පොහොට්ටුව මෙරට දැවැන්තම පක්‍ෂයයි.. එවන් පක්‍ෂයක් දාල යන්න නම් ඔළුවෙ අමාරුවක් තියෙන්න ඔ්නෑ..

June 15, 2022 at 11:20 am | lanka C news
පොහොට්ටුව මෙරට දැවැන්තම පක්‍ෂයයි.. එවන් පක්‍ෂයක් දාල යන්න නම් ඔළුවෙ අමාරුවක් තියෙන්න ඔ්නෑ..

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමටත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔළුවෙ අමාරුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ පක්ෂ කිහිපයක් එක් වූ බවට ගෙන යන ප්‍රචාර පිළිබඳව තමා දැනුවත් නැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය බවත් එවන් පක්ෂයක් අතහැර වෙනත් පක්ෂයකට එකතු වෙන්නට තරම් මොලේ අමාරුවක් කිසිවෙකුට නැති බවද හෙතෙම සඳහන් කළේය.

දැවැන්ත පක්ෂයක් දමාගොස් බලයක් නැති පක්ෂයකට කිසිවකු එකතු නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

තම පක්ෂයේ දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තවත් ඉදිරියට ගෙන යන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

31,789 views

29 Comments to “පොහොට්ටුව මෙරට දැවැන්තම පක්‍ෂයයි.. එවන් පක්‍ෂයක් දාල යන්න නම් ඔළුවෙ අමාරුවක් තියෙන්න ඔ්නෑ..”

  1. Gamarala says:

    පොහොට්ටුව දැන් අවලංගු කාසියක් මෝඩයා.

  2. මොලේ කොලොප්පන් says:

    තවම හැටනම ලක්ෂයක් ඉන්නව කියල හිතනවනම් ඔළුවෙ අමාරුවක් තියෙන්නම ඕනි. ඕක දාලා යන්න බැරි කමක් තියෙනවනම් වෙන අමාරුවකුත් තියෙන්න ඕනේ.

  3. Lalla says:

    දැන් පොහොට්ටුව කියල පක්ෂයක් නෑ තියෙන්නේ ඇට සැකිල්ල විතරයි. ඒකත් තව නොබෝ දිනකින්ම ගැලවිලා වැටෙනවා. මේ ලේකමා විකල්වෙලා ඉන්නේ

  4. Samantha says:

    පොහොට්ටුව හිටපු මැතිඇමතිවරුන්ට එළියට බහින්න බැරුව ඉන්නෙ.මේ වගේ කයිවාරු කාරයෝ නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ..

  5. දර්ශන says:

    අපි නම් පොහොට්ටුව විසිරුවා හැරියේ විමල් උදය ඇමතිකම් වලින් ඉවත් කළ මොහොතේ .පොහොට්ටුව කියන්නේ දැන් නමක් විතරයි ජිවයක් නැති මළ මිනියක් .ඕක ආදාහනය කරලා දාපල්ල

  6. වෙබ් බුවා says:

    බලං හිටහං අන්තිමට ඉතුරු වෙන්නෙ තෝ විතරයි

  7. Nimal Liyanagama says:

    තමුසේ වගේ බොරු කයිවාරුපාලලා නිසා තමයි ඕයි රටට කෙලවුනේ. මතක තියා ගන්න නීතිය පාඩම් පොත් වල තිබුනාට බුද්ධිය කට පාඩම් කරලා ගන්න එකක් නෙවි. පුළුවන් නම් කතා නොකර ඉඳිං. ඒකත් රටට සම්පතක්.

  8. ලැජ්ජා නැතිකම මහමුදලි කමට එහා says:

    නීතිඥයො විභාග පාස් කලාට මොකද හොද නීතිඥයො අතර මේ ක්ෂෙත්‍රයෙත් පිස්සො වැහි වැහැලා ඉන්නවා. මේ ඒ වගේ පිස්සෙක්. මුන් දන්නෙ නෑ රාජපක්ෂලා කර ඇති අපරාධ නිසා වැදගත් විදියට නික්ම යන්න බැරිකමක් තියෙන්නෙ කියලා. අනික මේ වගේ වාසියට ඕන බලු වැඩක් කරන උගතුන් අපේ රටේ අඩුවක් නැත්තේ අධික තරගය තුලින් විභාග පාස් කිරීමේ ක්‍රම වේදය නිසා වෙන්න ඇති. හැබැයි බැසිල් තුලින් රාජපක්ෂ පවුල පීචං වෙලා ඉවරයි. මේ වගේ ලැජ්ජා නැති මං පහරන්නන් වැනි දේශපාලකයන් ඉන්නෙ ලංකාවෙ විතරද දන්නෙ නෑ. ඒ වගේම ලංකාවෙ සාමාන්‍යය ජනයා වගේ ඉවසීම ප්‍රගුණ කල ජනතාව කොහෙවත් නැතිව ඇති. ඒ ඉවසීම මෝඩකමක් වෙයිද?

Main News