පොහොට්ටු පසුපෙල දඩ බල්ලන් සේ රාජ්‍ය නිලධාරින් මර්දනයක… බැද නොදැම්මොත් රජය ඉවරයි..- රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය හමුවක..

April 7, 2021 at 1:20 pm | lanka C news
පොහොට්ටු පසුපෙල දඩ බල්ලන් සේ රාජ්‍ය නිලධාරින් මර්දනයක… බැද නොදැම්මොත් රජය ඉවරයි..- රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය හමුවක..

දඩ බල්ලන් ලෙසින් කටයුතු කරමින් රාජ්‍ය නිලධාරින් දැඩි අපහසුතාවට පත් කරන රජයේ පසුපෙළ මන්ත්‍රීවරු බැඳ නොදැම්මොත් එහි අනිටු ප්‍රතිඵල රජයට ඉතා නුදුරේදීම දැකගත හැකි බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.

මහනුවර දී (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර එසේ කීය.

රජයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විට රාජ්‍ය නිලධාරින් මර්දනය කිරීමේ දැවැන්ත, පහත් ක්‍රියාවලියක නිරත වෙමින් පසුවන බවද ඔහු කීය.

ඒ මහතා මෙසේද පැවැසීය.

‘පසුගියදා චමල් රාජපක්ෂ, ජනක තෙන්නකෝන් අමාත්‍යවරුන් හමු වී ඇති රාජ්‍ය පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරිවරුන්ට එරෙහිව දැඩි චෝදනා එල්ල කරලා තිබෙනවා.

ඔවුන්ගේ චෝදනාව තමයි රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුව නොව රජයේ ප්‍රතිපත්ති මත පමණක් කටයුතු කරනව කියන එක දේශපාලනඥයන්ගේ කටුයුතුවලට, ඔවුන්ගේ අත්තනෝමතික ඉල්ලීම්වලට අවනත නොවන මේ රාජ්‍ය නිලධාරින් පිිරිසක් වහාම ස්ථාන මාරුකරන ලෙසද මේ පසුපෙළ මන්ත්‍රීවරු තරයේ ඉල්ලීම් කර තිබෙනවා’

– aruna

57,231 views

12 Comments to “පොහොට්ටු පසුපෙල දඩ බල්ලන් සේ රාජ්‍ය නිලධාරින් මර්දනයක… බැද නොදැම්මොත් රජය ඉවරයි..- රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය හමුවක..”

  1. nuwa says:

    දැන් සැපද????? තවමත් නැද්ද?????

    • Ruhdtug says:

      Kagenda sepa ganda one umbata?

      • රැවන් says:

        සිනි බයියෙක්ට රිදිලා.

      • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

        රටේ ප්‍රශ්නයක් ඇති උනාම එකෙන් සැප ගන්න කට්ටියත් ඉන්නවා.

        • catseye says:

          අල මොලේ මහත්තයෝ…….දැන් සැපද කියල අහන්නම වටිනවා තමා …..මොකද දන්නවද …..රජයේ සේවකයෝ තමන්ට රුපියල් 10000 ක පඩි වැඩි කල රජයට නොසලකා ජාති ආලය වැඩි කමට තැපැල් චන්ද දීල පත් ගත්ත රජයනේ …….අන්තිමට ජාති ආලෙත් නැතුව කැලෙත් නැතිවෙලා බඩු මිලත් නැගල බේතුත් ගණන් ගිහින් ඉන්නවා මදිවට නීතියක් රීතියක් නැතිව හිතු මතේට වැඩ කරන්නත් පටන් ගන්නකොට සැපද කියල අහන්න එපාය ………

      • Sira says:

        Gedara Undagen hodei neda

  2. Theeraka says:

    One solution left. Elect most suitable fifty members for the legislative council and a panel of three presidents for the Executive each having same authority. This will eliminate one man’s decision making process. The current situation is not viable anymore!

  3. GAMINI SENANAYAKE says:

    රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේ ම සාමූහික වගකීමක් තියෙනවා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ස්වාධීනව වැඩ කරන්න පුළුවන් රාජ්‍ය පරිසරයක් නිර්මාණය කර ගන්න. පහුගිය කාලයේ ඕගොල්ලො ඡන්දෙ දීලා හදා ගත්තා ආණ්ඩුව තමයි මේක කරන්නේ. නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියලා කෑගැහුවාට ඇති වැඩක් නෑ. ඔය කියන සමහර නිලධාරීහු ඔය දූෂණයට හවුල් වෙලා ඉවරයි. මොකද රටම  දූෂණයෙන්  පිරිලා. එකක් දෙකක් හරියට, වගේම එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉතා සුළු පිරිසක් මේ නිවැරැදිව කටයුතු kaලත් මේ සමස්තය වෙනස් කරන්ඩ බෑ.

  4. Mallika says:

    Samastha rajya arda rajya siyallama eksathwa sathi dekama Weda warannarata winasayi deyyo munta hena wedewa

  5. Public Servant says:

    Mardanaya keriya yuththe raajya niladareen nowa, athdakeem saha palapurudu nathiwa, rajjya aayathanawala mulputuwalata path karapu niladarrewai!

  6. Love nature says:

    අමතක ක‍රන්න එපා රාජ්‍ය නිලධාරින්ගේ දුෂණ ගැනත් ටිකක් කතා ක‍රන්න.

  7. ටකරමා says:

    රාජ්‍ය නිළධාරීන් වන උඹල ගැනත් අපි හොඳට දන්නව අඳුනනව. බහුතරයක්ම උඹලත් දූශිතයො. යහපාලනය තියෙද්දි උඹල තරම් හොරු තවත් හිටියද දන්නැහ. ඒ නිසා ආණ්ඩුව බය කරන්ඩ උඹලට කොහොමවත් බැහැ. යහපාලනේදිත් උඹල ඔහොම කෑ ගැහුවද?
    උඹලට ඕන විදියට ආණ්ඩු ගෙනියන්නත් බැහැනෙ.

Leave a Comment

Main News