලට ආයෙත් පාරක් ඉල්ලන්න තණ්හාව ඇතිවෙලා. චන්ද්‍රිකාත් ගේම ඉල්ලනවා. මෛත්‍රීපාල පිටිපස්සෙ ගිය ශ්‍රීලංකාකාරයින්ට පොහොටිටුකාරයො කපනවා. උන් අනාතවෙන නිසා උන් චන්ද්‍රිකාට සෙටි.
මහින්දට ඉල්ලන්න බැහැ. ගෝඨාට බැසිල් , නාමල් කැමති නැහැ. ගෝඨාභයගෙ ඇමරිකන් පුරවැසි කමෙි අංචිය අදින්නෙත් බැසිල්. මහින්ද ගෝඨාභයට වඩා බැසිල්ට කැමතියි. මෙිව කළමනාකරණය කරගල්ල. නැත්නමි රනිල ගේම දෙනව ෂුවර්.