පොහොට්ටුව යටතේ දිස්ත්‍රික්ක තුනකින් කුකුලා එයි..

March 8, 2020 at 2:13 am | lanka C news
පොහොට්ටුව යටතේ දිස්ත්‍රික්ක තුනකින් කුකුලා එයි..

එලඹෙන මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ දිස්ත්‍රික්ක තුනකට තරග කිරිමට එම පක්ෂයේ දේශාපලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව පක්ෂයේ උසස් නිලධාරියෙකු පැවසිය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ සභාපති සහ මහ ලේකම් ආරුමුගන් තොණ්ඩමන් , එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති මරදපාණ්ඩි රමේෂ්වරන් සහ එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති නිතිඥය එස්.රාජතුරෙයි යන අයත් , බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ භාරත් අරුල්සාමි යන අය මහ මැතිවරණය සදහා ඉදිරිපත් කිරිමට එම පක්ෂය තිරණය කර ඇත.

නාම යෝජනා භාරදිමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට එම පක්ෂය තිරණය කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

187 views

One Comment to “පොහොට්ටුව යටතේ දිස්ත්‍රික්ක තුනකින් කුකුලා එයි..”

  1. analyst says:

    kohomath mey chande pohottuwa 2/3 dinanneka ney ,

Main News