පොහොට්ටු බලයෙන් ආණ්ඩුවේ හා ශ‍්‍රීලනිපයේ බලය අල්ලන්න සියල්ල සූදානම්..

December 31, 2017 at 1:20 pm | lanka C news
පොහොට්ටු බලයෙන් ආණ්ඩුවේ හා ශ‍්‍රීලනිපයේ බලය අල්ලන්න සියල්ල සූදානම්..

ඉදිරි පළාත් පාලන මැතිවරණය පොහොට්ටුව ජයග‍්‍රහණය කිරීමත් සමග ආණ්ඩුවෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙත් බලය අල්ලන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික්් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෙම පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව ජනප‍්‍රියත්වය මැන බලන ජන මත විචාරණයක් බව පැවසූ රණතුංග මහතා සිය මන්ත‍්‍රී ධුරය අහෝසි කළද තමන් මෙවර රට වෙනුවෙන් පොහොට්ටුවේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වන බවද අවධාරණය කලේය.

මිනුවන්ගොඩ උඩුගම්පල රේජී රණතුංග සමරු සම්මන්ත‍්‍රීණ ශාලාවේදි අද (31) පැවති රැස්වීමකදි ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය. මිනුවන්ගොඩ මැතිවරණ බල ප‍්‍රදේශයේ දේශපාලන ක‍්‍රියාකාරීන් දැනුවත් කිරීම සදහා රැස්වීම කදවා තිබුනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මේසේද කිවේය.

රනිල් මෛත‍්‍රී දෙමුහුන් ආණ්ඩුව යටතේ අද මේ රට විනාශ වෙලා ඉවරයි. මේ විනාශය නතර කරන්න පුළුවන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට විතරයි. ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න සමහර උදවිය අද කියනවා. ගමේ බලය තමන්ට දේනන කියලා ඔවුන් මේ ගමේ බලය ඉල්ලන්නේ රට විනාශ කලා වගේ ගමත් විනාශ කරන්නයි. රටට ගමට ආදරය කිරන කිසිවෙක් පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්‍ෂයට හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ඡුන්දය දෙන්නේ නැහැ. පහුගිය වසර 2 කියන්නේ මේ රටේ ඉතිහාසයට එක්වූ ඛේදනීයම යුගයයි. මෙ කාලය තුල අපේ රට වසර ගනණාවක් ආපස්සට ගියා රනිල්, මෛත‍්‍රී ආණ්ඩුව මේ රට ගොඩ ගන්නා බව කිව්වාට කලේ රට අගාදයට ගෙනයන එකයි.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර තිබුණු ගිවිසුම අවසන් වුනේ පහුගිය අගෝස්තු මාසයේදි හැබැයි. එක්සත් ජාතික පක්‍ෂයට කඬේ යන අපේ පක්‍ෂයේ සභාපතිතුමා එවේලාවේ. අපේ මැති ඇමතිවරුන්ට කිව්වා ආණ්ඩුවෙන් ඉවත්වෙන්න දෙසැම්බර් 31 වෙනකං ඉන්න කියලා. දැන් ඒ දිනයත් පහුවුනා හැබැයි කටුසුප්පු කරන ශ‍්‍රී.ල.නි.ප. ඇමතිවරුන් කියනවා. දැන් ආන්ඩුවෙන් ඉවත් වෙන එක තීරණය කරන්නේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ කියලා. ලැජ්ජා නැති කම දෙමුහුන් ආණ්ඩුවේ ඇමතිකම් වලටත් වඩා ලොකු බවයි. මේ කෙන් තෙරෙන්නේ බණ්ඩාරණායක මහත්තයා එක්සත් ජාතික පක්‍ෂයෙන් එලියට බැස්සේ තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්තිවලට එකඟ විය නොහැකි බවයි. හැබැයි අද අපේ පක්‍ෂයේ ඉන්න නායකයෝ හරි කැමැත්තෙන් එක්සත් ජාතික පක්‍ෂයක් එක්ක දීග කනවා. එක්සත් ජාතික පක්‍ෂයක් එක්ක දීග කමින් 2020 දි ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් පිහිටුවන බවට තෙපර බානවා. හැබැයි. අපි අහන්නේ මේ දේශද්‍රෝහී එක්සත් ජාතික පක්‍ෂයක් එක්ක එකට යහන්ගත වෙමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් පිහිටුවන්නේ කොහොමද දැන් ශ‍්‍රී ලංකා එක කරන්න ඕනෑ කොන්ද කෙලින් තියෙනවා නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන එකයි. එහෙම නැත්නම් අපේ ආදරණීය පක්‍ෂය ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන එක වලක්වන්න කිසිවෙකුට බැරි වෙයි. මේ තත්වයට වග කියන්න ඕනෑ වර්තමානයේ පක්‍ෂයේ සභාපතිවරයා සහ ධුරදාරීන්.

සමහරු අපෙන් අහනවා. මේ මැතිවරණයේදි ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්ද කියලා. අපි බොහොම පැහැදිලි කියන්නේ මේ මැතිවරණ ප‍්‍රතිඵළයත් එක්ක අපි මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි. එදාට මේ රටේ අගමැතිවරයා වෙන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා අපි මේ සටන් කරන්නේ මහින්ද අගමැති කරන්නයි. ඒ සදහා අපට උපාය උපක‍්‍රම තිබෙනවා. මහින්ද අගමැති කරන්න නම් මේ පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුවේ ජයග‍්‍රහණය අනිවාර්්‍යයි. ඒ නිසයි අපි කියන්නේ මේක තීරණාත්මක සටනක් රනිල්, මෛත‍්‍රී දේශද්‍රෝහි වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන්න තවදුරටත් ඉඩ දෙනවද කියන එකයි මේකෙන් තීරණය කරන්නේ.

පොහොට්ටුවට වැඩ කලොත් මන්ත‍්‍රී කමෙන් එලවනවා කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතමුන් අපට තර්ජනය කරනවා. අපි ඔය තර්ජන ගර්ජන වලට බය නැහැ යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නෙත් නැහැ. ඔය කියන ඕනෑම දෙයකට මුන දෙන්න අපි ලෑස්තියි. එදා මම මහින්ද වෙනුවෙන් නුගේගොඩ වෙදිකාවට නැග්ගෙත් අද මේ කටයුතු කරන්නෙත් ඕනෑම අභියොගයකට මුහුණ දෙන්න සුදානම්වයි. ඒ නිසා යූ.එන්.පී. එකත් එක්ක මුක්කු ගහලා ඉන්න අයගේ තර්ජනවලට බයේ අපේ ගමන නතර කරන්න අපි ලැස්ති නැහැ. මන්ත‍්‍රී කම් නැති වුනත් අපි මෙවර පොහොට්ටුවේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වෙනවා.

මේ මැතිවරණය ආණ්ඩුවට අභියෝගයක් රනිල් මෛත‍්‍රී හවුලට බරපතල අභියෝගයක් ඒ නිසා තමයි පහුගිය කාලේම ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලලා දැම්මේ මේ මැතිවරණය අපි ගත්තේ බලෙන් ආණ්ඩුව මැතිවරණය දුන්නේ කැමැත්තෙන් නෙවෙයි. මේ මැතිවරණයේදි ආණ්ඩුව දන්නවා තමන්ට යන එන මං නැති බව ඒ නිසයි. විවිධ උපපරවැට්ටි යොදන්නේ අපිව නවත්වන්න.

පෙබරවාරි 10 වෙනිදාට මේ රටේ අනාගතය තීරණය වෙනවා. මේ වෙනකොට මේ රටේ ජනතාව තීරණය කරලා ඉවරයි. මේ දේශද්‍රෝහී ආන්ඩුවේ ගමනට නැවතීමේ තිත තියන්න. ඒ වෙනුවෙන් පොහොට්ටුව වටා ජනතාව පෙළ ගැසිලා ඉවරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

172 views

24 Comments to “පොහොට්ටු බලයෙන් ආණ්ඩුවේ හා ශ‍්‍රීලනිපයේ බලය අල්ලන්න සියල්ල සූදානම්..”

  1. Saman says:

    Hinenda mathayo? Minusva gonata andavana apa.

    • Real Man says:

      Hello Saman ,

      Do you think that this government should exist further?
      Are you not a Srilankan or are you blind and deaf?
      Don’t be a fool by supporting this Horikada Government.

    • Srilankan says:

      Saman …
      Are you a Mongal?

    • Katin says:

      Do you know that 50%of the Yahapalana voters are now against the Government?
      We want MR back to rearrange the country.

    • ගජබා says:

      උඹත් අර 62,00,000 බත්කන හරකෙක් නේද?

      • Gu says:

        1500 ta Liyana ekek.1 weni comments daanna mun news ekak daanakan balagena inne…

        Munta wada ganikaawo hodai

      • Gu says:

        1500 ta Liyana ekek.1 weni comments daanna mun news ekak daanakan balagena inne…

        Munta wada ganikaawo hodai

      • Laksa 62 says:

        ලක්ෂ 58 එවුන් කන්නෙ රාජපක්සලගෙ 💩💩

    • ප්‍රබා says:

      මෙන්න අද අහන දේවල්…

      එලිලන් නැමැති කොටි මිනීමරුවාගේ බිරිය වූ ආනන්දි සෂිතරන් නාගවිහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සංහිඳියා ප්‍රහාරයක්‌ එල්ල කලා.. ?? එනම්..
      ආදාහන පූජෝත්සවය තුළින් “”ද්‍රවිඩ නිජබිමේ”” සිංහල බෞද්ධ අන්තවාදය ස්‌ථාපිත කිරීමට උත්සාහ කරන බවට අවමන් සහගත ප්‍රකාශයක්‌ කළාය.
      ඒකටත් උඹ ඉහලින්ම සතුටු වෙනවා ඇති නේද SAMAN…

  2. Upali says:

    වපුරන්න ඉඩම ලෑස්ති කගන්න ත් කලිම්ම අමුඩ ගහන්න හදනවා. මෝඩ කතා.

  3. padasira says:

    ලොක්කා හෙට ඉඳන් කඩුව බටේ දමාගෙන කතා කරයි ඡන්දෙට…

  4. Mamath UNP says:

    Hebei api danna goviyo nam vapuranna idama sudaanam kaleth amude gahagenama thami. Ape niyama goviyo kalisam endala idam hoyala chuingam kaala bracelet dagena idam hoyala antimata amude gahagena vepiruwa kiyala nam api ahala nehe.

  5. lion says:

    රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවකට මහින්ද රාජපක්ෂගේ සහාය නො ලැබෙන හෙයින් කළ යුතු එකම දෙය වන්නේ මහින්ද රාජපකෂ සතු ඡන්ද පදනම කොසේ හෝ පැහැර ගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද පහසුවෙන් මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කඩා ගැනීම සිදු කළ නො හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ රනිල් වික්‍රමසිංහට මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කෙසේවත් කඩා ගත නො හැකිය

  6. Prasad says:

    Moda Samantha therenne nehe ewa. Balannako dinuhama eka wena hetida

  7. Aurora says:

    මහජන බලය අනිත් සියලුම බලයන්ට වඩා බලවත්. අලුත් ජනවරමක් පොහොට්ටුව ගත පසු දැන් රටවටේ කියව කියවා යන වාචාල කතා නතරකරගන්න සිද්ධවෙනවා. ලෝකේ කිසිමකෙනෙක් යහපාලානේ පිළිගන්නේ නැති වෙනවා. එකේ ප්‍රතිපලයනම් ගෙම්බා වගේ රටතුලටම වෙලා ඉන්න වෙනවා. යහපාලනෙට ඕනෑවිධියට රටතුල මර්ධනකාරී නීති ක්‍රියාකරණ එක අඩාලවෙනවා. මහජනතාවට පීඩා සිදුවන දේවල් කලොත් පාරේදී හූව කන්න වෙනවා අනිවාර්යෙන්ම. අගමැතිටත් පාර්ලිමේන්තුවේ බඩ වන වන ජෝක් දාන්න බැරිවෙනවා. එහෙම කලොත් සුද්දසින්හලෙන් එහනදීම අහගන්න පුළුවන්. බලුවෙලා ආණ්ඩුවේ ඉන්නවට වඩා ගෙදර යනඑක ගෙදර ගැණීම කියවී. තව කොච්චරක්ද?

  8. lion says:

    ජය පතමු රට බෙදන අය රටින් පන්නමු

  9. Sunil says:

    පෙබරවාරි 10 වෙනකන් ඉවසලා හිටපන් බඩෝ උඹලගෙ බුරුසු රැවුලයි උගෙ හොරු රැලයි දේශපාලනිකව වැලලෙන දවස එදා තමයි

  10. David Milli-Banda says:

    Americans will show the kaduwa to Sira & Sri Lanka in January 2018.
    Sira are you ready with pen and paper???????????

    Who abducted the Russian Hacker ? CIA or KGB ? …. Sira and the CID clueless.

Main News