පොහොට්ටු තවත් පිපේ.. 51% ක් ගන්නා බව අලුත්ම බුද්ධි වාර්තා ලැබේ.. ආණ්ඩුව පිස්සු වැටේ..

January 24, 2018 at 10:48 pm | lanka C news
පොහොට්ටු තවත් පිපේ.. 51% ක් ගන්නා බව අලුත්ම බුද්ධි වාර්තා ලැබේ.. ආණ්ඩුව පිස්සු වැටේ..

පොහොට්ටුව 51%ට වැඩි ඡන්ද ප‍්‍රමාණ්‍යක් ගෙන ස්වාධීනව පළාත් පාලන ආයතන පිහිටුවන බවට වු බුද්ධි අංශ වාර්තා දැකීමෙන් පසුව පිස්සු වැටුණු ආකාරයකින් කතා කරනවා යැයි එ්කාබද්ධවිපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එ් මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසීය.

මේ මැතිවරණයේදී පක්ෂ පුද්ගලයෝ පදනම් කර ගෙන ඡුන්දය දෙනවා වෙනුවට ගම්වල ජනතාව සූදානම් වෙන්නේ ආණ්ඩුව හා ආණ්ඩු විරෝධි කණාඩායම් හැටියටයි. ආණ්ඩුවේ කොටස් ලෙස එක්සත් ජාතික පක්ෂ්‍ය , මෛතීී‍්‍ර පිල, රනිල් පිල , දෙමල සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සිටිනවා. යහපාලන ආණ්ඩුවේ වැරදිවලට විරුද්ධව පාර්ලිමේන්තුවේ හඩ නගපු එකම පිල එ්කාබද්ධ විපක්ස්‍ය. එ්කට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ස මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත පොහොට්ටුව විතරයි මේ මැතිවරණයේදි ඡුන්දයට ඇවිත් තියෙන්නේ. මේකෙදි මේ රටේ පහුගිය අවුරුදු තුනේ ජනතාවට උසුලාගත නොහැකි බඩු මිලක්, ලැබෙන මුදල ජිවත් වෙන්න ප‍්‍රමාණවත් නැහැ.හාල්පොල් එළවලූ තුනහප ගන්න ගියාම 80%කින් මිල වැඩි වෙලා. දරුවෝ පාසල් යන දෙමව්පියෝ මේ තත්ත්වය නිසා අසරණයි. රටේ ජාතික ආරක්සාව කඩා වැටිලා. උතුරේ මහ ඇමැතිවරයා ප‍්‍රකාශ සම්බන්ධයේන මේ ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනාධිපතිතුමාම මිට කාලයකට පෙර කිව්වා උතුරේ එල්. ටී. ටී. ඊ කි‍්‍රයාකාරකම් ඇරඹී ඇති බව.

ජාත්‍යනන්තර සහාය දිනාගත්ත නායකයෙක් ඉන්න අවස්ථාවක පිටරටවල ප‍්‍රභාකරන්ගේ මුහුණ දාලා සල්ලි එකතු කරනවා. දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරු බහුතරයක ටෙලිෆෝන් එකේ ප‍්‍රභාකරන්ගේ පින්තූරය තියෙනවා. ජාතික ආරක්ෂාව බිද වැටිලා ආර්ථිකය කඩන්වැටිලා, රාජ්‍ය සේවාව විනාශ වෙලා. විශ‍්‍රාම වැටුප් නතර කරලාත සමෘධ්දි සහනාධාරය කපා හරින්න පියවර අරන් . මැතිවරණයෙන් පස්සේ ඛණිජ තෙල් මල ඉහළ නංවන්න තිරණය කරලා. ජනතාවමේ දේවල් ගැන තේරුම් ගෙනයි දැන් සිටින්නේ. මේ නිසා එක්සත.් ජාතික පකක්ෂයට , මෛතී‍්‍ර පිලට, ජනතාවිමුක්ති පෙරමුණට සහාය දීපු ගම්වල ජනතාව පොහොට්ටුව එක්ක එකත වෙලා. මේ තත්ත්වය නිසා රටේ ජනාධිපතිවරයා පිස්සු වැටිලා වගේ බැනගෙන කතාකරන ආකාරයයි අපි දකින්නේ. එතුමා කතා කරන්නේ ¥සණයට විරුද්ධ බව කියමින්. ජනාධිපතිතුමා බොරු කියලා බලයට ආපු කෙනෙක්. ලැමබෝ ගිනි කාර්, රත්තරන් අස්වයෝ, ජනාධිපති වියදම් වගේ දේවල් කියලා බලයට ආපු කෙනෙක්. හොරු රකින්නේ ජනාධිපතියි.

මහ බැංකු බැදුම්කර කොමිෂමේ සාක්ෂි පුවත්පත්වලින් ගිහින් එ් සිද්ධීය ගැන ජනතාව හොදින්ම දන්නවා. 2015 පෙබරවාරි මාසේ ඞීව. ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ව රකින්න බව එතුමා කිව්වා. මේ දෙපාරම සුළූතරයක් හිටපපු කෙනෙක්ව අගමැති කළා. බුද්ධි අංශ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙන බව දැනගෙන දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වේ අගමැතිකම නොදී ඉන්නම බව කිව්වා. මහ බැංකු අධීපතිවරයාට අවස්ථා දෙකකදීම පත්වීම දුන්නේ ජනාධීපතිවරයා. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කරපු අය වෙනුවටෙ වෙන අය දාන්න හදන බවට තොරතුරු තියෙනවා. කොළඹ නුවර අධීවේගී මාර්ගයට අපි ඇස්තමේන්තු කළාට වඩා 60%ක් විතර වැඩි වෙලා.මංතීරු ප‍්‍රමාණය අඩුවෙලා. කණුඋඩ යන්න තිබුණු පාර පස් පුරවලා හදන්නයි සූදානම් වෙන්නේ. එහෙම වුනොත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රමාණයක් වතුරෙන් යට වෙලා පරිසර හානියක් වෙනවා. එ් වගේම කෘෂිකර්ම අමාත්‍යශ ගොඩනැගිල්ලේ පදිංචි නොවී විශාල මුදලක් වැය කරනවා. අනිත් පැත්තෙන් පොහොර සහනාධාරය කපලා දාලා. මේවා මුදල් අවභාවිතා නෙවෙයිද?

ඌවේ මහ ඇමැති විදුහල්පතිනියක් දණ ගැස්සූ කාරණය. එය ආරක්ෂා කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු කටයුතු කරන බව පේනවා. පැය ගානක් ඇතුලත ඇප ලැබුණා. අපේ කාලේ ගුරුවරයෙක් දණ ගැස්සුව පුද්ගලයෙක්ව උසාවි දාලා බන්ධනාගාරගත කළා. සිද්ධි දෙකේ වෙනස පේනවානේ. එ් විතරක් නෙවෙයි අපි ඔහුට නාමයෝජනා දුන්නෙත් නැහැ. අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයකුත් ලැබිලා. එ් වුනාට මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා රූපවාහිනියේ කතාකරන්නේ ¥ෂණයට විරුද්ධව.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අලූත් පරපුරට ගහපු කෙනා අද එහේ සංවිධායක. කාන්තාවන් 100ක් ¥ෂණය කර එය සැමරූ කෙනා ශී‍්‍ර ලනිප සංවිධායත. සීයෙන් පළවෙනිදා මැතිවරණයට තරග කරනවා. මහින්ද රාජපක්ස මහතාගේ කාලේ වැරදි කළා කියලා කට්ටිය අද ඉන්නේ කාලගද. මෛතී‍්‍රපාල මහත්තයා ළග. හොරකම කරන අයට රැුකවරණය ලැබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්නිසා ශී‍්‍ර ලංකා කාරයෝ විදියට අපිට තියෙන්නේ කණගාටුවක්. හැම මැතිවරණයදිම හොරු අල්ලනවා කියලා අගමැතිගෙන් ඉල්ලනාව හොරු රකින්න හයිය දෙන්න කියලා. මේ මැතිවරණ කලේ දෙන්නා එක්ක රග දක්වන්නේ නාට්‍ය්‍යක්. ගම්වල එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකට කටයුතු කරනවා. නමුත් පොහොට්ටුව 51%ට වැඩි ඡුන්ද අරන් ස්වාධිනව පළාත් පාලන ආයතන පිහිටුවනවා. මේ ගැන බුද්ධි අංශ තොරතුරු ලැබුණාට පස්සෙ තමා ජනාධිපතිවරයා මේ විදියට හැසිරෙන්නේ. වටෙන් වටෙන් ගිහින් අන්තිමට රාජපක්ෂ ලගට එන්නේ. රාජපක්ෂ භීතිකාවකින් රටේ ජනතාවව ගොනාට අන්දන්නේ නැතුව වැඩපිළිවෙලක් සකස් කරන එක හොදයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා

රාජ්‍ය සේවකයෝ ආණ්ඩුවට එරෙහිව සිය ඡුන්දය භාවිතා කළ බවයි අපිට ප‍්‍රතිචාර ලැබෙන්නේ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෙදර යවන්න රාජ්‍ය සේවකයින් සූදානම්. ඡුන්දේ වෙලේ. යහපාලන ආණ්ඩුවේ ඌව පලාත් මහ ඇමැතිවරයා පළාතේ පාසල් විදුහල්පතිනියක් දණ ගස්වලා. පහුගිය පොරොන්දු පත‍්‍ර අපිට දැන් අමතකයි. දැන් තවත් පොරොන්දු පත‍්‍ර එළියට ඇවිත්. රාජ්‍ය සේවකයාට මහින්ද රජයෙන් 50000ට දුන්න මෝටර් සයිකලයේ 50000 ආපහු දෙනවා කිව්වා. එ්ක ආපහු දුන්න එක රාජ්‍ය සේවකයෙක් හොයලා දෙන්න අපිට. රාජ්‍ය සේවකයින් කොාටසකට දුන්න මේ බයිසිකලය වෙනුවට සියලූම රාජ්‍ය සේවකයින්ට නොමිලේ බයිසිකලය දෙනවා කිව්වා. දැන්තමන්ගේ මුදලින් ගත්ත බයිසිකලයවත් සර්විස් කර ගන්න බැරිව රාජ්‍ය සේවකයා අනාතයි. අව්වට වැස්සට අහුනොවී යන්න කාර් ගන්න බලන් හිටියා. හමුබ වුනාද. අද පොඩි කාර් එකක් ගන්න බැහැ. නිෂාන් ලීෆ් වාහනයට 27 ලක්ෂයක් බදු ගහනවා. ෆී වයි ෆයි දෙනවා කිව්වා. තියෙනවාද. රුපියල් 100 රීලෝඞ් එකෙනුත් 47ක් කපනවා.

ජනාධිපති ඇතුළූ ආණ්ඩුව සරලයි. අපිට කටවුට් ඔනේ නැහැ. බොරු වියදම් කිව්වා. දැන් තියෙන්නේ මුද්දර සයිස් පුංචි කටවුට් වෙන්න ඇති. පත්තරවලට වියදම්කරලා දැන්වීම් දාන්නේ මොකටද? මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරන්න ඕනේ කිව්වා. දැන් වැඩ නැතත් දැන්විම් ටික යනවා. අවුරුදු පහයි ඉන්නේ. අවුරුදු පහට රුකියා දෂ ලක්ෂයක් දෙනවා. කිව්වා. අවුරුදු තුනට ලක්ෂ 6ක් රැුකියා දීලා තියෙන්න ඕනේ.

කුරුණෑගල වාහන කොම්පානියට තිබුබ මුල්ගල වැහෙන්න වල් බිහි වෙලා. හොරණ ටයර් ෆැක්ටරියේ මුල් ගලට උඩින් පොඩි සිඤ්ඤෝ මරන් ගස් වැවිලා එ්කත් හොයා ගන්න නැහැ. මේ තමයි රැුකියා දපු හැටි. පොලිස් නිලධාරින්ට උසස්වීම් නැහැ.ආණුඩවේ කෙනෙක් දැක්කම සෙලියුට් එක ගහන්නවත් පොලිස් මහත්තුරුන්ට හිතෙන්නේ නැහැ. එ් සැලියුට් එකත් විපක්ෂයටයි දැන් වදින්නේ.

අයවැයෙන් 2017 වසරේ උසස්පෙල සිසුන්ට ටැබ් පඑසුකම දෙනවා කිව්වා. දැන් 2018ත් ලබලා දරුවන්ට පෙනඩෝල් ටැබ්ලට් එකක්වත් නැහැ. කරුවලේ වලේ වැටුනු සෙනග දවාලේ වලේ වැටෙන්නේ නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වැඩි බහුතරයක් මහින්ද රාජපක්ස වේදිකාවේ ඉදගෙන සිරිසේන ජනාධිපතිතුමාට බැනපු අය. එ් අය විපක්ෂයේ ඉන්න ඕනේ වුනාට ඉන්නේ ජනාධිපතිගේ ඕඩොක්කුවේ. ඔඩොක්කුවල ඉන්න අය තමයි ඉක්මනටම බැහැලා යන්නේ. මහින්ද මහත්තයාගේ කාලේ වුනෙත් එ්කනේ. ජනතාව පැරදුවාට පස්සේ පාර්ලිමේන්තුවට ගෙනත් ඇමැති කම් දුන්නම එ් අය වැදගෙන ඉන්න ඕනේ තමයි. දැන් ජනතා විමුක්ති පෙරමුණත් මේ ආණ්ඩුවට බැන ගෙන යනවා. එ් අය තමිය මේ ආණ්ඩුව ගෙනාවේ.

– ප‍්‍රදීප් අනුර කුමාර

91 views

10 Comments to “පොහොට්ටු තවත් පිපේ.. 51% ක් ගන්නා බව අලුත්ම බුද්ධි වාර්තා ලැබේ.. ආණ්ඩුව පිස්සු වැටේ..”

  1. Dev says:

    jayawewa
    meya arambayak pamani

    • Samurdhi api says:

      Prasanna kawadda aththak kiyanne, eyage minuwangoda meeting balannako senaga 50k wath naeha, eda rajaya balaya, madya, samurdhi niladarin bala karala chanda wadata daemmath minuwangoda dinuwe chanda 3000 kin witharai, me para minuwangoda nagara sabawa paradai udinma

    • Sena says:

      මේ වාර්තාව වැරදියි අපිට ආරංචි හැටියට 98% ක්ම දීල තිබුණෙ මහින්දට

  2. Niro* says:

    Jayawewa….niyama sinhala kama pennanna …. kalusuddo wenna epa ..niyama wenasa february 10 karanna
    rata bera ganna… Buddagama Beraganna…

  3. RP from Canada says:

    There will be a series of serious but bogus attacks on SLPP, specially Mahinda, Gota, Basil, and other leading figures of the JO. Please be ready for this barbaric onslaught. We can not do much from abroad but can write to other websites expressing our views. Thanks Prasanna, for your brave statements. Keep up the good work!

  4. indunil says:

    thanamalawila mall nopipewa….

  5. SUNIMAL says:

    2018 පලාත් පාලන චන්දය

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් පොහොට්ටුවට / සිරිසේනට රනිල්ට මෙවැනි ප්‍රතිපල හුගාක් අසන් ඉන්න සිදුවෙනවා

  6. Tit 4 Tat says:

    We got the fallowing formula wrong last time..

    🦆= 🤚➕🐘➕🔔➕ SLMC ➕TNA..

    But the one an only hope for the future is…

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  7. helaya says:

    මේ website එකේ කවදාවත් ප්‍රසන්න රණතුංගගේ කතාවක video 1ක් දාන්නේ නෑනේ ඇයි ඒ බයද

Main News