පොහොට්ටු කතාවලින් කලකිරුණු ශ්‍රීලනිප පිරිසක් එජාපය හා එක්වෙන්න සාකච්චා..
March 8, 2020 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් අද වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔවුන්ට එල්ල වන විවිධ තාඩන පීඩන හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් කලකිරීමෙන් සිටින බව ද ඔහු පැවසීය.
එම හේතුවෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් වැරදි අඩුපාඩු හදාගෙන ඔවුන් සමඟ ගමනක් යාමට සූදානම් බවත් ඔහු තව දුරත් කියා සිටියේය.
ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.