පොහොට්ටු ජාතික ලයිස්තුවට කොස්සක්.. රාඝවන් ද්විත්ව පුරවැසියෙක් කියා පැමිණිලි කෙරේ..

August 10, 2020 at 2:10 pm | lanka C news
පොහොට්ටු ජාතික ලයිස්තුවට කොස්සක්.. රාඝවන් ද්විත්ව පුරවැසියෙක් කියා පැමිණිලි කෙරේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු ද්විත්ව පුරවැසියෙකු යයි පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් විසිනි.

සුරේන් රඝාවන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙනි.

ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාවක් නැත.

1,276 views

19 Comments to “පොහොට්ටු ජාතික ලයිස්තුවට කොස්සක්.. රාඝවන් ද්විත්ව පුරවැසියෙක් කියා පැමිණිලි කෙරේ..”

  1. Sun says:

    Dear guys, There supposed to be people from other communities to represent the country, not only Rajapaksas. Then only we can develop the country as a group sharing views and ideas. This is not a family business my dear friends.

Main News