පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..

May 27, 2021 at 11:20 am | lanka C news
පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ කොරෝනා එන්නත් ලබා දීමක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ කුමන ප‍්‍රමුඛතා පදනමකින්දැය ප‍්‍රශ්ණ කරන ඔහු අද වන විට මෙරට කොරෝනා දේශපාලනයක් සිදුවන බවද එමඟින් විද්‍යාත්මක පදනමකින් එන්නත්කරණය සිදු නොවන බවත් පැවසීය.

කොරෝනා වසංගතය පරාජය සදහා නම් මුළු ජනගහනයෙන් 70%ක් වත් එන්නත්කරණය කළ යුතු බවද පැවසූ ඔහු එහි දී අවදානම් සහිත සඳහා මූලිකත්වය ලබාදිය යුතු බවද කියා සිටියේය.

නමුත් අද සිදු වන්නේ එය නොවන බවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් තමන් හිතවතුන්ට කෝටා ක්‍රමයට එන්නත් කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාම මෙතෙක් කොරෝනා එන්නත් ලබා නොගත් බවත් තමන් අයත් වන්නේ කුමන කාණ්ඩයට දැයි මෙතෙක් නිශ්චිතව නොදන්නා බවද කියා සිටියේය.

රටේ ජනතාවටද ඇතිව තිබෙන මෙම අවිනිශ්චිත තත්ත්වය නිසාම ජනතාව තමන්ට ඇති දේශපාලන හිතවත්කම් පාවිච්චි කරමින් එන්නත ලබා ගැනීම සඳහා පොර කමින් සිටින තත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

19,184 views

45 Comments to “පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..”

  1. සමාඅජවාදී භික්ෂු පෙරමුණ says:

    මූ කොහොම හරි චීනයට බැන බැන ඉන්ජෙක්ෂන් එක ගහගෙන මුකරියා කියවනව. කලගුණ නොද පාහර ලප ගුණමකුවා.. බිම් මට්ටමේ සහෝදර සහෝදරිය වේලෙද්දි මූ ප්‍රකෝටිගානක මුදල් වලින් සැප විඳිනවා.. මූව හෙලිකොප්ටරේකින් ගෙනිහින් ගිනිගන්න නැවට දාන්න ඕනෑ මීටර් සීයක් විතර උඩ ඉඳන්.

  2. MD says:

    අනේ අනුරයෝ තමුන්නාන්සේ මේ සැරේ මෙච්චර අන්තයටම පැරදිලත් තේරුම් ගත්තෙ නැද්ද ඔයාල හද හදා ගොත ගොතා කොච්චර කථා කිවිවත් මිනිස්සු ඵ්වා අහල ඔයාලට සලකන විධිය.සත්‍ය ජයගන්නවා අනුර.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවෙ කවුරුවත් එන්නත් ගහන්නෙ නෑ අපි ගන්නෙ හෙල ඔසු පමණයි. ලපයාගෙ බොරුවට නොරැවටෙන්න.

  4. Rathna says:

    තුට්ටු දෙකෙ පච කෙලින්නා

  5. Duminda says:

    මම පොඩි කාලේ ඉඳලා දැක්කෙ මුන්ගෙ මඩ ව්‍යාපාරය විතරයි මොකක් හරි අල්ලගෙන කෙඳිරි ගානවා ඉරිසියාව කුහකකම හීන මානය උපරිමයෙන්ම තියෙනවා

  6. Gon toiyo says:

    Honda welawata anura aiye oya kiwwe. Nathnam anduwa 70% kata gahanna naha. Anura Aiyage mole thamai mole. Mola genapu nawak

  7. බන්කොලොත්වූ දේශපාලන අපතයෙකුගේ තවත් විහිළුවක් පමණයි. මෙය විශ්වාශ කරන්ට පරණ 3% චේගුවේරා කාරයෝවත් නැත. බලන් යනකොට මුන්ට හුරේදලා කොමෙන්ටුවක් වත් ගහන්ට 0.03% ක් වත් නැත. විජේවීර දැන්වත් ඉන්න තැනකින් වරෙන්.

Main News