පොහොට්ටු ප‍්‍රාදේශීය සභා 03ක අයවැය පරාදයි.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම විරුද්දව ඡන්දය දෙති..

November 13, 2020 at 1:20 pm | lanka C news
පොහොට්ටු ප‍්‍රාදේශීය සභා 03ක අයවැය පරාදයි.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම විරුද්දව ඡන්දය දෙති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන තුනක අයවැය ඊයේ දිනයේ පරාජයට පත්වී තිබේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව, ජාඇල ප්‍රාදේශීය භාව යන පළාත් පාලන ආයතන වල මෙසේ අයවැය පරාජයට පත්වී ඇත.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු සිටියද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පමණි.

ජාඇල ප‍්‍රාදේහීය සභාවේ මන්ත්‍රීවරු 47 දෙනකු සිටින අතර ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 23 දෙනා අතර 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා 18-27 ලෙස අයවැය පරාජයට පත්වී තිබේ.

අම්පාර නගර සභාවේ අයවැය පරාජය වී තිබුණේ 12-06 ලෙසයි. එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

51,834 views

9 Comments to “පොහොට්ටු ප‍්‍රාදේශීය සභා 03ක අයවැය පරාදයි.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම විරුද්දව ඡන්දය දෙති..”

  1. saman says:

    එහෙම වෙන්න දෙන්න බෑ. කොහොම හරි දිනාගන්න ඕනේ. නැත්නම් රට් දියුනු කරන්න අමාරුයි.

  2. Priyankara says:

    Kohomahari A palath wala janathawa, honda miniaau tikak balayata yawala thiyenawa.

  3. Cim says:

    Well-done

  4. Upa says:

    Perahara patan gatta wage 😉

  5. sunimal says:

    පළාත් පාලන ආයතන කියන්නේ හොර ගුහාවල් හැම එකාම බලන්නේ තමන්ගේ මඩිය තරකර ගන්න ජනතාවට ගමට මුන් කිසිම දෙයක් ක‍රන්නේ නැහැ මෙය වෙනස් විය යුතුය.

    • Love nature says:

      පොහොට්ටුවේ දේශපාලකයින්ගේ අනුවන තීරණ නිසා ඔවුන් ජනතාව අතර අප්‍රසාදයට පත් වෙමින් පවතී ..අන්තවාදී මුස්ලිම් ජනතාව සමග පොහොට්ටුව දක්වන මිත්‍රත්වය එයට හේතුවයි
      13 ව්‍යවස්ථාවෙන් ඉන්දියාව අපේ රටට බලෙන් පැටවූ පළාත් සභා අහෝසි කලයුතුයි

  6. Osmand says:

    මේ නාඩගම් වැඩකට නැති මහජන මුදල් විනාශ කරන මෝඩයෝ පින්න් ගසන පලාත් සහ ප්‍රාදේශීය සභා ලංකාවට අනවශ්‍යයි. වහාම අහෝසි කර රජයේ මුදල් වියදම අඩුකර ගත හැකිය.

  7. senanayake says:

    samahara wita kalin karapu hora mara kam karanna beri nisa wenna berida?

Main News