පොහොට්ටු කදවුර අතහරින බව විමල් කියයි..
March 1, 2019 at 10:33 pm | lanka C news
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනය පිලි නොගන්නා බවට එක්බද්ද විපක්ෂය දැනටමත් තීන්දු කර අවසන් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නමුත් තම කදවුරේ කිසිවෙකු හෝ එම සංශෝධණයට පක්ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘රටට මොකද වෙන්නෙ’ සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
ගයන්ත යාලුවා,…දේශපාලනයේ සහ දේශපාලුවන් ගැන හසල දැනුම් සම්භාරයක් සහ අත්දැකීමක් ඇති ඔබ වැනි අති විශිෂ්ඨ යාලුවකු හමු වීම ගැන මාගේ ඉමහත් සංතුශ්ඨියට කාරණයක්…එසේම ගම්වල ඉන්න ‘මෝඩයන්’ ගැන නාගරිකයකු, හා උගතෙකුවූ ඔබගේ සටහන ගැන කණගාටුව පලකරනවා.