පොහොට්ටුව රට පුරා අවුරුදු නැකැත් සීට්ටු බෙදයි..

April 3, 2021 at 6:48 pm | lanka C news
පොහොට්ටුව රට පුරා අවුරුදු නැකැත් සීට්ටු බෙදයි..

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කළ නැකත් සීට්ටුව බෙදාහැරීම අද ආරම්භ කර තිබේ.

එම පක්ෂය පවසන්නේ රටේ සෑම නිවසකටම මෙම නැකත් සීට්ටුව ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

බත්තරමුල්ල මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානය ඇතුළු රට පුරා දිස්ත‍්‍රික් හා ආසන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

නැකත් සීට්ටුව සමග නව රජය වසරක් තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා දී තිබේ.

10,745 views

18 Comments to “පොහොට්ටුව රට පුරා අවුරුදු නැකැත් සීට්ටු බෙදයි..”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ගෙදර බූදලෙන් ගහල බෙදන නිසා ජනතාවට අවුලක් නැතුව ඇති ජනතා මුදල් නෙමේ නෙ.අනික ඕලෙ හිස තෙල් ගාන නැකත වෙනස් කලා නම් නාකද විසතෙල් ගාන නැකත කියල.මුන් ඇට නැති මුන් කැවුම් කහ නැති කොකිස් හාල් පොල් නැති කිරිබත් එක්ක මේ පාර සමරන්නෙ අපූරු අවුරුද්දක් නෙව

  2. සකු says:

    බොරු වියදම් .මෙච්චර නවීන ලෝකේ
    ප්‍රින්ටින් කාරය ගොඩ හොඳ කොමිස්

Leave a Comment

Main News