පොහොට්ටු පෙරමුණ එළි දැක්වෙයි.. කොළඹ මහ උත්සවයක්..

December 3, 2017 at 10:00 am | lanka C news
පොහොට්ටු පෙරමුණ එළි දැක්වෙයි.. කොළඹ මහ උත්සවයක්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සෙසු පක්‍ෂ පුළුල් පෙරමුණක් ලබන සතියේ පිහිටුවීමට නියමිතය.

ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශාල උත්සවයක්ද සූදානම් කර ඇත.

එහිදී මෙම නව පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එහිදී දේශපාලන පක්‌ෂ අතර අවබෝධතා ගිවිසුම්ද අත්සන් කිරීමටද නියමිතය.

පොහොට්ටුව ලකුණින් එලි දැක්වෙන නව පෙරමුණට එක්‌වන්නැයි ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ටද ආරාධනා කරන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.

නව පෙරමුණ රට පුරා පළාත් පාලන ආයතන 341 ටම තරග කිරීමටද කටයුතු සූදානම් කරමින් තිබේ.

252 views

7 Comments to “පොහොට්ටු පෙරමුණ එළි දැක්වෙයි.. කොළඹ මහ උත්සවයක්..”

  1. ශ්‍රියාලතා says:

    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!

  2. CONGRATULATIONS & CELEBRATIONS!!!! Great job…..well done….jaya wewaaaaaaaaa!

  3. cim says:

    ubalama oka thiyaganin, SLFP api ape pakshayata jandaya denawa,

  4. Karu says:

    පොන්නසේකා ආන් පරල වෙලා.

  5. Open mind says:

    අවංක….පිරිසිදු….කට්ටිය මේ සංවිධානය ට එකතු වෙයි කියල විශ්වාස කරනවා.ප්රාර්ථනා කරනවා.

  6. bandu says:

    After the elections better for all the rouges like MR & Co to be ready to taste the HIRABATH. Get vanished in the Jail.

Main News