පොහොට්ටුව ලකුණු වෙනස් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට අමාරුම කොන්දේසියක් දමයි..

September 14, 2019 at 11:20 am | lanka C news
පොහොට්ටුව ලකුණු වෙනස් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට අමාරුම කොන්දේසියක් දමයි..

ඔක්තෝම්බර් මස එකොළොස් වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගතහොත් ඔවුන් කියන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පෙහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමට සූදානම් බව පොදුජන පෙරමුණේ පළාත් පළාත් පාලන මන්ත්‍රී සංසදය සඳහන් කරයි.

එහි කැදවුම්කරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා සඳහන් කලේ මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබෑ නියෝජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව තිබෙන බැවින් තමන් සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බවයි.

එසේ නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා හා මාධ්‍ය ප්‍රකාශකයා වරයා පවසන ආකාරයට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් නැතැයි ද ඔහු කියා සිටියේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවා ජයගෙන පෙන්නුවොත් ඔවුන් කියන ආකාරයට පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

69,082 Viewers

9 Comments to “පොහොට්ටුව ලකුණු වෙනස් කරන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට අමාරුම කොන්දේසියක් දමයි..”

  1. Saradiel says:

    රට යන අතක් අතට නැත

  2. senalika says:

    මූ නේද තමන්ගෙම පක්ෂේ එකෙක්ගෙන් පගාව අරං මාට්ටු වුනේ

  3. පොරමෝලා says:

    ශ්‍රීලංනිපෙ ගැන විශ්වාසය තැබිය නොහැකියි. ඔවුන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමසාරිස් වෙත දන්වා ඇත්තේ එම තනතුර සජිත් වෙත ලබා දීමටයි. දැන් රනිල් එජාපෙන් ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති නිසා අවසාන මොහොතේදී සජිත්ට වෙනම ඉල්ලීමට සිදුවුවහොත් ඔහුව අනාථ වීම වැලැක්වීමට සිරිසේන විසින් මෙම සැලසුම් කර ඇතැයි සිතිය හැක.ඔහු ඒ මගින් අගමැති වීමට බලාපොරොත්තුවෙන් සිටිනා බව පැහැදිලියි . ඒ නිසා ශ්‍රීලංනිපෙ ගැන පොහොට්ටුව විශ්වායක් තබා ගැනීම පලක් නැති බව පෙනේ

  4. Gorilla says:

    මුං හදන්නේ අයෙම පොහෝට්ටු චන්ද ටික මංකොල්ල කන්න. බුලත්කොලෙන් හරි පුටුවෙන්හරි ඉල්ලුවොත් පාර්ලිමේන්තු මැතිවරණයත් ඒකෙන්ම ඉල්ලන්න වෙනවා. එතකොට ජල්තර දාන්න හදයි. දුර බලන්න ලග නොබලන්න.

  5. charles says:

    SLFP is doing awaiting game. If Sajith gets the nomination from UNP , they will try him.

  6. charles says:

    Every vote is important in a Presidential election. So it is necessary to have a alliance( Pohotuwa and SLFP )

  7. PULATHISI says:

    කුමන හේතුවක් නිසාවත් පොහොට්ටුව ලකුණ වෙනස් කළ යුතු නොවේ. මෑත අතීතයේ කළ කෙනෙහිලිකම් අමතක කළ යුතු නොවේ. ඒවා විඳගනිමින් පොහොට්ටුව ජයග්රාිහී ඉදිරිගමනක් යමින් සිටී. පරාජිත පුටුවට හෝ බුලත් කොළයට වඩා ජයග්රාොහී පොහොට්ටුව අපට වටී.
    ඔය කියන කේවල් කාරයන් මුලින් ඉල්ලා සිටියේ ප්රුතිපත්තිය පමණි. එය සම්පූර්ණ වන විට දැන් ලකුණ වෙනස් කරන්න කියන්නේ “මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්” න්යාණය අනුවද?
    පොහොට්ටුව ඉතා කෙටි කාලයකින් දිනාගත් ජනපදනම සුනු විසුනු කිරීම කේවල් කාරයන්ගේ අරමුණයි. ඔය කේවල් කාරයන්ගේ ක්රිකයා කළාපය හේතුවෙන් ඔවුන් ජනතා අප්රවසාදයට ඉලක්ක වී අවසානය. ඔවුනට ඉතිරිව ඇත්තේ ධන බලය සහ රාජ්යායනුග්රහහය පමණි. එබැවින් මේ මොහොතේ ඉතා විචක්ෂනණ බුද්ධියෙන් ක්රිියා කළ යුතුය.
    කේවල් කරුවන් සඳලු තලෙන් බිමට වැටෙන්නේ මෙතෙක් පොහොට්ටුව ඉදිරියට ගෙනා ඍජු ප්රොතිපත්තිය ආරක්ෂාක කරගතහොත් පමණි.
    නොඑසේ නම් පොහොට්ටුවට හිමිවී ඇති ජනතා ප්රොසාදය බිඳී යනු නොඅනුමානය.

  8. PULATHISI says:

    පොහොට්ටුව ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකයන් ඉතා පැහැදිලි තීරණයක් ගෙන තිබියදී, එම ඍජු තීරණය අවුල් කිරීමට අනවශ්‍ය ප්‍රකාශ කිරීමෙන් වැලකී නායකයන් විසින් ගන්නා ලද තීරණයට ගරු කිරීම අනුගාමිකයන්ගේ වගකීම සහ යුතුකම බව සඳහන් කළයුතුය.

  9. Stanley says:

    SLFP died in 2015. Dayasiri ask more and more for a bad smelling dead body.

Main News