පොහොට්ටුව සමග සන්ධානගත වීමට චන්ද‍්‍රිකා පිල විරුද්ද වේ..

August 30, 2019 at 3:00 pm | lanka C news
පොහොට්ටුව සමග සන්ධානගත වීමට චන්ද‍්‍රිකා පිල විරුද්ද වේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා උත්සාහයට පක්‍ෂයේ ආසන සංවිධායකයන් 46 දෙනෙකු විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

සංවිධානයේ සභාපති ජී.එච්. බුද්දදාස මහතා පවසන්නේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් 160 දෙනාගෙන් 46 දෙනෙකු මීට විරුද්ධ බවයි.

ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රීලනිපය තනිව තරග කළ යුතුය යන ස්ථාවරයේ එම කණ්ඩායම සිටින බවද ඔහු පැවසීය.

පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය විනාශ වන බවත් දිස්ත්‍රික්ක 25ට තනිව තරග කළ බුද්ධදාස මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහයෝගය ඇතිව ක‍්‍රියාත්මක වන්නකි.

57 views

16 Comments to “පොහොට්ටුව සමග සන්ධානගත වීමට චන්ද‍්‍රිකා පිල විරුද්ද වේ..”

  1. මාතර සුනිල් says:

    160න් 46 විරුද්දයි. ඒ කියන්නේ එකසිය දාහතරක් එකගයි. විස්කි මැඩම් ටයි, ලොබු කටාටයි ස්වර්ගස්ත වෙන්න කාලේ හරි.

  2. පොරමෝලා says:

    නගුට විසින් බල්ලා වනවන්න යනව වගේ වැඩක් නේ

  3. Nandasoma Suriyaarachchi says:

    ගන්න ඕනෑම එකෙක් මෙතෙක් ස්ථිරව පක්ෂය මෙන්ම රට හා ජනතාව වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාගේ පසුපසින්ම තැබිය යුතුයි….. (ඩිලාන් පැවසුවා මෙන්).!

    මොන බලවතාට වූවද එසෙම විය යුතුයි……!!

    මහ මැතිවරණයකදී ජනතාව ඒ අය ගැන බලා ගනීවි…….!!!

  4. Gone gota says:

    Welldone Chandrika madam!!!!!!

Main News