පොහොට්ටු පටලැවිල්ල මහින්දට දේශපාලන මාරකයක් වෙයි.. විපක්‍ෂ නායක ධුරය මන්ත‍්‍රීකම අත්හිටුවන්නැයි TNA ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

December 27, 2018 at 10:40 am | lanka C news
පොහොට්ටු පටලැවිල්ල මහින්දට දේශපාලන මාරකයක් වෙයි.. විපක්‍ෂ නායක ධුරය මන්ත‍්‍රීකම අත්හිටුවන්නැයි TNA ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

මහින්ද රාජපක්‍ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට දෙමල ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ඔවුන් මූලිකව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ඔහු දරන ලද සන්ධාන මන්ත්‍රි ධුරය අහෝසි වන නිසා විපක්ෂ නායක ධුරයට පත් කල නොහැකි බවයි.

එමෙන්ම එජනි සන්ධාන නායකයා වන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස ඇමති ධුරයක් දරන නිසා සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබා දිය නොහැකි බවටද ඔවුන් කියා සිටිති.

මෙම නඩු විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරය දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්දැයිද අධිකරණයෙන් ඉල්ලා සිටීමටද දෙමල සන්ධානය තීන්දු කර තිබේ.

139 views

19 Comments to “පොහොට්ටු පටලැවිල්ල මහින්දට දේශපාලන මාරකයක් වෙයි.. විපක්‍ෂ නායක ධුරය මන්ත‍්‍රීකම අත්හිටුවන්නැයි TNA ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. Nishantha says:

    Usaid will be a crucial factor here

  2. Nandasoma says:

    හරි. නමුත් මෙතන වෙන්නෙ නීත්‍යානුකූල ඒකාධිපතිවාදයක් හදන එක. ඒක අධික බලතල සහිත විධායකය තරම්ම බරපතලයි .

    මහින්ද පොහොට්ටුවේ සාමාජිකයෙක්ද නැද්ද යන්න සම්පන්දන් හෝ වෙන අයෙකු ප්‍රශ්න කලයුතු නැත. වැදගත් වෙන්නේ මහින්ද තවමත් ශ්‍රිලනිප හෝ සන්දානයේ සාමාජිකයෙක්ද යන කරුණයි. මහින්ද තවම එහි සාමාජිකයෙක් බව අමරවීර දැන්ව යවා ඇත සම්පන්දන් අනුන් ගැන නොසොය ගං වතුරෙන් විපතට පත් තම චන්ද දායකයන් ගැන බලනවා හොඳයි .????

    කුමන තත්වයක් යටතේ වුවද, විපක්ෂ නායක විය යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි……!

    එහෙත් නීතිය නවන අධිකරණයට මෙම ප්‍රශ්නයද තමන්ට අවශ්‍ය පරිදි නැවිය හැකිය…..!

  3. Nimal says:

    It is high time to promote MP Namal Rajapaksha. He is a Lawyer and a good speaker. If anyone is thinking to handover the party to the young generation, appoint Namal Rajapaksha as the opposition leader.

Main News