පොහොට්ටුව ලකුණ බෑ.. ලකුණ මාරු කලොත් සහාය දෙනවා..- ශ්‍රීපනිපය ගෝටාට කියයි..
September 7, 2019 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
එම ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එක`ග වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා එක`ගතාවය දක්වනු ඇති බවද සුමතිපාල මහතා සඳහන් කළේය.
මේ වන විට දෙපාර්ශ්වය අතර පවත්වන සාකච්ඡාවලදී ඉදිරිපත්වන වෙනත් කරුණුවලට එක`ගතාව පළවුණත් මේ වන විට පොහොට්ටුව ලකුණ නම් කිරීම නිසා එය බාධාවක් වන බවද සුමතිපාල මහතා පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ විටදී දෙපාර්ශ්වය පොදු සන්ධානයක් සහ පොදු ලකුණකින් ඉදිරි මැතිවරණවලට මුහුණ දියයුතු බවට එක`ගතාවට පැමිණ තිබියදී පොදුජන පෙරමුණ පාර්ශ්වය සිය හිතුමතේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සහ ලාංඡනය පොහොට්ටුව ලෙස නම්කරමින් තනි කැමැත්තට ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ බව කී සුමතිපාල මහතා ඒවාද බාධාවක් කර නොගනිමින් සාකච්ඡා ඉදිරියට ගෙනගිය බවද කීවේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රටේ තුන්වැනි බලවේගය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වූ බවත් එය අප ජනාධිපතිවරයකු බිහිකිරීමේදී තීරක බලය ලෙස පත්ව ඇති බවත් කී සුමතිපාල මහතා එය වටහාගෙන අද පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හා මන්ත්‍රීවරුන් පක්ෂයට බඳවාගෙන තනියෙන් ජයග්‍රහණය කිරීමේ දේශපාලන ගමනක නිරත වී සිටින බවද කීවේය.
පවතින දේශපාලන තත්ත්වය වටහා නොගෙන පොදුජන පෙරමුණ කටයුතු කළහොත් තාවකාලික දේශපාලන බලයක් පසුපස නොයා පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොවී දේශපාලන ගමන ඉදිරියට ගෙනයන බවද සුමතිපාල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දේශපාලන ගමන යන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසය හා ආකල්පය මත බව කී සුමතිපාල මහතා යුද්ධය ඉවර කර රට සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පරාජයට පත්වූ බවද කීවේය. එම නිසා එවැනි නායකයකුට වඩා තවත් ජනප්‍රිය කෙනකු පොදුජන පෙරමුණේ සිටින බවට කවුරුන් හෝ හිතනවා නම් ඔහු දේශපාලනය නොදන්නා කෙනෙකු බවද සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
– divaina
This is a trick not just by slfp but by unp too. Pohottuwa don’t need slfp. If they think slfp still have votes they r dreaming. The minute slfp joined unp and made m3 slfp leader slfp supporters left it. In 2015 every one voted slfp for mr n slfp should never have made m3 its leader after he won against slfp it self. That party is finished.
No coalitions coz v want a small cabinet, v dont want bloody 100 people becoming amathi and upa amathi.
අපිට නම් ඔය අත ලකුණු දැන් තිත්ත වෙලා
පොහොට්ටු ලකුණ ජන හදවතේ රැදුන ජයග්‍රාහී ලකුණයි. කුජිතයන් කියන විදියට එය වෙනස් නොකළ යුතුයි. සිර්සේනලා කල් ගන්නේ සජිත්ට එකතු වෙන්නයි. එය සජිත්ගෙන්ම කියවුන. රැවටෙන්න එපා.
S,L.F.P KIYANNE DEN KEMEN KEMEN “THREE WEELER” PAKSHAYAK BAVATA PATHVEMIN PAVATHINA PAKSHAYAK, 62 LAKSHEKIN DINAPU “PATHOLAYATA” CHANDA 6000 K LEBEVIDEYI SEKAYI,
කෙවල් කිරිමට තියෙන එකම තුරුම්පුව තමයි ඔය ;
ගේම් කරයින්ගෙ අන්තිම තුරුම්පුව ,
ඉඩ නොදෙනු . යන්න අපි ගෙදරම යවන්න වග බලා ගනිමු..
BETTER TO TELL RILASIRI TO CONTEST ALONE, NO ONE VOTE HIM OR ANY ONE
පොහොට්ටුව ලකුණ කිසිසේත් වෙනස් විය යුතු නැත .ලකුණ නෙවේ වෙනස් විය යුත්තේ තමන් දරණ වැරදි ප්‍රතිපත්තියි .එ .ජා .ප ය සමග දීගකමෙන් ශ්‍රී.ල.නි.ප. අද විනාශ වී ඉවරයි .තව ලකුණ ගැන කතා කරන්න එනව.
කුමන හේතුවක් නිසාවත් පොහොට්ටුව ලකුණ වෙනස් කළ යුතු නොවේ. මෑත අතීතයේ කළ කෙනෙහිලිකම් අමතක කළ යුතු නොවේ. ඒවා විඳගනිමින් පොහොට්ටුව ජයග්‍රාහී ඉදිරිගමනක් යමින් සිටී.
පරාජිත පුටුවට හෝ බුලත් කොළයට වඩා ජයග්‍රාහී පොහොට්ටුව අපට වටී.
ඔය කියන කේවල් කාරයන් මුලින් ඉල්ලා සිටියේ ප්‍රතිපත්තිය පමණි. එය සම්පූර්ණ වන විට දැන් ලකුණ වෙනස් කරන්න කියන්නේ “මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්” න්‍යාය අනුවද?
පොහොට්ටුව ඉතා කෙටි කාලයකින් දිනාගත් ජනපදනම සුනු විසුනු කිරීම කේවල් කාරයන්ගේ අරමුණයි. ඔය කේවල් කාරයන්ගේ ක්‍රියා කළාපය හේතුවෙන් ඔවුන් ජනතා අප්‍රසාදයට ඉලක්ක වී අවසානය.
ඔවුනට ඉතිරිව ඇත්තේ ධන බලය සහ රාජ්‍යානුග්‍රහය පමණි.
එබැවින් මේ මොහොතේ ඉතා විචක්ෂණ බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය.
කේවල් කරුවන් සඳලු තලෙන් බිමට වැටෙන්නේ මෙතෙක් පොහොට්ටුව ඉදිරියට ගෙනා ඍජු ප්‍රතිපත්තිය ආරක්ෂා කරගතහොත් පමණි.
නොඑසේ නම් පොහොට්ටුවට හිමිවී ඇති ජනතා ප්‍රසාදය බිඳී යනු නොඅනුමානය.