පොහොට්ටුව සිවු දිග බලය පතුරයි.. ගුරු සම්මේලනය කැදවයි..

October 12, 2018 at 6:49 pm | lanka C news
පොහොට්ටුව සිවු දිග බලය පතුරයි.. ගුරු සම්මේලනය කැදවයි..

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යනය සේවා සංගමයේ මංගල ජාතික මහා සම්මේලනය හෙට පෙ.ව.9 ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

සම්මේලනය පැවැත්වෙන්නේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ය.

ශ්‍රීලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පොදුජන පෙරමුණට අනුබද්ධිතව ගොඩනැගූ අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තිය සමිතියි.

විදුහල්පතිවරුන් ,ගුරු භවතුන් සහ පරිපාලකයින් ඇතුලු පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල සියලු සියලු ශේණි වල අධ්‍යන කාර්ය මණඩල සාමජිකයන්ගෙන් මෙම වෘත්තිය සමිති ජාලය ගොඩනගා ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය කාලය තුල ආසන මට්ටමින් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ ශාඛා ගොඩනැගූ අතර ජාතික මහා සම්මේලනය කැදවා ඇත්තේ ඉන් අනතුරුවයි.

– SLPP

319 views
Main News