පොහොට්ටුවන් කාකොටා ගනිති.. මන්ත‍්‍රීකමට පොරකති…

June 10, 2022 at 10:00 am | lanka C news
පොහොට්ටුවන් කාකොටා ගනිති.. මන්ත‍්‍රීකමට පොරකති…

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා දැඩි තරගකාරිත්වයක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් කිහිප දෙනකුම මන්ත්‍රී ධූරය ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.

ඊට අමතරව තවත් බාහිර පිරිස්ද එම මන්ත්‍රීධුරය ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.

මේ අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා එම මන්ත්‍රීධුරය සඳහා පත් කරනු ඇතැයි වාර්තා වුවද ඇති වී තිබෙන නීතිමය තත්ත්වයක් හේතුවෙන් එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.

54,503 views

5 Comments to “පොහොට්ටුවන් කාකොටා ගනිති.. මන්ත‍්‍රීකමට පොරකති…”

  1. Amaris says:

    කුමන බලපෑම් ආවත් ජනාධිපති මේ ගත් තීරණයේ වෙනසක් නොවිය යුතුයි. දම්මික පෙරේර තමා ජනාධිපතිට සුදුසුම පුද්ගලය. වහාම රනිල් ඉවත්කර ඒ වෙනුවට ධම්මික පෙරේර පත්කල යුතුයි. ඒ වගේම මේ අවස්තාවේ කිසිම ව්‍යස්තා සංශෝධන නොකල යුතුයි. හැකිනම් තව බලතල වැඩිකර ගතයුතුයි. එසේ නැතිව මේ තක්කඩි 225 පාලනය කල නොහැකියි. බැසිල් වගේම මහින්ද වහා විශ්‍රාම ගැන්විය යුතුයි. ජනාධිපතිට ධම්මික සමග රට ගොඩ ගත හැකියි.

    • රට කන මොළේ මැටි මංකොල්ල කාර අවස්ථාවාදීන් says:

      මේ ඉන්නෙ පොහොට්ටුවෙ නූගත් මදාවි අනුන්ගෙ පහනින් එළිය බලන්නෙ නැතිව දරු පවුල නඩත්තු කළ නොහැකි සහ පාසැලේදි සියළු විභාගවලදි කොන් වුනු හිගන්නෙක්. මූ පරපෝෂිත ගණයට අයිති කියල කියන්න පුළුවන් වුනේ ඇයි දන්නවද? මොළයක් තියන පොහොට්ටුවට ඡන්දෙ දාපු අය දැන් දිනපතා පසුතැවෙන නමුත් ජාවාරම් මැට්ටන් පමණක් මළ පෙරේතයන් ලෙස ඉහත කියවෙන කුණු බිස්නස් කාරයන් හා එක්ව තවත් රට කෑමට මාන බලන නිසයි. මුන් නම් මේ රටට පුදුම බරක්. මුන්ට බලි තොවිල් එක දිගට කරල අපායට චුත වෙන දිනයට මිස ලක් මාතාවට සැනසීමක් නැහැ.

  2. ප්‍රේත දිෂ්ඪිය ඇති අය ජනයා කෝප කරන්නට ඉඩ ඇත says:

    ඇමතිලාට වැඩ බැරි බවත්, බොහෝ දෙනෙකුට මේ රැකියාව නැති වුනොත් ජීවත්වීමට ක්‍රමයක් නැති බව ජනතාව දන්නවා. ජනතාව ඉල්ලන්නේ ක්ෂෙත්‍රයෙ ප්‍රවීනයන් ගෞරවනීය තනතුරක් ලෙස සීමා සහිත කාලයකට ඉතා කුඩා ඇමති සංඛ්‍යාවකින් සහ දිසාපත් හා පරිපාලන සේවය එක්ව රට කරවීම. හැබැයි ධම්මික පෙරේරා වගේ ප්‍රේත කුම්භාණ්ඩ ගණයට අයිති එකෙක් ආවොත් ජනතාව කුපිත වෙන්න ඉඩ තියනවා. මොකද කිව්වොත් මූගෙ මූණෙ ජනප්‍රියතාවයක සලකුණක්වත් නැති තරම් අප්‍රිය පෙනුමක් තියනවා. ඒ මදිවට මූ තබා ඇති කෛරාටික කමට සමත් අතීත වාර්තා පිළිකුල් සහගතයි.

  3. R. Prema says:

    මෝඩ හැත්ත, තොපි තව කොච්චරකල් බලයේ ඉන්නද කල්පනාව,

  4. Sam Fernando says:

    It must be given to Mr. Dhammika Perera.

Main News