පොහොට්ටුව ප‍්‍රබලයි.. ශ‍්‍රිලනිප තමන්ගේ තරම දැන ගත යුතුයි..- කියමින් නිමල් සිරිපාලත් තීන්දුයි..

August 8, 2019 at 10:00 am | lanka C news
පොහොට්ටුව ප‍්‍රබලයි.. ශ‍්‍රිලනිප තමන්ගේ තරම දැන ගත යුතුයි..- කියමින් නිමල් සිරිපාලත් තීන්දුයි..

ඉදිරියේදී ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ ප්‍රබල මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ශ‍්‍රීලනිපය සංධානගත වෙන්නේ නම් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් එය සිදුවිය යුතු බව මෑතක දී රැස් වූ මධ්‍යම කාරක සභාවේ දී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත.

පක්ෂයක් ලෙස සන්ධාන ගත වීමේදී කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයිද මහ ලේකම්වරයා පවසා ඇති අතර පක්ෂයට තිබෙන බලය පෙන්විය යුතු බවත් සඳහන් කර ඇත.

ඊට විරුද්ධ අදහසක් දරමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ මේ වන විට භූමියේ තිබෙන ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගෙන දේශපාලන ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

මේ වන විට පැහැදිලිවම පොහොට්ටුව බිම් මට්ටමින් ඉදිරියට පැමිණ ඇතැයිද පවසා ඇති ඔහු ඒ බව තේරුම් ගෙන ක්‍රියා කළ යුතු ඇති බවද සඳහන් කර ඇත.

තමන්ගේ තරම දැනගෙන වැඩ කිරීම සුදුසු යැයි ද ඔහු තවදුරටත් පවසා තිබේ.

මෙම මධ්‍යම කාරක සභාව රැස් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පෙරේදි දිනයේදීය.

67 views

9 Comments to “පොහොට්ටුව ප‍්‍රබලයි.. ශ‍්‍රිලනිප තමන්ගේ තරම දැන ගත යුතුයි..- කියමින් නිමල් සිරිපාලත් තීන්දුයි..”

  1. Neela Perumal says:

    Aho! Srilanipayata ( S. L. F. P.) saha Pandaranayagam paramparawata wenna yanade!

    • Amda says:

      දැන් ඉතින් වැල යන පැත්ත බලල මැස්ස ගහන්න බලාගෙන ඉන්න ඕනෙ කෙනෙකුට තීන්දු ගන්න පුලුවන්…කමක් නෑ.
      ඒත් ඡන්දදායකයිනි, අමතක කරන්න එපා මුල ඉඳන් ගේම් එකේ හිටියෙ කවුද කියලා.

      මොකද අපේ ලොක්කත් ඕනෙම නයෙක් ගන්නවා ඔඩොක්කුවට…ඊට පස්සෙ එයාට කෙල උනා කියන්නෙ නැතිවෙන්නෙ “රට”.

  2. charles says:

    Dayasiri and Ganja going to UNP for sure. That is why they are creating troubles between SLFP and Pohotuwa. MY3 should use his brain wisely now.

  3. mp says:

    so that he can continue to sleep in cabinet meetings…???

  4. gamarala says:

    මැතිසබේ වසර 4ක් නිදාගන හිටියා මදිවෙලා වගේ

  5. NAK says:

    Siripalaya no:1 apathaya. moo nethuwata kamak nehe.

  6. UNP-GALIBBA says:

    බලාගෙන කොට්ටු ලගින් ගියොත් ඇහැක් නැත පොඩි ආනාතාඅදාරයක් දීලා පැත්තකට කොරලා තියන්න​??

  7. P.D Goonawardena says:

    ඕකව ගන්නවට අපි නම් එකහෙලා විරුද්ධයි. ෆොටෝ ගත්තට කමක් නැහැ ඇතුලට නම් ගන්න එපා…මහා බල්ලෙක්……

  8. David Milli-banda says:

    Asau… Asaw…… Nimal Siripala “Ninden Nagitala”……
    Ammata hudu bulath athakuth aragena awilla thiyenne.

Main News