පොහොට්ටුව තනිව තරග කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප, දිනේෂ්, විමල්, උදය, තොණ්ඩමන්ට වෙනම තරග කරන්නැයි දන්වන්න යයි.. 2/3 ආණ්ඩුවක් හදන්න අලුත්ම උපායක් ගෙනේ..

February 6, 2020 at 10:00 am | lanka C news
පොහොට්ටුව තනිව තරග කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප, දිනේෂ්, විමල්, උදය, තොණ්ඩමන්ට වෙනම තරග කරන්නැයි දන්වන්න යයි.. 2/3 ආණ්ඩුවක් හදන්න අලුත්ම උපායක් ගෙනේ..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිවම පක්ෂයක් ලෙස තරග කළ යුතු බවට වූ යෝජනාවක් එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් ප්‍රබලව ඉදිරිපත් කර ඇත.

පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග වූ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඔවුන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර පක්ෂ වෙන් වෙන්ව තරග කිරීම මගින් මහමැතිවරණයේදී වැඩි ආසන ප‍්‍රමාණයක් දිනාගෙන මැතිවරණයෙන් පසුව 2/3 බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශිප පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ‍ලංකා කම්කරු කොංග්‍රසය. ඩග්ලස් දේවානන්ද, අතවුල්ලා ඇතුළු මහත්වරුන්ගේ පක්ෂ වෙන වෙනම තරග කිරීම මගින් ඔවුන් ලබාගන්නා ආසන ප්‍රමාණය එක් කර ගනිමින් ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.

එමෙන්ම මේ වන විට ඇතිවී තිබෙන දැඩි ඉල්ලුම මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දැඩි අර්බුදය මෙමගින් සමනය වනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට ඇතිවී තිබෙන තත්වය මත නාමයෝජනා ලැයිස්තුවෙන් 50% ක් ලබා ගැනීමට ඇති හැකියාව ද අවම වෙමින් ඇති බව ඔවුන්ගේ අදහසයි.

මෙම ඉල්ලීම ඔවුන් දැඩිව ඉල්ලා ඇති අතර හිටපු අමාත්‍ය සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊට සෘජුව වචනයක් ප්‍රකාශ කර නැත. කෙසේ නමුත් අදාල ජේෂ්ඨ යන පිරිස දැඩිව අවධාරණය කළ ඇත්තේ මේ වන විට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන විපක්ෂය දැඩිව දුර්වල වී බෙදී වෙන්වී සිටින අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ වෙන වෙනම තරග කරීම නිසා විශාල වාසියක් අත්කර ගත හැකි බවයි.

විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමට අකමැති සුළු ජාතික ඡන්දදායකයන්ටද මෙය වාසියක් කරගත හැකි බවත් තොණ්ඩමන්, අතාවුල්ලා ඩග්ලස් දේවානන්ද ආදී සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන්ගේ පක්ෂ වෙනම තරග කිරීම හරහා ඔවුන්ට නන්‍ය ඡන්ද පදනම මගින් ආසන දිනා ගත හැකි වනු ඇති බවත් ඔවුන්ගේ අදහසයි.

කෙසේ නමුත් මෙම අදහස් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉතා නුදුරේදීම සහෝදර පක්‍ෂ නායකයන් මෙන්ම පොදුජන පෙරමුණ නායක අගමැති මහින්ද රාජපක්ෂ සමග ඉතා නුදුරේදීම සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.

665 views

54 Comments to “පොහොට්ටුව තනිව තරග කරන්න සූදානම්.. ශ‍්‍රීලනිප, දිනේෂ්, විමල්, උදය, තොණ්ඩමන්ට වෙනම තරග කරන්නැයි දන්වන්න යයි.. 2/3 ආණ්ඩුවක් හදන්න අලුත්ම උපායක් ගෙනේ..”

  1. Nandasoma Suriyaarachchi says:

    වෙනම තරඟ කරාම, පක්ෂ විදියට තමන්ට ලැබෙන ආසන සංඛ්‍යාව වැඩි වෙනව. එකතු වෙලා ඉල්ලුවොත් ආසන අඩු වෙන්න ඉඩ කියෙනව……!

    ඒ නිසා තනිවම තරඟ කරල, බෝනස් ආසනත් ලබාගෙන 2/3 බලයක් ගන්න පුලුවන්…….!!

  2. Nandasoma Suriyaarachchi says:

    එකකොට තමන්ට තියෙන ජනතා කැමැත්තත් බලා ගන්න පුලුවන්….!!!

Main News