පොහොට්ටු අයවැයට පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ම විරුද්ද වෙති.. මේස මත නිදාගෙන විරෝධය දක්වති..

November 27, 2021 at 1:20 pm | lanka C news
පොහොට්ටු අයවැයට පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ම විරුද්ද වෙති.. මේස මත නිදාගෙන විරෝධය දක්වති..

2022 වර්ෂය සඳහා ජාඇල නගර සභාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් බලය හොබවන එම නගර සභාවේ නගරාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමකට ලක් නොකර සම්මත වූ බව පවසමින් සභාවෙන් පිටව යාම නිසා මෙම තත්ත්වය ඇති විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද මෙම අයවැයට විරුද්ධව අදහස් පළ කරන ලදී.

පොදුජන පෙරමුණේ සමහර මන්ත්‍රීවරුන් සභාවේ මේස මත නිදාගෙන තම විරෝධය දක්වන ලදී.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අයවැයට විරුද්ධව වූහ.

18,665 views

3 Comments to “පොහොට්ටු අයවැයට පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ම විරුද්ද වෙති.. මේස මත නිදාගෙන විරෝධය දක්වති..”

  1. Silva says:

    පුලුවන්නම් ඉල්ලා අස්වෙන්න කියන්න.

  2. Gamarala says:

    පොහොට්ටුව දැන් පරවෙලා ඉවරයි.

    • Silva says:

      ඡන්දයකදී පොහොට්ටුව පරවෙලාද කියලා බලන්න පුලුවන්. සජිත් වගේ මෝඩයෙක් ඉන්න තාක්කල් ආන්ඩු පෙරලන්න බැහැ.

Main News