පොහොට්ටු ආණ්ඩුවකට සාකච්චා..

June 21, 2019 at 4:40 pm | lanka C news
පොහොට්ටු ආණ්ඩුවකට සාකච්චා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන රජයක් මගින් රට ගොඩනැගීමට වන ජාතික ප‍්‍රතිපත්තියක් මේ දිනවල සකස් කරමින් පවතී.

දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ රැසක් සමගින් මේ පිලිබදව සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂය කියයි.

පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ ලංකා සමසමාජ පක්ෂය, ශී‍්‍ර ලංකා මහජන පක්ෂය, ලංකා එක්සත් කම්කරු පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ලිබරල් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය යන පක්ෂ සමග මෙම සාකච්චා පවත්වා ඇති බවයි.

එමෙන්ම ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම ගැනද මෙම පක්‍ෂ සමගින් සාකච්චා කරන බවද ලේකම්වරයා කීය.

තවත් පක්‍ෂ ගණනාවක් සමගින් ඉදිරි දිනවලදී සාකච්ඡා කරන බවද ඔහු සදහන් කලේය.

67 views

8 Comments to “පොහොට්ටු ආණ්ඩුවකට සාකච්චා..”

  1. Mara says:

    Ayyoooooo …..okkoma. Threeeweel party ne. ?

  2. Ranhami says:

    ගෝඨාභය මහතාට ඉදිරිපත් වන්නට හැකි නොවනු ඇත.
    ඔහු සිර ගත කිරීමකට හෝ අවිනිශ්චිත තත්වයකට වැටෙනු ඇත.
    එහි ප්‍රතිඵලයක් ලෙස රජය තවත් විශාල අප්‍රසාදයකට පත් වනු ඇත.
    රනිල්, සජිත් හෝ වෙනත් කිසිම පාක්ෂිකයෙකුට දිනන්නට බැරි තරම් කරුණු යෙදෙනු ඇත.
    ශ්‍රී ලංකා නි.ප.ය අන්ත පරාජයකට පත් වෙනු ඇත.
    ඒකාන්ත වශයෙන් පොහොට්ටු පාක්ෂිකයා දිනනු ඇත.
    ඉදිරි වාර දෙකක එය රජ බවට පත් වී බලයේ සිටිනු ඇත.
    මෙය නිවැරදිව ගණන් බැලීමේ ප්‍රථිඵලයක් මිස අනුමානයක් නොවේ.

    • රත්නසිරි මුදලිගේ says:

      ගෝඨාභය මහතාට ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට යම් හෙයකින් නොහැකි උවහොත් දිනේෂ් ගුණවර්දන මහතාව පොදු ජන පෙරමුනෙන් ඉදිරිපත් කරනවනම් වඩා සුදුසු බව මම සිතමි.

  3. Asoka Liyanage says:

    ඔය පක්ෂ වල ඉන්න හැමෝම එකතු කෙරුවාම 3 වීල් 10 ක දාගෙන යන්න පුළුවන්. ඔය අය ගත්තොත් ඇමති මණ්ඩලය 25 කට සීමා කරගන්න වෙන්නේ නැත. ඔය කුඩා පක්ෂ වල ඉන්න අයගේ පව්ලේ අයවත් එම පක්ෂ වල නැත. රට ගැන මිනිස්සු අලුත් බලාපොරොතු තබාගෙන ඉන්නේ ගෝඨාභය මහතා ගැන. කාට වත් තනතුරු දෙන්න අවශ්‍ය නැත. රට ගැන මුලටම සිතමු.

  4. sathya says:

    ලංකා සමසමාජ පක්ෂය
    ශී‍්‍ර ලංකා මහජන පක්ෂය
    ලංකා එක්සත් කම්කරු පක්ෂය
    මහජන එක්සත් පෙරමුණ
    ලිබරල් පක්ෂය
    දේශ විමුක්ති ජනතා පක්ෂය
    මව්බිම ජනතා පක්ෂය
    Mewa jana padamak thiyena paksha da?

  5. Sarath says:

    Api noiwasillen balan inne

  6. sunimal says:

    That’s a good idea All The Best

Main News