පොහොට්ටුව යාපනේ හොල්ලයි.. පොහොට්ටු රැළියට ජනගග ගලයි.. ශාලාව පිරී ඉතිරෙයි..
September 30, 2017 at 10:18 pm | lanka C news
වසර 30 ක යුද්ධයෙන් පසුව එදා මහින්ද රාජපක්ෂ යුගයේ “උතුරු වසන්තය” හරහා දෙමළ ජනතාවට විශාල සංවර්ධනයක් ගෙන ගිය හිටපු ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (30) වෙනිදා යාපනයේ ජනතාව මුණගැසී ඔහුනට නැවත මහින්ද රාජපක්ෂ යුගයක් බිහිකොට එම දේශපාලන නායකත්වයක් ඔස්සේ උතුරේ ජනතාවගේ මෙතෙක් පමාවි ඇති සංවර්ධන කටයුතු මෙන්ම අනිකුත් අවශ්‍යතා ඉටුකරන බව ප්‍රකාශ කලේය.
යාපනයේ නල්ලුර් කෝවිල වැද පුදා ගනිමෙන් පසුව යාපනයේ ජනතාව හමුවේ අදහස් ප්‍රකාශ කල අමාත්‍යවරයා එහි ජනතාව විසින් ඉතා උණුසුම්ව පිලිගැනිම මෙහිදී එම ජනතාවට පසුගිය රජය විසින් කල අති දැවන්ත සංවර්ධනය සිහිපත් කිරීමකි.
දකුණේ ප්‍රධානතම දේශපාලන දහරාවන් කිසිවක් උතුරු පළාත තුල සක්‍රියව ක්‍රියාත්මක නොවන තත්වයක් යටතේ මෙම මැදිහත්වීම සියළු පාර්ශවයන්ට බලපෑම් සහගත වනු ඇත.