පොහොට්ටුව බෑ.. මීලග මැතිවරණයේ ලකුණු පුටුවයි…- ගම්මන්පිල

December 4, 2019 at 12:00 pm | lanka C news
පොහොට්ටුව බෑ.. මීලග මැතිවරණයේ ලකුණු පුටුවයි…- ගම්මන්පිල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

අප තීරණය කර තිබෙන්නේ පුටුව ලකුණ යටතේ පුළුල් සංධානයකින් තරග කිරීමට.මහමැතිවරණයට තව බොහෝ කලක් තිබෙන නිසා අවසාන වශයෙන් මෙන්න මේ ලකුණින් තරග කරනවා කියලා ප්‍රතිඥාවක් දෙන්නට අපට බැහැ. සියලුම පක්ෂ එකට එක්ව තරග කරනවා නම් තරග කරන්නේ පුටුව ලකුණ යටතේ. ඒ පිළිබදව අප ගිවිසුමකට පැමිණ අවසන්.

පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ගිවිසුම් ගත වෙලා තියෙනව පුටුව ලකුණින් තරග කරන්නට. සමහ‍ෙවිට ඒ පිළිබඳව පහල සාමාජිකයන් තාම දැනුම්වත් කර නැතුව ඇති. මොකද මම නම් ඇස් දෙකෙන් දැක්කා එතුමා අත්සන් කරනවා. ඒ උත්සවයේ අපේ පක්ෂයේ ලේකම් තුමන් මේ සඳහා අත්සන් කරද්දී එතුමාට පිටුපසින් මා සිටගෙන සිටියා. මට එහා පැත්තෙන් හිටියෙ මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා සාගර කාරියවසම් මැතිතුමන් අත්සන් කරද්දී.

ඉතින් මේ නායකයන් පක්ෂ සාමාජිකයන්ව දැනුම්වත් කරන්නට සිදුවෙයි එවැනි එකඟතාවයක සිටින බවට. පක්ෂ නායක මට්ටමින් අප සියලුදෙනාම එකඟ වෙලා සිටින්නේ පුටුව ලකුණෙන් තරග කරන්නට.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සාමාජිකයන්ට තමන් කැමති අදහසක් කියන්නට පුළුවන්. ඒ පක්ෂයේ දෙවන පෙළ තෙවන පෙල නායකයන් තමන්ගේ ආසාව කියනවා.

එක පැත්තකින් ඔවුන් ගිවිසුම ගැන නොදන්නවා වෙන්නට පුළුවන්. දැනගෙන හිටියත් ඒක තමන්ගෙ ආසාව. තම කැමැත්ත කියන්න කාටවත් බාධාවක් නැහැ. ඒකට කියන්නේ භාෂණයේ නිදහස කියලයි.

– අරවින්ද අතුකෝරල

46,247 Viewers

22 Comments to “පොහොට්ටුව බෑ.. මීලග මැතිවරණයේ ලකුණු පුටුවයි…- ගම්මන්පිල”

  1. baila says:

    amathikamak nolebuna nisa… gammapille… wanguwak gahanna da hadanne…

    nodokin..

    mu okkomata one … balaya…mokage redde elli la hari

    • විජෙ says:

      ගිවිසුමක් තියනවා . ඒ අනුව කටයුතු කිරීම තමා මහත්මා ගතිය . ගම්මන්පිල මහතා කියන්නෙ ඇත්ත .

    • එක්නැලිගොඩ says:

      මොකක්ද මෙතන තියෙන වංගුව. පොහොට්ටුව ඇතුළු සියලු පක්ෂ නායකයෝ සංධාන ගතවෙලා ඉවරයි ඉදිරි මැතිවරණයේදී පුටුවෙන් තරග කරන්න. ඒක වංගුවක් නම් බං සියලු පොහොට්ටුවේ නායකයොත් ඒ වංගුවට හවුල්.

    • Amda says:

      බෑ…අපි දෙන්නෙ පොහොට්ටුවට

      ගිවිසුම් ගැන අපි දන්නෙ නෑ

      ඔය මූසල පුටුව දැක්කම මතක් වෙන්නෙ අර යක්ස ගෑනිව

    • කිරිමෙල් says:

      අැත්ත කියන ගම්මන්පිල එක්ක 2015 මීහරක් තරහම තරහයි.

  2. ලොකු තාත්තා says:

    දැනට ලකුණු පුටුවයි… ලංවෙන කොට පොහොට්ටුව…
    ජනවරම පොහොට්ටුවට!

    • දයා says:

      ජනවරම දුන්නේ ගෝඨාභයට මිසක් පොහොට්ටුවට නෙමේ. මොකද ගෝඨා බෝට්ටුවෙන් ඉල්ලුවනම් අපි නොදී ඉන්නවද? පක්ෂ නායකයන් එකගවෙලා ඉන්නවනම් පුටුවෙන් ඉල්ලනන් එහෙම ඉල්ලන්න. දැන් තියෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්. පාට පක්ෂ ලකුණු කරේතියන් නෑ දැන් මිනිස්සු.

      • ලොකු තාත්තා says:

        මහ මැතිවරණයේදීත් ගෝඨාභය ද ඉල්ලන්නේ? ගෝඨාභය මොන පක්ශේද? දැන් තියෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්! කකුලෙන් ඇදිලි අපට අමතක නැත…

  3. Gonsun says:

    Gota, please form.a new party, have new list of educated people and lets win the elections.
    All crooks of yester year gone to dust bin.

  4. Neo says:

    දිනපු ලකුණ විසි කරන්න පිස්සුද? සන්ධාන ගැහුවට ලකුණ පොහොට්ටුව වෙන්න බාධාවක් නෑනෙ.

    • sayumi says:

      ලකුණ මොකක් උනත් පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය දිනනවා නියතයි. මොන ලකුණ යටතේ හෝ සැවොම එක්ව තරඟ කිරීමයි වැදගත්.

    • Plato says:

      Gentleman-ship must be shown to a gentleman!

      Is the SLFP chairman a gentleman?

  5. නයා says:

    ජනාධිපති වරණයේදී පොහොට්ටුව දිනූ සියළු දිස්ත්‍රික්ක පොහොට්ටුව ලකුණෙනුත්, පරාජය ලැබූ දිස්ත්‍රික්ක පුටුව ලකුණිනුත් නිතරඟ ගිවිසුමක හා එකිනෙකාගේ අපේක්ෂකයින් ලැයිස්තු තුලට ඇතුලු කර තරඟ කිරීමයි වඩා හොඳ වැඩ පිළිවෙල

  6. වජිර says:

    පොහොට්ටු පක්ෂයේ සමර අය කියනවා පොහොට්ටුවෙන්ම ඉල්ලමු කියලා. නමුත් පොහොට්ටුවේ මහ ලේකම් මේ වන විට අනිකුත් පක්ෂ එක්ක ගිවිසුම් ගතවෙලා ඉවරලු පුටුවෙන් ඉල්ලන්න. පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් තනියම එහෙම තීරනයක් ගන්නේ නෑනේ. ගෝඨාභය මහින්ද බැසිල් ඒ සියල්ලගේම තීරනය මත තමයි මහලේකම් වරයා ඔය විදිහට අත්සන් කරන්නේ. ඉතින් මහින්දට ගෝඨාභයට ලකුණ ප්‍රශ්නයක් නැත්නම් පොහොට්ටුවේ අනිත් අයට තියෙන ප්‍රශ්නය මොකක්ද?

  7. Gamini jayasinghe says:

    ගම්මන්පිල මහතාගේ උපුටා ගන්නා තොරතුරු කෙටියෙන් දක්වන්න. මොකද ගොඩක් දිගට තියෙනකොට කියවන්න එපා වෙනවා.

    • සිංහල බන්ඩා says:

      ඔය ගම්මන්පිලයි අරවින්ද අතුලෝරලයි දෙන්නම ලූස් කේස්

      • Angoda Buva says:

        ඔය මොන්ගල් UNP නායකයන්ටයි උන්ට කඩේ යන උන්ටයි තරම්ම නම් ලූස් නැහැ මගෙ හිතේ.

      • Angoda Buva says:

        ඔය මොන්ගල් UNP නායකයන්ටයි උන්ට කඩේ යන උන්ටයි තරම්ම නම් ලූස් නැහැ මටනම් හිතෙන්නෙ..

  8. Sepalikata horen kotana orwin says:

    Gota sudu van lakunen illuwath dinanawa

  9. මාතර සුනිල් says:

    ගමරාළ විශ්වාස කරල නං මොකුත් කරන්න එපා. මතකයි නේ 2015 අගෝස්තු කරපු කැත වැඩේ. ඕකා සක්කිලියා, ලන්ඩන් වලින් කෝටි 800ක ගෙයක් දෙනවා කිව්වොත් ඕකා අනිත් පැත්තට හැරෙනවා.

  10. මැදමුලනෙ මුත්තා says:

    ගමිමන්පිලයෝ මොකද දමන්නේ වෙටිටූ
    ඇමතිකමක් නොලැබුනාට කනවද පිටිටූ
    නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ
    තවම උන්නැතෙයි මටිටූ
    ඔහොම ගියෝතිං ලඟදිම වෙයි නොවැ
    අගේට ඔයාගෙ මුකපූටිටූ.

Main News