පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකගේ විදෙස් පුරවැසි ගැටළුව විසදී අවසන්.. රටම ඉල්ලන කෙනා සූදානම්..

January 30, 2019 at 11:20 am | lanka C news
පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකගේ විදෙස් පුරවැසි ගැටළුව විසදී අවසන්.. රටම ඉල්ලන කෙනා සූදානම්..

මීලග ජනාධිපතිවරණය සදහා තරග වදින තම පාර්ශවයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ විදෙස් පුරවැසි භාවය සම්බන්ධ ප‍්‍රශ්ණය මේ වන විට බෙහෝ දුරට විසදී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව එන ජනාධිපතිවරණයේදී ජනතාව ඉල්ලා සිටින නිවැරදිම පුද්ගලයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග වදිනු ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

තම පාර්ශවයේ අපේක්‍ෂකයා ගැන ආණ්ඩුවත් තවත් පාර්ශව ගණනාවකුත් දැඩි බියකින් පසුවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

48 views
Main News