පොහොට්ටු ජය සමරමින් මහා පාරේ කිරිබත් උයා කයි.. රතිඤ්ඤා දල්වයි..

August 9, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටු ජය සමරමින් මහා පාරේ කිරිබත් උයා කයි.. රතිඤ්ඤා දල්වයි..

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සිව්වැනි වරටත් මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් (09) දින දිවුරුම් දිම සහ මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලැබු අති විශිෂ්ඨ ජයග්‍රහණය නිමිත්තෙන් හැටන් ප්‍රදේශයේ ජනතාව (09) දින  රතිඤ්ඤා දල්වමින් කිරිබත් අනුභව කරමින් සතුට පල කලහ.

හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලට එක් වු හැටන් ප්‍රදේශයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් වු සියළුම පිරිස එක්ව කිරිබත් අනුභව කරමින් සතුට පල කර අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට සිය අශිර්වාදය පුද කරන ලදි.

– හැටන් රංජිත් රාජපක්ෂ

605 views
Main News