පොහොට්ටුව තවත් ලොකු වෙයි.. තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි.. ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න..

July 26, 2019 at 12:00 pm | lanka C news
පොහොට්ටුව තවත් ලොකු වෙයි.. තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි.. ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න..

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් සමඟින් අවබෝධතා ගිවිසුම්වලට අද එළැඹ තිබේ.

විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.

මෙසේ ගිවිසුම් ගතව ඇත්තේ දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නමුත් පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමගිනි.

එසේ ගිවිසුම්ගත වූ දේශපාලන පක්‍ෂ මෙසේය.

නව සිහල උරුමය
මව්බිම ජනතා පක්ෂය
මුස්ලිම් උලමා පක්ෂය
එක්සත් ලංකා මහා සභාව
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
ලංකා කම්කරු එක්සත් පෙරමුණ
තමිල එක්සත් නිදහස් පෙරමුණ
ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ලිබරල් පක්ෂය
භූමිපුත්‍ර පක්ෂය

32 views

31 Comments to “පොහොට්ටුව තවත් ලොකු වෙයි.. තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි.. ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න..”

  1. සම්පත් says:

    මොනවද මේ පක්ශ. නම ඇහැවුවෙත් අද. ඕකෙ ගෙදර උන්ගෙ චන්දෙත් නෑ උන්ට. නමට නැතුව වැඩට අදාල පක්ශ එක් කරගන්න.

  2. akila says:

    Tinkiri neda….No wimal , Dinesh or Gammanpila….another Basil game…Ulama party is a good choice

  3. desta says:

    ei badurdeen paksaya gatte nedda. dinnioth gannawa ha ha ha ayeth yaha palanaya wage. enne melo rahak nethi paksha 10k

  4. lotus says:

    DESHAPPREMI RANAWIRU කරුණා අම්මාන්ගේ
    තමිළ එක්සත් නිදහස් පෙරමුණ,

  5. jema says:

    අම්මෝ වැඩි චන්ද ලක්ෂ විස්සකින් වත් දිනයි පොහොට්ටුව

  6. රජින්ද says:

    “මුස්ලිම් උලමා පක්ෂය” කතාව රට-ජාතිය වෙනුවෙන්…….

  7. Thalis says:

    හැබැයි පොහොට්ටුවේ පෙති සීමිතයි. අලවන එක
    ස්වාභාවික නැහැ.

  8. Patriotism says:

    Ayyoooo ape rata ayeth vinasai.. Okkoma neela HORU

  9. සුවඳරත්න says:

    වහාබ් වාදයට අනුබල නොදෙන, එසේම මුස්ලිම් අන්තවාදයට
    විරුද්ධව ශ්‍රීලංකාවේ ක්‍රියාත්මකවන එකම මුස්ලිම් දේශපාලන පක්ෂය “මුස්ලිම් උලමා පක්ෂයයි”.

    එනිසා පක්ෂය පොදුජන එක්සත් පෙරමුනට ( පොහොට්ටුව)
    එකතුකර ගැනීම එම පෙරමුනේ විශාල ජයග්‍රහනයක්.

    • Sam - Canada says:

      How many new votes will they bring in SLPP?? Calculate that and decide if it is a විශාල ජයග්‍රහනයක්

      • Janaka from Mathara says:

        Idiot! Don’t ask stupid questions.
        Who on earth can come to know the exact number of votes a person, or a party can cast in an election?

      • SL says:

        මහ මැතිවරණයකදී මෙන් නොව, ජනාධිපතිවරණයකදී ප්‍රකාශිත සෑම ඡන්දයක්ම අපේක්ෂකයාගේ ගොඩට එකතුවේ.

        ඒ විදිහට බලනකොට ඡන්ද 5ක් අලුතෙන් වැටුනත් එයත් විශාල ජයග්‍රහනයක්!

  10. Chandaprema says:

    ඔය ‘පක්ෂ’ 10 ම එක්කළොත් සාමජිකයො 100 කට වඩා නෑ. නීකන් බෝඩ්ලෑලි ‘පක්ෂ’.

Main News