පොහොට්ටු පසුපෙලට කාබනික දේශණය උණුසුම්.. සහල් කිලෝව 350ක් යයි ජනාධිපති කාබනික බලකා ආචාර්ය කියයි… තනිකරම කාබනික බැරිලු..

October 22, 2021 at 10:22 pm | lanka C news
පොහොට්ටු පසුපෙලට කාබනික දේශණය උණුසුම්.. සහල් කිලෝව 350ක් යයි ජනාධිපති කාබනික බලකා ආචාර්ය කියයි… තනිකරම කාබනික බැරිලු..

කාබනික වගාම සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කල ආචාර්ය සරත් රණවීර මහතා විසින් 22 පස්වරුවේ ආන්ඩුවේ පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන්ට කාබනික ගොවිතැන සම්බන්ධ දේශනයක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තු කමිටු ශාල අංක 01 දි පවත්වන ලද මෙම දේශනයේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් දැඩි අවේගශීලිව අදහස් පල කර ඇති අතර මන්ත්‍රිවරුන් ගම් මට්ටමින් මුහුන දෙමින් ඇති ප‍්‍රශ්ණ රාශියක් ඔහු වෙත යොමු කර ඇත.

සරත් රණවීර මහතාගේ හිමිකම් ඇති ‘බයෝ ෆුඩ්ස්’ පුද්ගලික සමාගම වසර 28ක් තුල කාබනික පොහොර යොදා ලබාගත් සාර්ථකවත්වයන් සම්බන්ධයෙන් කල පැහැදිලි කිරිමකින් පසු මන්ත්‍රිවරුන් පෙරලා ප‍්‍රශ්න කර ඇත්තේ කාබනික පොහොර යොදා නිශ්පාදනය කරන පලතුරු, එලවලු, කුලුබඩු සහ සහල් වල වාර්ශික වටිනාකම කවරේද යන්නයි.

ඊට ඔහු දුන් පිලිතුර අභියෝගයට ලක් කල මන්ත්‍රිවරු එම සමාගම විසින් 2020 වසරේදි සම්පුර්ණයෙන්ම අපනයනය කොට ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 12.6 ක් බවත් 2021 වසරේ මේ දක්වා අපනයන කොට තිබෙන්නේ මිලියන 9.7 ක් බවත් එම තොරතුරු EDB හරහා ලබා ගත් බව දන්වා ඇත.

එය මෙරට සමස්ත අපනයනයෙන් 0.1%ක් බවත් මෙරට සමස්ත වාර්ශික සහල් නිෂ්පාදනයේ වටිනාකමෙන් 0.5%ක් බවත් මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දි තිබේ.

එමෙන්ම වසර 28ක් තිස්සේ කල ව්‍යාපාරයේ අද වනවිට කාබනික සහල් කිලෝග්‍රෑම් එකක සමාන්‍ය මිල කොපමණදැයි මන්ත‍්‍රීවරුන් විමසා තිබේ.

ඊට ඔහුගෙ පිලිතුර වී ඇත්තේ කාබනික සහල් කිලෝවක් රුපියල් 350 කට පමන අලෙවි කල යුතු බවයි.

එවිට මන්ත්‍රිවරුන් කියා ඇත්තේ නාඩු කිලෝවක් රුපියල් 110 ක් වැඩියි කියා ජනතාව විරෝදතා කරද්දී රුපියල් 350ක් දී කාබනික සහල් කෙසේ මිලට ගනීවිද කියාය.

එහිදී රණවීර මහතා සම්පුර්ණයෙන් කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරිම ප්‍රායෝගිකව එකවර කල නොහැකි බව පිලිගෙන ඇත.

එමෙන්ම අතුරලියේ ‍රතන හිමිටද පසුපෙල මන්ත්‍රි කන්ඩායමෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී ඇති අතර රතන හිමි මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා වග නොකියන බවය.

76,815 views

26 Comments to “පොහොට්ටු පසුපෙලට කාබනික දේශණය උණුසුම්.. සහල් කිලෝව 350ක් යයි ජනාධිපති කාබනික බලකා ආචාර්ය කියයි… තනිකරම කාබනික බැරිලු..”

  1. saman says:

    ජනාධිපතියි , පාදෙනියයි,එකතුවෙලා වකුගඩු දෙක බේර ගනියි. අහින්සක ගොවිය ඉවරයි. බොරුවට වැඩි ආයුශ නෑ කියලා ජනාධිපති විරුවා දන්නේ නෑ. කරන්න බැරිනම්, දන්නේ නැත්නම් නාමල්ට දීලා යන්න එතුමා ඉතුරු අවුරුදු දෙකේ රට කරලා පෙන්නයි.

  2. 3% ට බය බයියා. says:

    ගොවිතැන නගා සිටුවා ගොවියටත් ,ජනතාවටත් සාධාරණයක් වෙන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  3. chamil says:

    Ape rate minissu kisiw deyak hari yanakam neweine balan inne eka waradinawanam thamai kamathi

  4. 70 again says:

    70 ට යන ගමන්
    අප මේ යන්නේ නැවතත් 70 වේ අඳුරු යුගයටයි.
    ජවිපාවුන් පවතින පීඩනයන් ඔවුන්ගේ ලේ පිපාසාව සංසිඳුවා ගන්න මාන බලමින් සිටී.
    පවතින රජයේ සෑම වැඩ පිලිවෙලක්ම කඩාකප්පල් කරාවි
    ගුරුවරුන් පාසලෙන් එළියේ පාරවල් වල
    ගොවියන් පාරේ
    වැඩබිම් වල වැඩට වඩා වර්ජන – හැකි තරම් රැකියා නැති වීම
    තව ටික දවසකින් ..
    බස් දුම්රිය ගිනිතියාවී
    කර්මාන්ත ශාලා ගිනිතියාවී
    වැඩකරන ගුරුවරු දොස්තරවරු රජයේ සේවකයන් මරාවි
    ගමේ කඩ චීට් එකෙන් වසාවී
    සරසවි සිසුන් පාරට දමා මිණී කරගසාගෙන යාවි
    පොලීසි ගිනි තියාවි
    සිංහල තරුණ තරුණියන් දස දහස් ගණනක් අහිමි වේවි
    මාධ්‍ය ජාල ඇති තරම් මුදල් සොයාවි
    මේ අතරේ
    දේශපාලුවෝ තම මලු තරකර දරුවන් පිට කර පරම්පරා ගානකට මග හදා ගනීවි.
    රට ගැන සිතන අහිංසකයින් දහස් ගණනක් සිරබත් කාවි
    උසි ගැන්වුවන් පසෙක සිට සිනා වේවි .. පාර්ලිමේන්තු බලයත් ගනීවි

    අපට අවශ්‍ය මේ යථාර්ථය තේරුම් ගන්න පාලකයින් ..
    යාන්තම් කොරෝනා ඉවර වෙද්දී එලියට බහින බුරුවන් හා නරියන් ගාල් කල හැකි පාලකයින් ..
    මිනිසුන් හරිය කියා බාරගත් වැඩ ඉවර කළහැකි පාලකයින් ..
    ආගමික නායකයන් කියන කියන පදයට නටන්නැති ..
    නැති බැරි කම කෙලින් කියා මිනිසුන්ට පහදා දිය හැකි මිනිසෙක්.
    අද අඩියක් පසුවට තබා හෙට ගැන හිතන පුරුෂයෙක් ..

  5. 69 MIN BAIYOO says:

    ගොවිතැන නගා සිටුවා ගොවියටත් ,ජනතාවටත් සාධාරණයක් වෙන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .!!!
    ජනාධිපතියි , පාදෙනියයි,එකතුවෙලා වකුගඩු දෙක බේර ගනියි. අහින්සක ගොවිය ඉවරයි. බොරුවට වැඩි ආයුශ නෑ කියලා ජනාධිපති විරුවා දන්නේ නෑ.

    • Sumangala says:

      ජෙප්පන් වනාහී අනුන් ගේ පානින් එලිය බලන, අනුන් ගේ කුණු අවුස්සන, වරින් වර අනුන් ගේ අන්තේවාසික වැඩ කරන නූගතුන් පිරිසක් බව රටම දන්නවා.

  6. Ranjith Ratnayake says:

    Waraddha wedima me perehere yane wartha karana media buruwan nisa. Ekek wath ahnae nae mewaye MILA kiyak weyidha kiyaal. Dodawanawa witharai. Deshapaluwo ohe yanawa

Main News