පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් පහර දී එජාප සංවිධායක රෝහලේ..

November 19, 2019 at 8:02 am | lanka C news
පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් පහර දී එජාප සංවිධායක රෝහලේ..

වව්නියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාට 18 සවස දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

එක්සත් ජාතක පක්ෂ ප්‍රධාන සංවිධායක වරයා වව්නියාව නෙඩුන්කුලම් ග්‍රාමයේ සිය නිවසේ සිටින අවස්ථාවේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ ජය සමරමින් ආ තරුණයින් පිරිසක් විසින් රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා පවත්වා ඇති අතර එහිදී අදාල රතිඤ්ඤා එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරයාගේ නිවෙස් භූමියට දැමීම හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට වාර්ථා වෙයි.

පහරදීමෙන් අසාද්‍ය වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක වරයා එම අවස්ථාවේදීම වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අදාල පහරදීම සිදු කල පිරිස් පලා ගොස් ඇති බවත් පහරදීමට සමබන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,364 Viewers

9 Comments to “පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් පහර දී එජාප සංවිධායක රෝහලේ..”

  1. Dilshan says:

    Meeke Gotabaya Mahaththayata udaw kala his minissuth innawaa.. eekai mee..Owunwath punaruththapanaya kala yuthui.

  2. kamal says:

    ෙසාවාන් ශ්‍රාවකයා අතින් ගරුක ඇවත් පවා සිදුවිය හැක සොවාන් කියන්නෙ සාමාන්‍ය මිනිහෙකි. මිට කිරිබත්ගොඩ ඥණානන්ද ස්වාමින් වහන්සේ හා කමල් මෙය කමල්ගෙ අවසාන නොවන චාරිකාවේ ඒක් කොටසකි නමුත් සොවාන් වෙලා ඉන්නෙ. අවසන් නොවන කිව්වෙ පිරුණුවන් පානකන්

  3. saman says:

    මුන් try කරන්නේ මැයි දක්වා ජනපති අපහසුතාවට පත් කරලා
    OL නැති සජි පක්ෂ නායක කරලා jvp එක්ක එකතුවෙලා මහමැතිවරණයෙන් 2/3 අරගෙන
    ජනපති ට දොශාබියෝග ගෙන්න

  4. වරදට දඬුවම නියතයි says:

    පොහොට්ටුවේ ආධාරකරුවන් කල වැරදි වැඩේට වන්දි ගෙවන්න සිදුවෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ නම් සාධාරණ මනුෂ්‍යාගේ ඇඟේ මඩ තැවරෙන ක්‍රියා පාක්‍ෂිකයන් නොකළ යුතුයි.

  5. පොඩි බයියා says:

    බයියන්ගෙන් මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද?

    • sw says:

      ගෝපයියෝ දිනුවානම් ගහණ හැටි මරණ හැටි එල්ලන හැටි බලාගන්න තිබුණා .

  6. ranga says:

    onna wada patan aran.pohottuwe marayoo tika…

  7. SL says:

    These stupids shall be severely punished. Election was held with no hazels and no plastics.
    if the ppl can have a such discipline before the election why these idiots can not do so after the election.
    SLPP organizers shall be disciplined ?

Main News