පොහොට්ටුව බෑ කිවුවොත් අපි ජවිපෙ සමග එක්වෙනවා…- ශ‍්‍රීලනිප මහ ලේකම්

September 18, 2019 at 3:00 pm | lanka C news
පොහොට්ටුව බෑ කිවුවොත් අපි ජවිපෙ සමග එක්වෙනවා…- ශ‍්‍රීලනිප මහ ලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති කිරීමට සිදුවන සාකච්ඡා අසාර්ථක වුවහොත් තම පක්ෂයට තවත් විකල්ප ගණනාවක් ම තිබෙන බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

එකඟතාවයකට පැමිණීමට බැරි වුවහොත් පක්ෂය තනිවම තවත් සන්ධානයක් සමග හෝ එකතුව මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවද එසේ නොමැති නම් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වී හෝ ඉදිරිපත් විය හැකි බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මාතර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට පෙර එහි පොහොට්ටුව දකුණු සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමක් කිසිසේත්ම සිදු නොවන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

94 views

30 Comments to “පොහොට්ටුව බෑ කිවුවොත් අපි ජවිපෙ සමග එක්වෙනවා…- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. sunimal says:

    අනුර තුමෝ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

  2. රුචිර says:

    නොකෙරෙන දීගෙට කෝදුරු තෙල් හත්පට්ටෙකුයි තව ඩිංගිත්තකුයි ඕනෙ කියනවානේ…..

  3. හෙළ ලකුණ says:

    මේ කබ්බො එකතුකරගත්තොත් ජවිපෙට තියන ඡන්ද ලක්ෂ හතරත් නැතිවෙනවා.

  4. අම්ම බෑ කිව්වම පුංචි අම්මත් එකක් තෝත් පල හුලවාලියා says:

    අම්ම බෑ කිව්වම පුංචි අම්මත් එකක් තෝත් පල හුලවාලියා

  5. නිළමේ says:

    ජවිපෙ එක්ක එකතු වී සෙට්එකම ගෙදර.

  6. Priyankara says:

    Me wage ambaruwo hinda thamai lankawata hena gahala thiyenne. Ratata kelawela thiyeddi, lakunak gana katha karanaw. Kalakanni.

  7. නයන says:

    ඒක හොදා , අපේ ගම් වල නම් මේ වතාවේ කැන්වසින් ආවොත් කොසු ඉඩල් පාරවල් තමා.

Main News