පොහොට්ටුව දින්නොත් බොදුබල සේනාව හා රාවණා බලය කරළියට..
February 4, 2018 at 1:20 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයේ බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව සහ කලුතර ප්‍රාදේශීය සභාව සහ කලුතර නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජනහමු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (02) පැවැත්විනි.
එම රැස්වීම් කලුතර වාද්දූව, කලුතර හීනටියන්ගල, බේරුවල හෙට්ටිමුල්ල සහ මාලිගාහේන යන ප්‍රදේශ වල දී පැවැත්විනි. මෙම ජනහමු අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
වත්මන් යහපාලන රජය ජනතාවට පුර්ණ නිදහස ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරමින් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. සමෘද්ධි දීමනාව ඉහළ දමා ඇති අතර, ඉදිරියේ දී තවත් සමෘද්ධිය ලැබීමට නියමිත පවුල් රැසකට සමෘද්ධි දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. පීඩාවට පත් ජනතාවට සහන ලබාදුන් අතර, පසුගිය රජය සමයේ දී එවැනි සහන නොලැබුන බව ද මම කියන්න කැමැතියි. එක්සත් ජාතික පක්ෂය ධනවාදී පක්ෂයක් බවට ප්‍රකාශ කළ ද වර්තමානයේ එය දුප්පතාගේ පක්ෂය බවට පත් කර තිබෙනවා. නැති බැරි මිනිහාට උදවු කිරීමේ පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත් වී තිබෙනවා. වත්මන් රජය මොනව ද කළේ කියලා. වේදිකාවේ කෑගහනවා. අපි ජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටු කර තිබෙනවා. පොල් සහ සහල් හිගය නියගය හේතුවෙන් ඇතිවූවක්. හොරකම, දුෂණය, වංචාව නතර කර තිබෙනවා.
ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කළත් ඔවුන් සැළෙන්නේ නැහැ. තව තවත් ශක්තිමත් වෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඉතාම පහත් අන්දමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පහර දෙනවා. පසුගිය රජය සමයේ මහරජාණෝට එහෙම පහර දුන්නා නම් පහර දුන් මිනිහා හොයා ගන්නත් නැහැ. ඇතැම් පට්ට හොරු දුෂණය, භීෂණය ගැන කියමින් කථා කරනවා. නමුත් අල්ලස් කොමිසමට කැදවූ පසු නයා ගැහුවා කියලා හිටපු මන්ත්‍රීවරුනුත් මේ අතර ඉන්නවා. මනුෂ්‍ය ඝාතන සහ හොරකම් වලට සම්බන්ධ අය ගල උඩ සටනකයි ජීවත් වන්නේ. ජිවිත බේරා ගැනීමේ අරමුණින් තමයි ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ. මනුෂ්‍ය ඝාතනවල පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වනවා. මේ පරීක්ෂණවල ප්‍රතිඵල කඩිනමින් ලැබෙනවා.
මම දේශපාලනයේ නිරත වෙන විට පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඉදිකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති වලට පමණයි මුල්ගල් තැබීම සිදු කරන්නේ. මම මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වූයේ යුද්ධය අවසන් කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසු ක්‍රියා කළේ රොබට් මුගාබේගේ ප්‍රතිපත්තියට අනුවයි. ලංකාවේ මුගාබේ 2015 වසරේ ගෙදර ගියා. සිම්බාබ්වේ මුගාබේ 2017 වසරේ ගෙදර ගියා. ජාතිය, ආගම විකුණලා දේශපාලනය කරපු කාලය ඉවරයි. දැන් ජනතාව බුද්ධිමත්.
බේරුවල ස්වාධීන කණ්ඩායමේ නායකයින් බේරුවලට මොනවද කරලා තිබෙන්නේ. මම කරපු වැඩ ටික හැරෙන්න ඔවුන් මොනවත් කරලා නැහැ. මුස්ලිම් ජනතාව කෙළෙහි ගුණ දත් ජාතියක්. ඒකයි මට විවිධ චෝදනා ඉදිරිපත් කළත් ඔවුන් මා වෙනුවෙන් පෙනී සිටින්නේ. පසුගිය රජය සමයේ දී හිටපු ජනාධිපතිවරයාට වඩා හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි විනය විරෝධී වැඩ රැසක් සිදු කළේ. බොදුබල සේනාව රාජපක්ෂ සේනාවක්. මුස්ලිම්වරුන්ට විරුද්ධවයි ඔවුන් කටයුතු කළේ. මම කියන්න කැමැතියි ජනවාරි 08 දින මහින්ද රාජපක්ෂ මහතාට අත් වූ ඉරණම ම බේරුවල ස්වාධීන කණ්ඩායමටත් අත්වෙනවා. උතුවන් කන්දේ සූර සරදියල් විදේශිය ජාතිකයින්ට විරුද්ධව සටන් කළා. දුප්පත් ජනතාවට සහන සැළසුවා. හරියට එංගලන්තයේ සිටි රොබින් හුඩ් වගේ. අන්තිම මොහොතවන විට සූර සරදියල් සමග ඉතිරි වුයේ මරික්කාර් නැමැති මුස්ලිම් ජාතිකයා පමණයි. ඔබලාත් එවැනි තීන්දුවක් ගනියි කියලා මා විශ්වාස කරනවා. බේරුවල ස්වාධීන කණ්ඩායමේ ඇතුලේ ඉන්නේ පොහොට්ටුවයි. එහිදි මහින්ද රාජපක්ෂ මහතා ඩබල් ගේමක් ගහනවා. ඒ අය බලයට පැමිණියහොත් යළි බොදුබල සේනාව, රාවණා බලය කරළියට එනවා. මුදල් වලට ජාතිය, ආගම පාවා දී ඡන්දය ලබාදෙන්න එපා. පොහොට්ටුව පක්ෂයේ නායකයාගේ ඡායාරූපය මැතිවරණ වේදිකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. පක්ෂ සාමාජිකත්වය නොමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය පමණයි එහි තිබෙන්නේ. ඔහු සමග තවදුරටත් දේශපාලනය කරන්න මුස්ලිම්වරුන්ට පුලුවන් ද. දර්ගා නගරයේ සහෝදර ජනතාවට කළ හානිය කවුරුත් දන්නවා.
වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණ වල දී හෙළී වී තිබෙනවා විහාර මහා දේවිය අරලිය ගහ මන්දිරයේ සිට දුරකථන ඇමැතුම් 46 ක් පොලීසියට ලබා දී තිබෙනවා කියලා. එහෙම තමයි අම්මා කෙනෙක් දරුවෙකු මරන්න උදවු කළේ. හිටපු ජනාධිපතිවරයා මහරජාණෝ සිංදුවට හරිම ආසයි. එම සිංදුව අහගෙන තමයි දුෂණය, වංචාව සිදු කළේ. අද මැතිවරණයේ දී බලය ඉල්ලා සිටින්නේ ජිවිතය බේරා ගැනීමටයි. අද මෙම හොරු ටික අහනවා වෙනස සැප ද කියලා. අපට නම් වෙනස සැපයි. හොරකම් කළ අයට නම් කිසිදු සැපයක් නැහැ.”
– ප්‍රසන්න අධිකාරී
මහජන මුදල් අයථ ලෙස පරිහරණය කල රාජිත ඉල්ලා අස් කරවමු.
රාජිත ගෙදර යවන්න මහජන මතයක් හදමු.
ඔබටනම් දෙවියො හොඳට සලකලා වගේ
දියවන්නාවම චන්දෙ කතා දෙවියො වගේ
අලුත් පක්ෂයෙ අපෙ දෙයිය රටවටේම වගේ
දහවැනිදා උඹලට දෙයියො සිහිවෙයි වගේ
සෝභිත බලාසිටි රාජිතට බන කියන්නට
එක්ක එන්න කියලා පනිවිඩෙ දුන්නෙ මට
මාශල් උන්දැත් එකතුකර දෙන්නම එකට
එනකම් බලාසිටි පුටුව රත්කරවා හොඳට
පොහොට්ටුවට වැටෙන මුස්ලිම් චන්ද වලට කෙලින්නයි මූ බලන්නේ. රතුපස්වල සිද්ධිය කාගෙ ප්ලෑනක්ද කියලා දැන් මිනිස්සු දන්නව. ඔහෙ තවත් රට ගඳ නොගස්සා ඉන්නව.
අලියා දින්නොත් 1977 වගේ පොලීසියට දින 07ක් නිවාඩු…
විරැද්ධවාදීන්ගේ නිවාස කුඩේ කුඩු…
දුෂ්කර පළාත් වලට සේවා මාරැ…
ඇයි එහෙම උනහම අවුල්ද ? අපි දෙන්නෙ පොහොට්ටුවට…බයුද්ද චන්ද නැති මුන්ට තොප්පි චන්ද වලින් තොපි වගෙ වසලයො ගොඩයන්න දැගලුවට මේ සැරෙ …….වනවෙනව ….ඒක දන්න හින්ද තමයි බුරන්නෙ….
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම නිසා වැඩිපුරම ලාභ ලබන්නේ ඖෂධ ව්‍යාපාරිකයන්. ඊළඟට මදුරු කොයිල් කොම්පැණි. ඒ නිසාම ඩෙංගු මර්ධනයට වැඩිපුරම අකමැති වෙනවා ඇත්තෙත් ඔවුන්. ලංකාවේ කුමන සෞඛ්‍ය ඇමතිවරයාගෙත් ප්‍රධාන අනුග්‍රාහකයින් වන්නෙත් ඔවුන්. විශේෂයෙන් ඖෂධ ආනයනකරුවන්/නිෂ්පාදකයින් සෞඛ්‍ය ඇමති වරයෙකුට දෙන සන්තෝසම් බිලියන ගණනින්.
එහෙම බැලුවම ඩෙංගු මර්ධනයට තියෙන ප්‍රධාන බාධකය තමා සෞඛ්‍ය ඇමති.
Yahapalana Top 10 Rajitha
If UNP wins, Peoples Revolutionary Red Army (PRRA) Leader Prajitha will start working and open the Batalanda Camp with immediate Effect to make people disappear.
thopi dinuvata passe muslim, demala daisporava karaliyata ave,
Be ballawa aniwarayen bandinnama ona aurudu 10-15. Onna Mahindata palawani job eka. me patta naw gilapu maalu hora bandala tiyannama ona.
මේ හම්බයට තොප්පියක් දාන්න කෝ…
ඉතා අප්‍රසන්නයි. මොහු ගේ වාග් විලාශය නින්දිතයි. මොකද්ද මේ කලබලේ?
මුස්ලිම් ජනතාව කෙළෙහි ගුණ දත් ජාතියක්…හික් ..හික්… අපි නොදන්නා බේරුවල තම්බි ලා …රාජිත බල්ලෝ එක්ක නිදියගෙන නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් සමග …..
Boru kiyanno wasalayoya. Muu Sirisena saha tharangeta boru kiyanawa.
මෙයා කියන වචන අහල අහල ඇතිවෙලා තියෙන්නේ. කොච්චර නං කිව්වත් සද්දෙයි ගඳයි විතරයි. මිනිස්සු අන්දන්න හදන බොරුවලම කෙළවරක් නැහැ. ආණ්ඩුවේ කියල එක දසමයක හරි වැඩක් කරලා තියෙන්නෙත් මේ මිනිහා විතරයි.
Wadak kala ? NAW gaththa ekada ?