පොහොට්ටුව පරවෙයි.. ඩලස් මුල් කරගෙන නව සන්ධානයක්.. මන්ත‍්‍රීන් 49ක් එක්වෙයි..

June 11, 2022 at 10:40 am | lanka C news
පොහොට්ටුව පරවෙයි.. ඩලස් මුල් කරගෙන නව සන්ධානයක්.. මන්ත‍්‍රීන් 49ක් එක්වෙයි..

ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ඊයේ සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂම මුණගැසිණි.

මෙම සාකච්ඡාව සඳහා ඩලස් අලහප්පෙරුම මහතා සමඟ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් සහභාගි වූ බවට වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිදුව තිබේ.

කෙසේ නමුත් ඉදිරියේදී බිහිවන නව දේශපාලන බලවේගයක මූලික නීතිමය කාරණා නිරාකරණය කර ගැනීමට මෙම පිරිස පැමිණි බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දැනට පොහොට්ටුවේ ඉතිරිව ඇති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා සමග නව දේශපාලන බලවේගයකට දැනටමත් එක්ව ඇති බවයි.

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් හා නීතිඥවරුන්ගෙන් සිව් දෙනකු හැර සියලු දෙනා මෙම නව බලවේගයට එක්ව ඇති බව ද වාර්තා වේ.

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන්න නව දේශපාලන බලවේගය සිය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

68,830 views

26 Comments to “පොහොට්ටුව පරවෙයි.. ඩලස් මුල් කරගෙන නව සන්ධානයක්.. මන්ත‍්‍රීන් 49ක් එක්වෙයි..”

  1. Crazy says:

    මෙරටෙහි වස්තුව ධනය, ජාන සම්පත්,අපගේ දැනුම, අතිමහත් ලෙස කොල්ලකා, සුන්දර පරිසරය විනාසකර මේ පොලවෙහි සාරය උරාබිව්, ලොව ශේ‍ර්ෂ්ථ සිටි ජාතියක් එලවටත් මෙලවටත් නැති ජාතියක් බවට පත්කල එංගලන්තය, නෙදර්ලංතය, පෘතුගාලය මෙ මොහොතේ මෙරටට උදව්කල යුතුයි. අපේ දේශපාලකයන් (කොන්දක් ඇති) මෙබව එකි රටවලට මතක්කර ඔවුන් මේරටට පියවියයුතු නොනිල ණය දුක්විදින ජනතාව වෙනුවෙන් අයකරගත යුතුය.

    • Manodaya says:

      ඉතාමත් හොදයි. අපි ඔවුන්ට ඔවුන් කල විපත පෙන්වා දී උදවු ලබාගත යුතුය. එය නිවට කමක් නොවේ. අපෙන් සූරාගත් දෙය ගැන කතා නොකරන මොවුන් අද කරන්නේ තවත් ඔවුන්ට කත් අදින එක තමයි. එමම යෝජනාව හරි අගෙයි. නව පක්ෂයට ජය වේවා.

  2. Chandra says:

    දශක ගනනාවක් රාජපක්ෂ පවුලට කඹුරලා, දැන් තමයි මතක් වෙලා තියෙන්නේ පවපවුල්වාදය පිටු දකින්න. ඩලස් තමයි සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන භාවිතා කරලා පවුල ආරක්ෂා කරන්න උදවු කලේ.

    • Mey a mayinage nedeyek. O.L Wath nehe
      Ara wimal wage wachana seehyak withara padam Karala kiyawanawa. Hadawatha athata Aran kanthawA. Meya mayinage upparawettiyak elawa damamu

  3. Neo says:

    දැන් බයියෝ කියලා ලේබල් වෙන්නේ පොහොට්ටු පවුල් පාර්ශවයද, පොහොට්ටු විකල්ප පාර්ශවයද? මේ රටේ විජාතික රදල දේශපාලන කදවුරට ඇත්ත වයිරය තිබුනේ රාජපක්ශ පවුල සමග නෙවේ. ග්‍රාමීය සින්හල බෞද්ධ මිනිහා එක්ක. මම හිතන්නේ ඒ වයිරය ඊලගට යන්නේ පොහොට්ටු විකල්ප පාර්ශවය මතින්.

    • කිඹුලා ඇලේ ගුණා says:

      Out of all the comments here your’s was the only sensible one. That’s very true. Eventually it will happen.

  4. මුන් කෑව අපේ රට .... says:

    දේශපාලන ය එපා කියලා කොට්ට පැදුරු අරගෙන ගෙදර ගිය එකා නේද මේ

  5. මුන් කෑව අපේ රට .... says:

    දේශපාලන ය එපා කියලා කොට්ට පැදුරු අරගෙන ගෙදර ගිය එකා නේද මේ …..කොහොමද දෙශපාලනයේ රස මේ කාලකන්නි න්ට

    • ධර්මසේන says:

      ශ්‍රිලංකාවේ එක දේශපාලන පක්ෂයක් වැසිකිලියක් නම් අනිත් එක කැසිකිළියක් කියලා ගියේ.

      මේ දේශපාලන මඩ ගොහොරුවෙන් මම සදහටම නික්මෙනවා කියලා තමයි ගියේ ඇමරිකාවට.

      94′ මාතරින් ඉස්සෙල්ලම චන්දෙ ඉල්ලුවෙ 88/89 මැරිච්ච අම්මලාගේ දරුවොන්ට මරණ සහතික අරගෙන දෙනවා කියලා. අන්තිමට මිනිහත් නෑ මරණ සහතිකත් නෑ.

  6. Sasrasi says:

    පරක්කු වෙලා හරි කමක් නෑ . දැන්වත් හරි මාවතකට ආවා නම් හොදයි . ගසාකෑම දකින්න ඇති නේ . හැබැයි පරන වාහන ටික නම් කීයටවත් ගන්න එපා . අපිට එපා වෙලා තියෙන්නේ . මෙලෝ වැඩක් නව කාලෙට හරියන දැක්මක් , අලුතින් හිතන්න දන්නෙම නෑ . ඔබලා පටන් ගන්න හොඳ අය එකතු කර ගන්න . පනින ගෙම්ඹෝ ඔක්කොම එකතු කරගෙන අනාගන්න එපා .

  7. Bandara says:

    Anith paksha walata karapu dema wenna ona. Sataka shapaya banga wewa!

  8. ආර්නෝල්ඩ් සුබසිංහ says:

    මමත් ඩලස් වෙනුවෙන් කඩේ ගිය එකෙක්.ඇත්තෙන්ම අපි කලකිරිලා ඉන්නෙ.දැන්වත් ඔය තීන්දුව ගත්ත එක හොඳයි.හැබැයි ඩලස් මහත්තයෝ රටේ මහජනතාවට එක පොරොන්දුවක් ඕන.බලයට ආවොත් හොරැ දූෂිතයෝ නීතිය හමුවට ගෙනත් සියල්ල අයකරගන්නා බවට

  9. මහී ජිනපාල says:

    පොහොට්ටුව පර වෙන තුරු බලා ඉන්න මාධ්‍ය ප්‍රවුර්ති දැක්කම හරි ජොලි. හැබැයි ඇත්ත දේශපාලන සිද්ධිය එහෙම වෙන්නේ නෑ.

  10. Buddhist says:

    The honesty of this new party could be proved only if the crooks from SLPP are not given nominations under this party ticket.

Main News