මඩ, චෝදනා, අවලාද, සුරංගනා කතා කිසිවක් නෑ.. පොහොට්ටු ඡන්ද ලක්‍ෂ 50ක් අතේ තියාගෙන පාවෙන ඡන්ද දශලක්‍ෂ ගණන් එකවර ගලවමින් ගෝටාභය සමුළුවේ කල සම්පූර්ණ කතාව මෙන්න..

August 11, 2019 at 10:12 pm | lanka C news
මඩ, චෝදනා, අවලාද, සුරංගනා කතා කිසිවක් නෑ.. පොහොට්ටු ඡන්ද ලක්‍ෂ 50ක් අතේ තියාගෙන පාවෙන ඡන්ද දශලක්‍ෂ ගණන් එකවර ගලවමින් ගෝටාභය සමුළුවේ කල සම්පූර්ණ කතාව මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික මහා සම්මේලනය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව මෙහි දැක්වෙයි.

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කිතුණු, හින්දු, ඉස්ලාම් පූජක තුමන්ලාගෙන්ද අවසරයි.

ශ‍්‍රී ලංකා ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුලූ සියලූම මහජන නියෝජිතවරුණි, දේශපාලන පක්ෂ නායකවරුනි , වෘත්තීකයනි, රණවිරුවනි, කළාකරුවනි, මාධ්‍යවේදීයනි, ජාතික සංවිධාන නියෝජිතයිනි, වෘත්තීය සමිති නියෝජිතයිනි, මව් බිමේ සෑම ගම්මානයක්ම නියෝජනය කරමින් මෙහි රැුස්ව සිටින පිරිස මෙන්ම මෙරට හා පිටරට සිටන සියලූම දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයනි, හිතවතුනි.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක සංධිස්තානයක් සටහන් කරනා මේ ඓතිහාසික සමුලූවේදි, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ ගනනාවක් මෙන්ම ස්වාධීන සංවිධාන හා කන්ඩායම් රැුසක පොදු අරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද දින මාව නම් කරනු ලැබීම මම ඉතාමත්ම ගෞරවයෙන් හා නිහතමානීව පිළිගන්නවා.

ඒ අපේක්ෂකත්වය මා දකින්නේ මේ රටේ අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්නට නියමිත ජනතාවාදී, ප‍්‍රගතිශීලී බලවේගයන් විසින් මට භාර දුන් යුග මෙහෙවරක් ලෙසයි. මේ තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය වූ සියලූ දෙනාටම මම හිසනමා ආචාර කරනවා.

පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඩක් නැගූ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්, හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුකරගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා.

විශේෂයෙන්ම මට මේ වගකීම බාරදුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටත් මගේ අවංක ස්තූතිය මෙහිදී ප‍්‍රකාශ කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තිබෙනවා.

සමස්ථ ශ‍්‍රී ලාංකීය ජනතාවට නායකත්වය දෙමින් මව්බිමට සාමය සතුට හා සෞභාග්‍යය උදාකිරීමට ලැබෙන මේ අවස්ථාව මා ඉතා අගය කොට සලකනවා. බාර දෙන ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට කිසිවිටක නොපැකිලූනු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝගය ජයගනීමට අවශ්‍ය නායකත්වය සැපයීමට සූදානම් බව ඔබ සියලූ දෙනා හමුවේ ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරණවා.

මගේ 20 වසරක යුධ හමුදා සේවය තුලත් දස වසරකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දීත් පැවරුන සෑම වගකීමක්ම මම සාර්ථකව ඉටුකලා. මම හැම විටම උත්සාහ කලේ මට යම් වගකීමක් බාරදුන් විට සීමාවන්ට කොටු නොවි, සම්මතයෙන් ඔබ්බට ගොස් ඒ වගකීම ඉටුකරන්නටයි.
දැනට වසර 35 කට පමණ පෙර මම තරුණ හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කරන කාලයේ මා විසින් නායකත්වය දුන් එක් ක‍්‍රියාන්විතයක් අගය කරමින් මට ප‍්‍රශංසා ලිපියක් එවු එවකට හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජෙනරාල් සිරිල් රණතුංග මා ගැන මෙසේ කියා තිබුනා.

‘AN OFFICER WHO TAKES INITIATIVE OVER AND ABOVE THE NORMAL CALL OF DUTY’ පවරා දුන් වගකීමෙන් ඔබ්බට ගොස් සේවය කරන නිලධාරියෙක්.

වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවති ත‍්‍රස්ථවාදය වසර 3 1/2 වැනි කෙටි කලකදී අවසන් කිරීමට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍ය උපායමාර්ගික හා පරිපාලනමය සහාය ලබාදෙන්නට මට පුලූවන් වුනේත් ඒ ගුණාංගය නිසායි. එසේම පසු කලක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් කිරීමට හැකි වූයේත්, නගරයේ ක්ෂිතිජ රේඛාව වෙනස්කරන දැකුම්කලූ ආයෝජන රැුසක් ගෙන ඒමට හැකිවූයෙත් මා කිසිවිටක සීමාවලට කොටු නොවී මගේ වගකීම් ඉටු කල නිසායි.

එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදි කිසිදු බාහිර බලවේගයකට එයට බාදා කරන්නට මා ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහිවන කිසිවෙකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේත් මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ.

අද මේ රටට අවශ්‍ය වී තිබෙන්නේ අනාගතය පිලිබද දැක්මක් ඇති, රට සංවර්ධනයට සැලැස්මක් ඇති, එම සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ඇති, විනය ගරුක , ¥ෂණයෙන් තොර ජනතා හිතවාදී, දේශපේ‍්‍රමී, නායකත්වයක්. ජනාධිපතිවරයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි නායකත්වයකුයි. ඔබ අපේක්ෂා කරන නායකත්වය දීමේ හැකියාව මට ඇති බව මම දැනටමත් ක‍්‍රියාවෙන් ඔප්පු කොට තිබෙනවා. අපේ රජයක් තුල ප‍්‍රථම කාර්ය භාරය වන්නේ රට තුල පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමයි. අපිට යලිත් මේ දිවයින ලෝකයේ සුරක්ෂිතම රට බවට පත්කල හැකි බව මම ඉතා විශ්වාසයෙන් ප‍්‍රකාශ කරනවා. ඔබේත්, ඔබේ ¥ දරුවන්ගේත් ආරක්ෂාවේ වග කීම මා බාරගන්නවා. බෞද්ධ දර්ශනය තුල අපට උගන්වා තිබෙන්නේ සියලූ ආගම්වලට ගරු කරන්නයි.

දෙදහස් පන්සිය වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා, විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට ගරු කරමින් එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරුකරමින් සුහදව ජීවත් වූ ජාතියක්. අපේ ශක්තිය විය යුත්තේ ඒ එකමුතු කමයි.

මේ මාතෘ භූමිය තුල ඉපදුන ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත පරිසරයක් යලි ගොඩ නගන බවට මම සහතික වෙනවා. මම කිසිවිටෙකත් අන්තවාදී ත‍්‍රස්ථවාදයට ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම උතුරේ ජනතාවට විශේෂිත වු අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටලූ අපේ රජයක් විසින් නිසැකවම විසඳුන්නට කටයුතු කරනවා.

2005 , 2014 කාලයේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති යටතේ අපේ රටේ විශාල සංවර්ධනයක් සිදුවුනා. දැන් අපිට තිබෙන්නේ එතැන් සිට රට ඉදිරියට ගෙන යාමයි. ඒ සඳහා වර්ථමාන ගෝලීය ආර්ථික ප‍්‍රවණතා සමග මගේ දැක්ම මුසු කොට අනාගතයට අවශ්‍ය නව සැලසුම් ඉදිරිපත් කරනවා. පසුගිය කාලයේ මේ රටේ විද්වතුන් , වෘතිකයන් හා ව්‍යාපාරිකයන් එක්ව වියත්මග වැනි සංවිධාන හරහා කල අධ්‍යයනයන් මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සමග පිලිසඳරක් වැඩසටහන යටතේ රටපුරා ගොස් මහජනතාව සමග සංවාදයෙන් එක්කරගත් දැනුමද අපි ඒ සඳහා යොදා ගන්නවා.

අපේ අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. සෑම පුරවැසියෙකුටම ආර්ථික ස්ථාවරත්වයකුත්, දියුණු වීමේ සම අවස්ථාවකුත්, ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියත් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍යවන පරිසරය සකස් වන ජනතා කේන්ද්‍රීය ආර්ථික ප‍්‍රතිපත්තියක් අපි හඳුන්වාදෙනවා. මානව සම්පත් සංවර්ධනය අනාගතයේ බිහිවන අපේ රජයක මූලික වගකීමක් වෙනවා.

රටේ අනාගත පරපුර පලදායි පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂනය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුනතා වර්ධනයට අපි විශේෂ අවධානයක් යොමු කරනවා. සියලූම තරුණ තරුණියන්ට අධ්‍යපන ක්ෂෙත‍්‍රය තුල අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කරනවා. මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුල ගොඩනංවනවා. එමගින් අලූතින් රැුකියා අවස්ථා බිහිකිරීමට මෙන්ම තරුණ පරපුර තුලින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරණ ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ හරහා ශිල්පීය දැනුම ලබා දෙන අතර නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතහිත දිය යුතුයි. අපේ දීර්ඝ කාලීණ අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රට බවට පත් වීමයි. සංවර්ධනයේ යෝධ ඉදිරි පිම්මක් සඳහා නව ලෝක ප‍්‍රවණාතාවන් අනුගමනය කරමින් තාක්ෂණය පෙරටු කරගත් ඉදිරි සැලසුම් අපි සෑම ක්ෂේත‍්‍රයකටම හඳුන්වා දෙනවා.

අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය තුල දේශීය ව්‍යාපාර ආරක්ෂා කරමින් ගෝලිය ආර්ථිකය තුල නව වෙළඳපොල අවස්ථා සොයා යාමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් අදත් ජීවත්වන්නේ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. මේ කර්මාන්ත වඩා පලදායී කොට මේ ජනතාවගේ ආර්ථිකයන් නගාලීම සඳහා අපට නවීනතම තාක්ෂණයන් උපයෝගි කරගත හැකියි. ජනතා හිතවාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහතික කිරීම රජයක මූලික වගකීමක් වෙනවා. ඒ සඳහා මුලින්ම කල යුත්තේ රාජ්‍ය නිලධාරියා දේශපාලන බලපෑම් වලින් නිදහස් කිරීමයි. තම රාජකාරි වගකීම් නිසියාකාරව ඉටුකිරීම සඳහා තීන්දු තීරණ ගන්නා අවංක රාජ්‍ය නිලධාරීනට අවශ්‍යකරණ උපරිම නීතිමය රැුකවරණය ලබාදීමට අපි කරයුතු කරණවා.

එසේම ඉහල ප‍්‍රමිතියක සේවාවක් ජනතාවට ලබා දීමට අවශ්‍ය කරන දේශීය හා විදේශීය පුහුණුව රාජ්‍ය සේවකයන්ට ලබාදෙන්නට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන තුල ඊ තාක්ෂණය උපරිම වශයෙන් භාවිත කිරීම හරහා ජනතාවට වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා.
රජයෙන් ලබා ගන්නා සේවාවන්, හැකිතාක් දුරට තාක්ෂණය භාවිත කරමින් ලබා දීම තුලින් ¥ෂණයට ඇති අවස්ථාවන් අවම කරනවා. අවිධිමත් නාගරීකරණය වර්ථමානයේ විවිධ සමාජ ගැටලූවලට හේතුවක්ව තිබෙනවා. අප මේ ගැටලූව දෙස වඩාත් නිර්මාණශීලීව බැලිය යුතුයි.

ලංකාව ඕනෑම තැනක ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබෙන රටක්. ඒ නිසා අප කල යුත්තේ සංවර්ධනය රට පුරා විහිදුවා ලීමයි. රැුකියා හෝ ව්‍යාපාරික අවස්ථාවන් සොයා ජනතාව නගර වලට ඇදී එනවා වෙනුවට අපි එම අවස්ථාවන් ජනතාව අතරට ගෙන යා යුතුයි. රටේ සෑම ප‍්‍රදේශයක්ම යාකරමින් ඇතිකල මාර්ග පද්ධති හා දුම්රිය මාර්ග දියුණුව ඉදිරියට ගෙන යමින් ප‍්‍රවාහන සේවාවල විශාල ප‍්‍රගතියක් හැකි ඉක්මනින් අපි අත්පත් කරගත යුතුයි.

ජලය විදුලිය, පාසැල් , රොහල් වැනි ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් රටේ සෑම ප‍්‍රදේශයකම දියුණු කිරීම තුලින් කර්මාන්ත හා ව්‍යාපාර නගරයට සීමා නොවී ගමට යාමට උනන්දු කිරීමට පුළුවන්. රටේ සෑම ප‍්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. එවිට අපේ තරුණ පරපුරට නිවසේ සිටම තාක්ෂණය භාවිතා කරමින් ලෝකය සමග ගනු දෙනු කිරීමට හා ව්‍යාපාර කිරීමට පුළුවන්.

බොහෝ මැදි ආදායම් පවුල්වලට ගැටලූවක් වන තමුන්ගේම නිවසක අවශ්‍යතාව විසඳාලීම සඳහා විධිමත් හා කඩිනම් වැඩපිලිවෙලක් මම ජාතික මට්ටමෙන් හඳුන්වාදෙනවා. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැුක ගැනීම අප සියලූ දෙනාගේම වගකීමක්. මා එදා ආරම්බ කල නගර අලංකරණ ව්‍යාපෘති හා හරිත නගර සංකල්පයන් රට පුරා ව්‍යාප්ත කිරීමට අපි අනාගතයෙදී කටයුතු කරනවා. රටේ පවතින සියලූම ස්වාභාවික වනාන්තර ආරක්ෂා කරන අතර විනාශවීමේ තර්ජනයට මුහුණ පා තිබෙන වනාන්තර නැවත ප‍්‍රතිශ්ඨාපනය කරනවා. ඒ වගේම සියළු මුඩු ඉඩම් සුදුසු පරිදි උපයෝගී කරගෙන නව ජාතික වන වගා වැඩපිළිවෙලක් දියත් කරනවා.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති අපේ රට, හැමදාමත් ආගම දහමට ලැදි, ගුණ ගරුක මිනිසුන් සිටින, හොඳ සංස්කෘතියකට හා සාරධර්ම වලට ප‍්‍රසිද්ධ රටක්. නමුත් අද පාරෙ තොටේ යන විට , වාහන එලවන කොට, කුණු කසල ඉවතලන විට, කාන්තාවන්ට සලකන ආකාරය දෙස බලන විට මේ ගුණ ධර්ම වල පිරිහීමක් දක්නට ලැබෙනවා. අන් අයට හිරිහැරයක් නොවනා ආකාරයට ජීවත් වන්නට සෑම පුරවැසියෙකුටම වගකීමක් තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන එම විනය ගරුක සමාජයක් බිහිකිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ආදර්ශය ලබා දිය යුත්තේ රටේ නායකත්වය විසින්මයි.

ඉතිහාසයේ අපේ රට ප‍්‍රසිද්ධව තිබුනාක් මෙන් යලිත් කාන්තාවකට බිය නැතිව රටේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක තනිව ගමන් කල හැකි ආකාරයේ රටක් අපි ගොඩනගනවා. විවිධ අනතුරු වලට ලක්වී සිටින රණ විරුවන් හා සිවිල් වැසියන් මෙන්ම උපතින්ම විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන් කෙරෙහි අපි කවදත් විශේෂ අවධානයක් යොමුකලා. ඉදිරියෙදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා දීමේදී ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳව සලකා බලා ඔවුන්ට ප‍්‍රමුඛත්වය දීමට අප කටයුතු කරනවා.

අපේ සාරධර්ම හා සංස්කෘතිය, දේශීය චින්තනය, ජාතියේ ස්වෛරීත්වය අපට ඉතාමත්ම වැදගත්. අප සෑම රටක් සමගම මිතුරුදම් පවත්වා ගැනීමට සූදානම්. නමුත් අපි කිසිම රටකට අපේ ස්වාධිනත්වය පවාදෙන්නට සූදානම් නැහැ. ඒ නිසා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලදී, කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින, ගෞරවාන්විත පාලනයක් අපි යලි ස්ථාපිත කරනවා.

අතීතයේ වූ වැරදි නිවැරදි කරගන්නවා මෙන්ම අප යන ගමනේත් අඩුපාඩු සොයාබලා, කඩිනමින් එවා නිවැරදි කරගෙන අපේ දීර්ඝ කාලීණ අරමුණ කරා යා යුතුයි. මේ සඳහා පුද්ගලික අරමුණු වලට වඩා පොදු අරමුණකින් ක‍්‍රියාකරන, හදවතින්ම රටට ආදරය කරණ, නිර්මාණශීලී, දක්ෂ, බුද්ධිමත් කන්ඩායමක් එක්කරගන්නට අපි කටයුතු කරනවා. ඉදිරියේ එන ජනාධිපතිවරණය රටට ඉතාමත් තීරණාත්මකයි. එය රටේ අනාගතය විසඳන මැතිවරණයක්. ඒ නිසා මේ මොහොතේ අපේ රටේ සියලූ ¥ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පක්ෂ බේදයකින් තොරව අත්වැල් බැඳගන්නා මෙන් සිංහල දෙමල මුස්ලිම්, මැලේ බර්ගර් යන සියලූ ජන කොට්ටාශවලට අයත් දේශපේ‍්‍රමී ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

මේ සුවිශේෂී දවසේ මම ඔබෙන් විශේෂ ඉල්ලීමකුත් කරන්නට කැමතියි.

අද සිට අපි ආරම්භ කරන්නේ ලංකා ඉතිහාසයේ තවත් ආකාරයක නිදහස් අරගලයක්. ඒ ගෞරවාන්විත අරමුණ වෙනුවෙන් කරනා මැතිවරණ ව්‍යාපාරයද අපි ඉතාමත්ම ගෞරවාන්විත ආකාරයට කලයුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරයෙන්ද විද්‍යාමාන විය යුත්තේ රජයක් පිහිටවූ පසු අපි ක‍්‍රියා කරනා ආකාරයමයි. ඒ නිසා අපේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම විනය ගරුක, නීතිගරුක සදාචාරාත්මක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමු. මේ මැතිවරණ ව්‍යාපාරය තුල හැම විටම පරිසර ආරක්ෂණයට මුල් තැන දෙමු. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සම්පූර්ණයෙන්ම තොරවූ මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලූම පක්ෂවලටත් ආදර්ශයක් සපයමු. දේශපාලන ප‍්‍රතිවාදීන්ට හිංසා කරන, පෞද්ගලික අපවාද කරන, බොරු කියා ජනතාව රවටන මැතිවරණ සංස්කෘතිය අපි වෙනස් කරමු. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ ප‍්‍රතිවාදීන්ගේ දුර්මතවලට තාර්කිකව සත්‍යයෙන් පිළිතුරු දෙන ලෙසයි. අද මේ රටේ ඡුන්දදායකයා දේශපාලනිකව ඉතා සංවේදීයි. විශේෂයෙන්ම අද රටේ තරුණ පරපුර ඉතා බුද්ධිමත්. අවංක, සත්‍යවාදී දේශපාලන සංස්කෘතියක් අපි ඔවුන්ට හඳුන්වා දිය යුතුයි.

අපි තරුණ ජනගහනයක් ඉන්නා රටක්. අප සියලූදෙනාටම අවශ්‍යව තිබෙන්නේ මේ අනාගත පරපුරට සාඩම්බරයෙන් ජීවත්විය හැකි නිදහස්, නිවහල් සෞභාග්‍යමත් රටක් ගොඩ නැගීමටයි.

ඒ සඳහා අවශ්‍ය කරණ දැක්ම අප සතුව තිබෙනවා. අප දැනටම ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට තිබෙනවා. මෙතෙක් බාරගත් සෑම වගකීමක්ම ඉහලින්ම ඉටුකලා සේ මෙවරත් ඔබ සියලූ දෙනා ඉදිරියේ ගෞරවයෙන් මම ප‍්‍රකාශ කරන්නේ අද රටට අත්‍යවශ්‍යව තිබෙන, ඔබ සියලූ දෙනාම ඉල්ලන ඒ ජාතික කර්තව්‍යය ඉටුකිරීමට මා සූදානම් බවයි.

තෙරුවන් සරණයි

– GR media

50,850 Viewers

41 Comments to “මඩ, චෝදනා, අවලාද, සුරංගනා කතා කිසිවක් නෑ.. පොහොට්ටු ඡන්ද ලක්‍ෂ 50ක් අතේ තියාගෙන පාවෙන ඡන්ද දශලක්‍ෂ ගණන් එකවර ගලවමින් ගෝටාභය සමුළුවේ කල සම්පූර්ණ කතාව මෙන්න..”

  1. ලස්සනයි ..අර්ථවත්...බලවත්....ජේ.ආර් නොවේ ජි. ආර්. ජයවේවා. says:

    ලස්සනයි ..අර්ථවත්…බලවත්….ජේ.ආර් නොවේ ජි. ආර්. ජයවේවා.

    • Amda says:

      Great Speech Sir……….Blessings !

    • Banda says:

      රටට තවත් රනිල් කෙනෙක්. දැන් රනිල්ලා දෙන්නෙක්.

      • Mangala says:

        Gunamaku minissunta hari waradda therenna. Mewage Nayakayekge thiyana age ratatama therila iwarai

      • Rata Kana Ballo says:

        I am amazed how ungrateful our people when I see comments from people like Banda.
        Mr GR has given us freedom, please don’t forget about it until your life.

    • ගෝටියා says:

      මීඩියා වලින් ඡන්ද දාල ගනන් කරලත් ඉවරයි.

  2. කාලිංග says:

    විශිෂ්ඨ ආරම්භයක්. පෙරටම යන්න. අවසානයේ ජාතියට හෙට ගැන බලාපොරොත්තු දැල්වී තිබේ. සුභ ගමන්. පෙර රජවරුන්ගේ ශ්‍රී විභූතිය යලි මෙම ලක් දෙරණේ ඇති කරන්න. ඔබට ජය!!

    • London says:

      Well said Kalinga. All the best Mr. Gotabhaya Sir. Long long awaited moment to see you come forward. My heartiest congratulations and best wishes. සියලු දෙවි රැකවරණය ලැබේවා… රට බේරගන්න යෝධ ශක්තිය යෝධ බල ලැබේවා …

  3. සිංහලයා says:

    සුපිරියි මැතිඳුනි.ඔබ අපට මහත් ආඩම්බරයක්.ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඔබ ජයග්‍රහණය කරනවා.එය ස්ථීරයි.ජාතියට ජයවේවා…

  4. ExUNPer says:

    Gota !
    Greata !!
    There is no one to challenge his genuine dedication to motherland and ability to implement what he has promised !!!
    I like his idea of not taking revenge. We should give a full-stop to that culture.

  5. lucky says:

    great speech super talent mother Lanka JAYAWEWA!

  6. lucky says:

    great speech best leadership speech i have ever heard .mother Lanka JAYAWEWA!

  7. Kanthilatha Gunasena says:

    මෑත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුගෙන් අසන්නට
    ලැබුන සැබෑ ඉදිරි දැක්මක් සහිත නිවැරදි  ප්‍රථිපත්ති ප්‍රකාශනයක්!

  8. බෙරලියන්තු says:

    අපේ මාතෘභූමියේ මෙතෙක් බිහිවුන වීරෝධාර නරපතියන් සමයේ මෙරටේ දක්නට ලැබුන අතීත

    ශ්‍රී විභූතිය නැවතත් අපේ කාලයේ දකින්නට ලැබෙන අනර්ඝමය අවස්ථාව ගෝඨාභය ආගමණය සමග

    සිඳුවන බවයි.

    ජයශ්‍රී! ගෝඨා, චිරන් ජයතු!!!

  9. බුද්ධිමත් ජනතාව says:

    උසස් මහත්මයකුගේ වැදගත් කථාවකි. ඔබට ජය නියතයි

  10. ලයනල් දොලපිහිල්ල says:

    සියලු තර්ජන, ගර්ජන පයිසෙකට නොසලකමින්,
    බින්න, බේගල්, අසත්‍ය සහ මිත්‍යාමත පුපුරුවා හරිමින්
    සහ අවලාද, අපහාස සහ මඩ ප්‍රහාර කනපිට හරවමින්
    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ජයග්‍රාහී සටන අරඹයි.

    ජය නියතයි! ජය නියතයි!! ජය නියතයි!!! .

  11. මාතුපාල says:

    මෙන්න පහුගිය දවස්වල කොමෙන්ට්වලින් අපි  කියවු  සමහරක් දේ:

    1. ඇමරිකන් පුරවැසිභාවය අයින් කරගන්ඩ විශාල කාලයක් යනව. ඒ නිසා නාමයෝජනා කැඳවීමට පෙර එය කරගන්නට ලැබෙන්නෙ නෑ.
    2. ගෝඨාට අසාධ්‍යයි. ඒ නිසා ජන්දෙට එන්ඩ හම්බවෙන්නෙ නෑ.
    3. නඩු කප්පරයි, ඡන්දෙට ඉස්සෙල්ල ජම්පරේ අන්දවනව.
    4. මහින්දට ඕනෙ තමන්ටම රජවෙන්ඩයි; ඒනිසා ගෝඨාට ඉඩ දෙන්නෙ නෑ.

    මෙවැනි කොමෙන්ට් දාපු කට්ටිය අත උස්සන්න බලන්ඩ.

    • කිරා says:

      අන්න රතු අලි පැටවු සෙට් එහෙකට නොනවත්වා බඩ යනවා
      මම ගිහින්ල පොල්මුඩු ඇබ ගහල නතර කරන්ඩ බැලුව.
      ඒත් හරිගියේ නෑ. ඒක හින්ද පොඩ්ඩක් පිහල සුද්ධ කරල ආව.

      • dharshana abayakoon says:

        නිකම්ම බඩ නෙමෙයි, කුහක ජෙප්පන්ට ලේබඩ නොගියොත් තමයි පුදුම!

      • Rata Wenuwen says:

        Where is Prince Welgama, These days he is not to be seen. but with Rathu Ali Patew

  12. UNP GAL IBBA says:

    අපගේ හදවතට සමීපවු මා දයාබර ගෝටබය මැතිදුනි සියලු දේ ඉෂ්ට සපල වේවා???????

  13. Prof. Udheni Jagathchandra says:

    WOW! What a great speech!
    You are a real son of Mother Lanka, Gota. We are proud of you!

  14. Ratata Adhare says:

    මෙරටේ සිටින ජනතාවට මෙන්ම විදේශවල ජීවත්වන
    සුවහසක් ශ්‍රීලාංකිකයන් නොඉවසල්ලෙන් බලාසිටි එම 
    අසිරිමත්, ඓතිහාසික අවස්ථාව සජීවීව විකාශනය කල
    හිරු සහ දෙරණ නාලිකාවන්ට අපේ ආචාරය.

  15. Ariyasena Manamperige says:

    Diyasen kumaru

  16. PULATHISI says:

    ගතානුගතික දේශපාලනයෙන් බැහැරව පසුගිය රාජපක්‍ෂපාලනය ආරම්භ කළ සැලසුම් සහගත තිරසාර සංවර්ධන ජාතික සංවර්ධන මාවත 2015 ජනවාරි 8 අතරමග නැවති අපේ මව්බිම අවිචාර අසංවිධිත දුෂ්ඨ මාර්ගයකට අවතීර්ණ වී දැනට පස්වසරකට ආසන්නය.

    2. එබැවින් 2015 නැවතුනු සැළසුම් සහගත තිරසාර සංවර්ධන මාවත මෙන්ම සාමකාමී සහජීවන ක්‍රමය නැවත ආරම්භ කිරීමේ වගකීම උදාර රාජපක්‍ෂ පාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීම දේශයේ අවශ්‍යතාවයයි. එම උත්කෘෂ ජාතික මෙහෙවර සඳහා එතුමන්ට සහයෝගය ලබාදීම දේශහිතෛෂී සියලුම පුරවැසියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.
    තෙරුවන් බෙලෙන් සියලු දෙවි රැකවරණෙන් සියලු යහපත උදාවෙවා.

  17. Crazy says:

    Great speeches by both Mahinda and Gota. Surely, we can count on Gota as the visionary who is going to restore the former glory of this Great Country which has the potential to heal the entire world. Talking about the multi ethnicity and respecting their values let us not forget about our own indigenous Waddha community as well. Many of us think Waddha community is part of Sinhalese yet they too have their own unique identity. Jayawewa.

  18. charles says:

    Godabaya never blamed the current government. He just explained about his vision to the future. It is a very good sign of a great person.

  19. MD says:

    Rathu ali patiya karanne gotage chanda kadanna kenek dana eka witarai.kawadawath hariyanne naha.situwili hoda naha Anura.oya self brain wash ekak karaganna.

  20. Lakshman says:

    Great speech by a practical leader.

  21. Kings says:

    Great. Excellent. This is our hope. No Cheap promises. Good luck.

  22. අශෝක says:

    කවදාවත් දේශපාලකයින්ගේ කතා සම්පූර්ණයෙන් නොඅසන මා , මේ කතාව මුල සිට අග දක්වාම අහගෙන හිටියා . ඔබතුමා දිගින් දිගට ම ඔය ස්ථාවරයේම , මේ රට අපේම වූ ශ්‍රී ලංකාවක් බවට පත් කරන තුරු රැඳී ඉදීවායි ආශීර්වාද කරනවා .

  23. අශෝක says:

    කවදාවත් දේශපාලකයින්ගේ කතා සම්පූර්ණයෙන් නොඅසන මා , මේ කතාව මුල සිට අග දක්වාම අහගෙන හිටියා . ඔබතුමා දිගින් දිගට ම ඔය ස්ථාවරයේම , මේ රට අපේම වූ ශ්‍රී ලංකාවක් බවට පත් කරන තුරු රැඳී ඉඳීවා යි ආශීර්වාද කරනවා .

  24. R.Rerukana says:

    A war veteran who served in combat.
    A hero who served tours of duty – wadamarchchi ect.
    An officer & a gentleman.
    An administrator of war against terrorist with hugely proven records.
    An administrator to architect of modern city planning with excellent abilities.
    A thinker of outside of the square.
    One of the greatest speeches to the points with practical visions for future.
    A patriotic character of the mother land.
    A Disciplined & a fine trusted character of a man of his word.
    All are Great sign of a great leader-ship.
    you deserved it sir,,,
    & most importantly we deserved a better future.
    All the very best.

  25. sudesh says:

    mada saha chodana naththe… mada saha chodana okkoma thamun gawa tiyana nisane.

  26. vishnu says:

    Great Speech මෙතෙක් කල් අහපු හොඳම කතාව.
    කාටවත් අවලාද අපහස නෑ තමන්ට පුලුවන් දේ
    රටට ඕන දේ කිව්වා. නියමයි සුභඅනාගතයක්

  27. Dilini says:

    Nayakayekuta uchitha nayakathwa lakshana kathawen saha kriyawen manawa pennumkala nayakayek lankawata labi atha. Gota samaga subagaman oba samata.

  28. assanga says:

    very first time in Sri Lanka MENEEMARUWAKU janadipathi apekshakaya kara etna

  29. Aurora says:

    නියම වෘතිකයෙක්ගේ කතාවක් ඊයේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඇහුවේ. වල්පල් නැහැ, අදාල කරුණු පමණයි. අපටත් පුරුදු නැහැ මේවගේ වෘතිකයෙක්ගේ කථා දේශපාලකයෙකුගෙන් අහලා. ඒ කතාව ඇහුවම ඇඟට දැනෙනවා නිවැරදි මාවතට ස්ථිරවම වැටෙනවා කියල. ප්‍රතිපත්තිමය කරුණු පමණයි. පාන් බාගයක් නිකම් දෙනවා, සපත්තු දෙකක් දෙනවා ආදී ලෙස micro level එකේ කරුණු නොවේ ප්‍රතිපත්තිය කුමක්ද කියන එකයි ප්‍රකාශ කලේ. එම ප්‍රතිපත්තිය පිළිබඳව ජාතික මට්ටමේ සංවාදයක් කලොත් එය ධනාත්මක එකක් වේවි. මේ දැවැන්ත චින්තනය ඉදිරියේ විරුද්ධව, විවේචනාත්මකව නැගීසිටින්නන් දෙස බලා සිටිමු.

  30. මේ රටේ බොහෝ අපරාධ, අනතුරු, පවුල් අවුල් ආදිය සිදු වන්නේ මත්පැන් හා මත් ද්‍රව්‍ය නිසා. මත් පැන් ආංඩුවේ ඒවා උනත්, හොර ඒවා උනත් ප්‍රතිපලය කණගාටුදායකයි. මේ රට ගොඩ ගන්න නම් හොර මත්පැන් මත්කුඩු මෙන්ම ආංඩුවේ මත්පැන් ද සහමුලින්ම නතර කළ යුතු යි. එවිට සෙෘඛ්‍යයට යන වියදම ද අඩු වන අතර, බොහෝ ප්‍රශ්නවලට විසඳුම එහි තිබේ. අවධානය යොමු විය යුතු තවත් බොහෝ කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට එක් විය යුතුයි. යෝජනා කරමි.

  31. මේ රටේ බොහෝ අපරාධ, අනතුරු, පවුල් අවුල් ආදිය සිදු වන්නේ මත්පැන් හා මත් ද්‍රව්‍ය නිසා. මත් පැන් ආංඩුවේ ඒවා උනත්, හොර ඒවා උනත් ප්‍රතිපලය කණගාටුදායකයි. මේ රට ගොඩ ගන්න නම් හොර මත්පැන් මත්කුඩු මෙන්ම ආංඩුවේ මත්පැන් ද සහමුලින්ම නතර කළ යුතු යි. එවිට සෙෘඛ්‍යයට යන වියදම ද අඩු වන අතර, බොහෝ ප්‍රශ්නවලට විසඳුම එහි තිබේ. අවධානය යොමු විය යුතු තවත් බොහෝ කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට එක් විය යුතුයි. මෙත් සිතින් යෝජනා කරමි.

Main News