පොහොට්ටුව ගැන කලකිරුණු පිරිස් ශ‍්‍රිලනිපයට එකතු වෙනවා.. එම මැතිවරණයෙන් පොහොට්ටුව පරවෙනවා..

July 29, 2018 at 3:50 pm | lanka C news
පොහොට්ටුව ගැන කලකිරුණු පිරිස් ශ‍්‍රිලනිපයට එකතු වෙනවා.. එම මැතිවරණයෙන් පොහොට්ටුව පරවෙනවා..

‘අපි වවලයි අපි කන්නේ’ ජාතික ආහාර සංග්‍රාමයට සමගාමීව ‘වැව් දහසක් ගම් දහසක්’ වැඩසටහන අත්තනගල්ල මාතලාන මරතගහදෙණියේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වින.

මෙම අවස්ථාව සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංග මහත්මියද සහභාගී විය.

මෙහිදී උත්සව සබාව අමතමින් ඇමැතිවරයා පැවසුවෙ යැපුම් කෘෂිකර්මාන්තයේ නව පිබිදිමක් මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ඇරබිමත් සමග ඇති ව් තිබෙන බවයි.

තවද වර්තමාන දේශපාලන ත්ත්වය ගැන අදහස් දක්වමින් ඇමතිවරයා 2020 ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වීමට රාජපක්ෂ සහෝදරවරු අතර ඇතිව තිබෙන බල අරගලය පිලිබද කලකිරුනු පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නිදහස් පක්ශයට නැවත එක් වෙමින් සිටින බවය.

එනිසා 2020 දි අගමැති වීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කලත් මෙම බල අරගලය නිසා එය සිහිනයක් වනු ඇති බවත් යහපාලන රජයේ පලාත් පාලන මැතිවරණයට පෙර පැවති අඩුපාඩු නිවරදි කරගනිමින් පලාත් සබා මැතිවරණයට මුහුන දෙන බැව්න් පොහොට්ටුව පර වි යනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

– මහේන් රනවීර

95 views
Main News