පොහොට්ටු ජනහමු 25000ක් රටපුරා..
December 21, 2018 at 5:30 pm | lanka C news
මු`ඵ රටම ආවරණය කරමින් සෑම ගමක්ම නියෝජනය වන පරිදි ස්ථාන 25,000 ක දී මහජන කථිකා මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරන බව බැසිල් රාජපක්ෂ මහතා ස`දහන් කරයි. හෙතෙම මේ බව ස`දහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුසංවිධාන නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කරමිනි.
ඊළග ජාතික මැතිවරණයේ දී රටේ ආණ්ඩු බලය දිනාගැනීමට සියලූ හැකියාවන් තිබෙන දේශපාලන ව්‍යාපාරය ලෙස ඊළග ආණ්ඩුවේ ජාතික වැඩපිළිවෙල නිර්මාණය කිරීම සදහා ගමින් ගමට ගොස් මහජන අදහස් ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි.
සහභාගීත්ව සංවර්ධන සංකල්පය අනුගමනය කරමින් ජාතියේ අනාගත වැඩපිළිවෙල සැකසීම ස`දහා ඉතාම සජීවි ලෙස සහ ප්‍රායෝගික ලෙස මහජන දායකත්වය ලබා ගැනීම මෙම මහජන කථිකා 25,000 ඔස්සේ සිදු කෙරේ.
මෙම වැඩපිළිවෙල පිළිබ`දව තවදුරටත් කරුණු පැහැදිලි කළ බැසිල් රාජපක්ෂ මහතා…..
‘අපි ගමින් ගමට ගිහිල්ලා රටේ අනාගතය පිළිබ`ද ජනතා හැ`ගිම්, අදහස් හා යෝජනා සියල්ල විද්‍යාත්මකව එකතු කරනවා. රටේ ජාතික අවශ්‍යතාවන් සහ ගමේ අවශ්‍යතාවන් අතර පරස්පරතාවන් දුරුකරලීම අපේ එක බලාපොරොත්තුවක්. ගම පිළිබ`ද නිසි අවබෝධයකින් තොරව කොළඹ සීත කාමරවල හදන සංකල්ප ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සාම්ප්‍රධායික චෝදනාව අපි අවසන් කළ යුතුයි. නූතන දැනුම සහ සාම්ප්‍රධායික දැනුම රටේ අනාගතය වෙනුවෙන් තුලනාත්මකව භාවිත කිරීමට අපි සූදානම්. විශේෂයෙන්ම මේ මහජන කථිකා මාලාවේදී ප්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබ`දව මහජන අදහස් සහ තොරතුරු ලබා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
තිරසාර සංවර්ධනය, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම, දැහැමි සමාජයක් නිර්මාණය කිරීම, වැඩිහිටියන්ට සහ විශේෂ අවශ්‍යතා සහිති වූවන්ට සැලකීම, සංස්කෘති අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම යන කරුණු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අපි මෙම මහජන කථිකා 25,000 දී මහජන අදහස් ලබා ගන්නවා. මෙහි දී රට ගොඩනගන වැඩපිළිවෙල සහ මහජනයා අතර පවතින පරතරය අවම කරලා රටේ ජාතික වැඩපිළිවෙල තුළ මහජනතාවට අවස්ථාවක් නිර්මාණය කරන්න අපිට පු`ඵවන් වෙනවා. ඒක ඉතා ඵලදායි සාධනීය ප්‍රවේශයක් බවයි අපි විශ්වාස කරන්නේ. ජාතියේ අනාගත න්‍යාය පත්‍රය කෙටුම්පත් කරන්න මහජනතාව සහභාගී කරවා ගැනීම පිළිබ`ද අලූත් සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ ජාතික නායකත්වයේ සිට ග්‍රාමීය නායකත්වය දක්වා විහිදුණු අපේ සියලූ මහජන නියෝජිතයන්ගේ නායකත්වයෙන් අපි මේ වැඩපිළිවෙල ඉතා ඉක්මණින් රට පුරා ක්‍රියාත්මක කරනවා’
සංජීව එදිරිමාන්න
ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අද හොද අවස්තාක් අතඇරගත්තා පවු වහල්ලු උන්ට කවදා ඇස් පෙනෙයිද මනදා
මේ නව වැඩ පිලිවෙල ඉහලින්ම සාර්ථක වේවා! ජයෙන් ජයම වේවා!
ඉතාම හොඳ වැඩ පිලිවෙලක්.ජයෙන් ජයම වේවා!
කොළ අලි රතු අලි පින්නවෙල අනාථාගාරයට යවමු
දැන ගන්නයි අහන්නෙ ආයුබෝවන්ඩ.. අපේ මහින්ද මහත්තයා ඉන්නෙ මොන පක්ෂෙද…. පොහොට්ටුවට් ආවෙ නැතෙයි කියන්නෙ.. ඇයි අපිව ගොනාට අන්දන්නේ… අපි වහල්ලු තමයි.. ඒත් පොඩි හරි ආත්මගරුත්වයක් තියෙනවා…
Muge mune hati gona
අනේ අපි නම් ඔය ගොන් පොහොට්ටුවට නෑ. ඕක ඔයාම තියා ගන්න අපි ඉන්නේ අපේ මහින්ද මහත්තය ඉන්න පැත්තේ.
ane sara, susi, obala dekke nedda ranige karaththeta ahuwunu kunu pollella wage ooru hote, janadhipathi moonatama ohuta banina kota?