ශ‍්‍රීලනිප තනිව තරග කරන්න සූදානම්.. පොහොට්ටුව බිදගෙන එන ඡන්දෙට ශ‍්‍රීලනිපයෙන් නව සන්ධානයක්..

April 11, 2021 at 10:26 pm | lanka C news
ශ‍්‍රීලනිප තනිව තරග කරන්න සූදානම්..  පොහොට්ටුව බිදගෙන එන ඡන්දෙට ශ‍්‍රීලනිපයෙන් නව සන්ධානයක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට සැලසුම් කර එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

ඒ අනුව පක්‍ෂය ශක්තිමත් කිරීම සඳහා දැනටමත් ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් මෙම නව සන්ධානය සඳහා දැනට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක් එක් වනු ඇති බවත් සඳහන්ය.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිල නොවන අයුරින් සාකච්ඡා පැවැත්වෙන බව සති අන්ත පුවත් පතක් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රබලයෙකු සඳහන් කර තිබේ.

වර්තමාන ආණ්ඩුව බිහි කිරීමේදී ආණ්ඩුව සමග ඇතිකරගත් එකගතා මූලික කරගනිමින් මෙම නව සන්ධානය ගැනද සාකච්ඡා පවත්වන බව ද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ නායක හමුවෙන් පසුව බවද ඔහු පවසා තිබේ.

23,302 views

17 Comments to “ශ‍්‍රීලනිප තනිව තරග කරන්න සූදානම්.. පොහොට්ටුව බිදගෙන එන ඡන්දෙට ශ‍්‍රීලනිපයෙන් නව සන්ධානයක්..”

  1. ECT says:

    වෙන වෙනම තරඟ වැදුනොත් දැන් ශ්‍රීලනිප ට පොහොට්ටුවට වඩා ඡන්ද ලැබෙනවා.
    හේතුව ශ්‍රීලනිප ට ඉතිහාසයක්, ප්‍රතිරූපයක්, නායකත්වයක් තියෙනවා.
    පොහොට්ටුව බැසිල් ගෝටා නාමල් ලන්සා ජොන්ස්ටන් කැළෑ, සීනි, තෙල් නිසා දැඩි පිළිකුලට පත් වෙලා.

    • gamaya2 says:

      තනියෙම් ඉල්ලුවොත්, යු එන් පී යට වෙච්ච දේ මයි වෙන්නේ, හැන්දිගාවිලාම යනවා. එකේ දෙකක් නෑ. මේරටේ ඉන්න වහලුන්ට ඕනෑ රජෙක්ට වහල් කම් කරන්න. බුදු හාමුදුරුව වැඩලා හරි දේ එක තේරෙන්නේ නෑ. ඉන්දියන් පන්නගන්නවා. සුවර්.

  2. Padmini says:

    Appa deveni ralla, seeni sambolla samaga

  3. Karu says:

    මේක හොඳයි., පොහොට්ටුව අධි තක්සේරුවක.

  4. Dengu Nona says:

    Hitange naayakathwaya yatathe aawoth nam Hutan thamayi!!

  5. RED BULL says:

    කරෝල කෑල්ලක් තෙල් දාල ගත්ත නම් පියදාසත් එක්ක ෂොට් එකක් ගහන්න තිබ්බ​.

Main News