පොහොට්ටුව දින්නොත් බොදුබල සේනාව හා රාවණා බලය කරළියට..
February 4, 2018 at 1:20 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයේ බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව සහ කලුතර ප්‍රාදේශීය සභාව සහ කලුතර නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජනහමු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (02) පැවැත්විනි.
එම රැස්වීම් කලුතර වාද්දූව, කලුතර හීනටියන්ගල, බේරුවල හෙට්ටිමුල්ල සහ මාලිගාහේන යන ප්‍රදේශ වල දී පැවැත්විනි. මෙම ජනහමු අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
වත්මන් යහපාලන රජය ජනතාවට පුර්ණ නිදහස ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරමින් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. සමෘද්ධි දීමනාව ඉහළ දමා ඇති අතර, ඉදිරියේ දී තවත් සමෘද්ධිය ලැබීමට නියමිත පවුල් රැසකට සමෘද්ධි දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. පීඩාවට පත් ජනතාවට සහන ලබාදුන් අතර, පසුගිය රජය සමයේ දී එවැනි සහන නොලැබුන බව ද මම කියන්න කැමැතියි. එක්සත් ජාතික පක්ෂය ධනවාදී පක්ෂයක් බවට ප්‍රකාශ කළ ද වර්තමානයේ එය දුප්පතාගේ පක්ෂය බවට පත් කර තිබෙනවා. නැති බැරි මිනිහාට උදවු කිරීමේ පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත් වී තිබෙනවා. වත්මන් රජය මොනව ද කළේ කියලා. වේදිකාවේ කෑගහනවා. අපි ජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටු කර තිබෙනවා. පොල් සහ සහල් හිගය නියගය හේතුවෙන් ඇතිවූවක්. හොරකම, දුෂණය, වංචාව නතර කර තිබෙනවා.
ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කළත් ඔවුන් සැළෙන්නේ නැහැ. තව තවත් ශක්තිමත් වෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඉතාම පහත් අන්දමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පහර දෙනවා. පසුගිය රජය සමයේ මහරජාණෝට එහෙම පහර දුන්නා නම් පහර දුන් මිනිහා හොයා ගන්නත් නැහැ. ඇතැම් පට්ට හොරු දුෂණය, භීෂණය ගැන කියමින් කථා කරනවා. නමුත් අල්ලස් කොමිසමට කැදවූ පසු නයා ගැහුවා කියලා හිටපු මන්ත්‍රීවරුනුත් මේ අතර ඉන්නවා. මනුෂ්‍ය ඝාතන සහ හොරකම් වලට සම්බන්ධ අය ගල උඩ සටනකයි ජීවත් වන්නේ. ජිවිත බේරා ගැනීමේ අරමුණින් තමයි ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ. මනුෂ්‍ය ඝාතනවල පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වනවා. මේ පරීක්ෂණවල ප්‍රතිඵල කඩිනමින් ලැබෙනවා.
මම දේශපාලනයේ නිරත වෙන විට පොරොන්දු කඩ කරන්නේ නැහැ. ඉදිකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති වලට පමණයි මුල්ගල් තැබීම සිදු කරන්නේ. මම මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වූයේ යුද්ධය අවසන් කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසු ක්‍රියා කළේ රොබට් මුගාබේගේ ප්‍රතිපත්තියට අනුවයි. ලංකාවේ මුගාබේ 2015 වසරේ ගෙදර ගියා. සිම්බාබ්වේ මුගාබේ 2017 වසරේ ගෙදර ගියා. ජාතිය, ආගම විකුණලා දේශපාලනය කරපු කාලය ඉවරයි. දැන් ජනතාව බුද්ධිමත්.
බේරුවල ස්වාධීන කණ්ඩායමේ නායකයින් බේරුවලට මොනවද කරලා තිබෙන්නේ. මම කරපු වැඩ ටික හැරෙන්න ඔවුන් මොනවත් කරලා නැහැ. මුස්ලිම් ජනතාව කෙළෙහි ගුණ දත් ජාතියක්. ඒකයි මට විවිධ චෝදනා ඉදිරිපත් කළත් ඔවුන් මා වෙනුවෙන් පෙනී සිටින්නේ. පසුගිය රජය සමයේ දී හිටපු ජනාධිපතිවරයාට වඩා හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි විනය විරෝධී වැඩ රැසක් සිදු කළේ. බොදුබල සේනාව රාජපක්ෂ සේනාවක්. මුස්ලිම්වරුන්ට විරුද්ධවයි ඔවුන් කටයුතු කළේ. මම කියන්න කැමැතියි ජනවාරි 08 දින මහින්ද රාජපක්ෂ මහතාට අත් වූ ඉරණම ම බේරුවල ස්වාධීන කණ්ඩායමටත් අත්වෙනවා. උතුවන් කන්දේ සූර සරදියල් විදේශිය ජාතිකයින්ට විරුද්ධව සටන් කළා. දුප්පත් ජනතාවට සහන සැළසුවා. හරියට එංගලන්තයේ සිටි රොබින් හුඩ් වගේ. අන්තිම මොහොතවන විට සූර සරදියල් සමග ඉතිරි වුයේ මරික්කාර් නැමැති මුස්ලිම් ජාතිකයා පමණයි. ඔබලාත් එවැනි තීන්දුවක් ගනියි කියලා මා විශ්වාස කරනවා. බේරුවල ස්වාධීන කණ්ඩායමේ ඇතුලේ ඉන්නේ පොහොට්ටුවයි. එහිදි මහින්ද රාජපක්ෂ මහතා ඩබල් ගේමක් ගහනවා. ඒ අය බලයට පැමිණියහොත් යළි බොදුබල සේනාව, රාවණා බලය කරළියට එනවා. මුදල් වලට ජාතිය, ආගම පාවා දී ඡන්දය ලබාදෙන්න එපා. පොහොට්ටුව පක්ෂයේ නායකයාගේ ඡායාරූපය මැතිවරණ වේදිකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. පක්ෂ සාමාජිකත්වය නොමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය පමණයි එහි තිබෙන්නේ. ඔහු සමග තවදුරටත් දේශපාලනය කරන්න මුස්ලිම්වරුන්ට පුලුවන් ද. දර්ගා නගරයේ සහෝදර ජනතාවට කළ හානිය කවුරුත් දන්නවා.
වසීම් තාජුඩීන් ඝාතන පරික්ෂණ වල දී හෙළී වී තිබෙනවා විහාර මහා දේවිය අරලිය ගහ මන්දිරයේ සිට දුරකථන ඇමැතුම් 46 ක් පොලීසියට ලබා දී තිබෙනවා කියලා. එහෙම තමයි අම්මා කෙනෙක් දරුවෙකු මරන්න උදවු කළේ. හිටපු ජනාධිපතිවරයා මහරජාණෝ සිංදුවට හරිම ආසයි. එම සිංදුව අහගෙන තමයි දුෂණය, වංචාව සිදු කළේ. අද මැතිවරණයේ දී බලය ඉල්ලා සිටින්නේ ජිවිතය බේරා ගැනීමටයි. අද මෙම හොරු ටික අහනවා වෙනස සැප ද කියලා. අපට නම් වෙනස සැපයි. හොරකම් කළ අයට නම් කිසිදු සැපයක් නැහැ.”
– ප්‍රසන්න අධිකාරී
We need Bodu Bala Senawa to tackle the Thambi menace.
athhtatama dan me manussayawa pilukul.
අවදිවව් සිහළුනේ…. අවදිවව් නොනිදා
කප් සුවහස් කල් වොරැඳි තුන් සිංහලේ
රකින්නට සිත අවි දරා
රකින්නට අත වෙර දරා
අවදිවව් සිහළුනේ…. අවදිවව් නොනිදා
රාජිත ඇමතිවරයා ඇතුළු බෙහෝ දේශපාලනඥයන් සිංහලයන්ගේ චන්දයෙන් බලයට පැමිණ දර්ගා නගරයේ ආරක්ෂකයන් වී සිටිති. තමන්ගේ පාරම්පරික නිජභූමිය හරහා පයින් ගමන් කරන්නටද, පෙරහැර පවත්වන්නටද මෙහි සිංහලයන්ට අද තහනම් කර ඇත. පළාතේ වැදගත්ම බෞද්ධ සිද්ධස්ථානය වන කන්දේ විහාරය මහා තේජසකින් බැබළුනද, පතිරාජගොඩ, කුරුඳුවත්ත වැනි කුඩා බෞද්ධ සිද්ධස්ථානයන් අද හුදකලාව අසරණ වී තිබේ. මෙහි වරද ඇත්තේ කොතැනකද. එය නිවරදි කරගත හැකි වේවිද ? පෞඪ අතීතයක් හිමි ජාතියක් අද වනවිට ක්‍රමයෙන් පරදේසක්කාරයන්ගේ අතකොළු බවට පත්ව තිබීම සැබැවින්ම සිංහලේ ඛේදවාචකයකි.
මූ චංඳයට පෙර එක්සත් එමීර් රාජ්‍යයේ ගොස් යු ඇන්පියට චංඳයදීමට මුස්ලිම් අය ගුවන් ටිකට්පත්දී ලංකාවට ගෙන්වා ගත්තා එමරටේදී මුස්ලිම් කාරයෙකු අල්ලාගෙන මුලු රටේම ඇවිත් දෙමළ මුස්ලිම් ජනතාව මුන ගැසි උන්ට චංඳය දෙන්න පෙල ගස්සුවා තව මොනවාද කපටි නරියා මිස මූ දෙපත් නයෙකි????
වංක හිවලා කෑ ගහනවා. බෙහෙත් හොරා බෙහෙත් ඇමති වෙලා. දැන් මූ ජාතිවාදය අවුස්සනවා. හා වෙනිදට මුඋට මඩු වලිගෙන් ගසා අල්මරියකට දන්නා. කැබිනට් එකේ මුට වැඩක් නෑ. අනේ මුට ගහන්න සතෙක් නැතිදෝ?
මේ අපතයා කලින් ඇන්දෙ රතු කමිස. දැන් අඳින්නෙ
කොල කමිස. අහෝ ශ්‍රේෂ්ඨ මාර්ක්ස්වාදියෙකුට ගියකල!
හරි, ආණ්ඩුවක් හැටියට ප්රචණ්ඩව හැසිරෙන කල්ලි, සන්හින්දියාවට බාධා කරන කල්ලි අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. පුලුවන්නම් කරලා පෙන්නපන්.
මොකද බොදුබල රාවණ ඔක්කොම ප.ච ලගේ කුමන්ත්‍රණ එකයි කිසි සද්දයක් නැතුව ඔය ඉන්නේ. නැත්නම් ආණ්ඩුව මෙකරන වැඩවලට ඔක්කොම පාරට බැහැල ඉන්න ඕන සද්දේ වහල ආණ්ඩුවට ඕන දෙයක් කරන විදිහට ඉන්නේ එකයි. මේගොල්ල අයෙත් හදන්නේ මහින්දගේ නම කන්න. මහින්දයත් ආණ්ඩුවේ ඇමතිය කියල ඉස්සර ඕන බලු වැඩක් කරන්න දීල සද්දේ වහං හිටිය.. දැන් තේරෙනවා ළඟ ඉඳන් නම කාපු උන් කවුද කියල.
umbata penne muladharmawadi prachandathwayata erehi wana BBS pamanai, mineemaru jamaitul islami waeni agamika thrastha sanvidhana walata wiruddhawa kathakaranne nae.