පොහොට්ටුව දෙකඩයි..

May 28, 2022 at 10:00 am | lanka C news
පොහොට්ටුව දෙකඩයි..

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව තිබෙන මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වීමේ අවදානමක් මතුවී ඇතැයි ඇතැයි වාර්තා වෙයි.

එම සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් කැමැත්ත පල කර ඇතත් යම් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.

නව සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩකඩ අහිමි වීම සහ ජනාධිපති බලතල කොටසක් අග්‍රාමාත්‍යවරයාට පැවරීම යන කාරණා පිළිබඳව පොදුජන පෙරමුණේ පිරිසක් විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත් මෙම සංශෝධනය සඳහා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් සහය ලබා දෙන නමුත් පිරිසක් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී අතර එය පක්ෂය දෙකඩ වීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම එළැඹෙන සදුදා දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවා ඇත.

102,390 views

16 Comments to “පොහොට්ටුව දෙකඩයි..”

  1. චන්ද දායක says:

    අරගල , විරෝධතා වල සැර බැස්සා. දැන් ආයෙත් පරන තැටියමයි. දේශ පාලුවො හොඳටම දන්නවා අපේ මිනිස්සුන් ගෙ සිතුම් පැතුම් දුර්වලතා . මිනිස්සු බෙදිලා එක වේදිකාවකට ගේන්න බැහැ . මේක තමයි අපේ සදාකාලික පැවැත්ම. මහා වෙනසක් කියන්නෙ හීනයක් ම පමනයි.

  2. Sharm says:

    එය එසේ විය යුතුය… සාධාරණ සහ යහපත් චේතනාවෙන් නොකරන දේවල් දෙවියන් වහන්සේ හෝ ස්වභාව ධර්මය විසින් ඉවත් කරනවා..

  3. jp says:

    ද්විත්ව පුරවැසි භාව සම්බන්ධයෙන් වෙනම ජන්දයක් තියන්න. විදෙස් රටවල පාර්ලිමේන්තුවලට පත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ද්විත්ව පුරවැසිභාවය රැක දීම මඟින් ඔවුන්ගේ උපන් රට වශයන් ශ්‍රී ලංකාව කෙරෙහි වගවීමට මෙන්ම ශ්‍රී ලංකාවට ගෙනෙන අභිමානය ද ආරක්ෂා කරගත හැක.

  4. R. Prema says:

    ඉස්සර කුලියට ගත්ත වහල්ලු නොවෙයි දැන් ඉන්න කොල්ලෝ, 21 පොල්ල දමලා යහතින් ගෙදර එන්නද හිතන් ඉන්නේ, ඒවා සුම්මා